Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පොල් ගෙඩි 10ට ජාතිවාදය අවුස්සන්න දෙන්න එපා මරික්කාර් ජනතාවගෙන් ඉල්ලයි

‘වෙහෙර විහාර හදපු මම රහසින්වත් ජාතිවාදියෙක් නෙමෙයි’ අවාසනාවට ආපු ගංවතුර කොළොන්නාව ජනතාවගේ වාසනාව බවට පත් කර ගන්න කටයුතු කරන බව එජාප පාර...

‘වෙහෙර විහාර හදපු මම රහසින්වත් ජාතිවාදියෙක් නෙමෙයි’

අවාසනාවට ආපු ගංවතුර කොළොන්නාව ජනතාවගේ වාසනාව බවට පත් කර ගන්න කටයුතු කරන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා මහතා පවසනවා.

ඔහු මේ අදහස් ප‍්‍රකාශ කර සිටියේ කොලොන්නාවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටියේ,

‘පසුගිය දින ඇතිවූ ගංවතුර නිසා කොළොන්නාව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දළ වශයෙන් පවුල් 20000 ක් මේ නිසා පීඩාවට පත් වුනා. විශේෂයෙන්ම කොළොන්නාව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග‍්‍රාම නිලධාරී වසම් 36 ක් යටවෙලා. ජන ජීවිතය සම්පූර්ණයෙන්ම කඩන් වැටිලා, දරුවන්ගේ අධ්‍යාපන විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. ඇදිවත පමණක් ඉතිරිවයි බොහෝ ජනතාව ජීවිතය බේරගෙන තියෙන්නේ. මේ වන කොට ගංවතුර කොළොන්නාව ප‍්‍රදේශයෙන් බැහැලා ගියත් තවමත් කදවුරු වල හා ඥාතීන්ගේ ගෙවල්වල ජීවත් වෙන ජනතාව සිටිනවා.

දැන් මේ පිරිසෙන් කොටසක් නිවාස වලට යමින් සිටිනවා. මේ ජනතාවට ලූණු පැකට් එකේ සිට හැමදේම දැන් අලූතින් ගන්න වෙලා තියෙනවා. වතුර බැහැලා ගිය ගෙවල් පිරිසිදු කරලා විදුලිය ජලය දුරකතන මාර්ග යථා තත්වයට පත් කරලා මේ කටයුතු කරලා ඔවුන්ව නැවත පදිංචි කරවීම. ආපදා වලට ලක් වූවන්ට වන්දි ලබා දෙන්න ක‍්‍රම වේදයක් සැකසීම වගේම දැනට ගෙවල් වලට යන විට අත්තිකාරම් මුදලකුත් සම්පූර්ණ ගණනය කිරීමෙන් පසු අනික් මුදලත් ලබා දෙන්න කටයුතු කරනවා. එමෙන්ම අඩු ආදායම් ජනතාවගේ ජීවනෝපාය  නැවත නගා කටයුතු කරනවා. ඒ වගේම පොත්පත් නැතිව, නිල ඇදුම් නැතිව අසරණ වුන පාසල් දරුවන්ට මූලික පහසුකම් ලබා දී අධ්‍යාපන කටයුතු කඩිනමින් ආරම්භ කරන්නත් කටයුතු කරනවා. ඒ නිසා අපේ මේ අවාසනාවට ආපු ගංවතුර කොළොන්නාව ජනතාවගේ වාසනාව බවට පත් කර ගන්න ඉදිරි මාස 3 තුළ ක‍්‍රියාත්මක විය යුතුයි. මට විශේෂ වගකීමක් තියෙනවා මේ තත්වය තුළ යුහුසුව හා කඩිනමින් කටයුතු කරලා තව අවුරුදු 50 කට වත් අමානුෂිකත්වයෙන් ජනතාව පීඩාවට පත් නොවෙන්න වැඩකටයුතු සිදු කරන්න අවශ්‍යයි.’ යනුවෙනි.

පසුගියදා එස්.එම්.මරික්කාර් මහතා ජාතිවාදියකු බව වෙබ් අඩවි වලින් සිදු කෙරුණු ප‍්‍රචාරය ගැනද මෙහෙදී අදහස් පළ කරන ලදී.

‘මේ බාධක අවස්ථාවලදී යම් යම් ජාතිවාදය ඇවිස්සීමේ වැඩ කටයුතු සිදු වෙමින් පවතිනවා. ජාතිවාදය ඇවිස්සෙන වැඩ කටයුතු සිදුවෙමින් පවතිනවා. ජාතිවාදය පතුරුවන මිනිස්සු කොළොන්නාව ජනතාව අසරණ වූ වේලාවේදී  හාල් පැකට් එකක් ගෙනල්ල පොල් ගෙඩි 10  ක් දීලා මේ ආසනය ඇතුලේ ජාතිවාදය පතුරුවන්න උත්සහ කරන්න. මේ අවුරුදු 39 ටම මං රහසින්වත් ජාතිවාදියෙක් වෙලා නෑ. මොකද හේතුව සිංහල පාසලක ඉගෙන ගත්ත, සිංහල යාලූවෝ හිටිය, සිංහල මාධ්‍ය ආයතනයක ප‍්‍රධානියෙක් වෙලා හිටපු, සිංහල සංස්කෘතිය හොදට දැන හදුන ගත්ත පුද්ගලයෙක් ලෙස මේ සියලූ ජනතාව මාව පිළිගන්නවා.

මෙම ප‍්‍රදේශය තමයි සිංහල,ද්‍රවිඩ, මුස්ලිම් හා වෙනත් ජනකොටස් සහයෝගයෙන් සහ ජීවනයෙන් ජීවත්වන ප‍්‍රදේශයක් ඒ නිසා තමයි පිරිසිදු ශ‍්‍රී ලාංකිකයෙක් හැටියට මං මේ තැන තෝර ගත්තේ. මේ හොරිකඩ දේශපාලකයින්ගේ ක‍්‍රියා මං හෙලා දකිනවා. පසුගිය අවුරුදු දෙකේ මගේ විමධ්‍යගත අරමුදල් වැඩිපුර ලබා දුන්නේ වෙහෙර විහාරස්ථාන වලට, මං වැඩියෙන්ම වැඩකලේ සිංහල මිනිස්සුන්ට , පසුගිය පළාත් සභා හා පාර්ලිමේන්තු මැතිවරණයේදී බහුතර සිංහල ජනතාවක් මට ඡුන්දය දීලා තියෙනවා ඒ මිනිස්සුන්ගේ විශ්වාසය මං රැුකලා දෙන්න අවශ්‍යයි. මට  ඕනෑම චෝදනාවක් එල්ල කළාට කමක් නෑ. ජාතිවාදියෙක් කියන චෝදනාව විතරක් එල්ල කරන්න එපා.’

No comments