Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අර්ජුන අජූතයි - වරාය කුජීතයි

මී යෙකු මරා දැමීම සඳහා ගෙවල් ගිනිතැබීම නොකළ යුතුය. එහෙත් කොළඹ වරායේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේත් වරාය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතාග...


මීයෙකු මරා දැමීම සඳහා ගෙවල් ගිනිතැබීම නොකළ යුතුය. එහෙත් කොළඹ වරායේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේත් වරාය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේත් කි‍්‍රයාකලාපය මීයන් මරා දැමීමට ගෙවල් ගිනිතැබීමක් බඳුය. නිවැරැුදි නායකත්වය, සාමූහික හැඟීමෙන් කි‍්‍රයා කිරීම, අන්‍යෝන්‍ය අවබෝධය, කණ්ඩායම් හැඟීම සහ නිවැරැුදි පුහුණුවීම්වල යෙදීම ඇතුළු හේතු ගණනාවක් හේතුවෙන් 1996 කි‍්‍රකට් ලෝක කුසලානය ශ‍්‍රී ලංකාවට දිනා දීමට අර්ජුන රණතුංග මහතා නායකත්වය දුන්නේය. ඔහු ලෝක පූජිත වූයේ එදාය. මේ ලෝක පූජිත කි‍්‍රකට් නායකයා දැන් වරාය ඇමැතිවරයාය. කි‍්‍රකට් ක‍්‍රීඩාවේ දැක්වූ සුවිශේෂී නායකත්වය දැන් ඔහුට දේශපාලන පිටියේ දී ලැබී ඇත. නමුදු කි‍්‍රකට් නායක අර්ජුන රණතුංගගේ හැසිරීමත් වරාය ඇමැති අර්ජුන රණතුංගගේ හැසිරීමත් වෙනස්ය.  කි‍්‍රකට් නායකයකුව සිටිය දී සුදුස්සා සුදුසු තැනට ස්ථානගත කරන්නට අර්ජුන දැන සිටියේය. දැඩි පීඩනය හමුවේ ඉවසීමෙන් කි‍්‍රයා කරන්නටත් දක්ෂතාව මත අවස්ථාව ලබා දීමටත් සහෝදර හැඟීමෙන් කි‍්‍රයා කරන්නටත් ඔහු දැන සිටියේය. වරාය අමාත්‍ය අර්ජුන රණතුංග  මහතා ඒවා දන්නේ නැත. ශ‍්‍රී ලංකාවට ලෝක කුසලානය දිනා දීම සඳහා තම මව කි‍්‍රකට් පාලක මණ්ඩලයේ උපදේශිකාවක කිරීමට අර්ජුන රණතුංග කි‍්‍රයා කළේ නැත. සිය කණ්ඩායමට තමන්ගේ සහෝදරයකු ඇතුළත් කරගැනීමටත් පුහුණුවක් පවා නොමැති සාමාජිකයන් සමඟ ක‍්‍රීඩා කරන්නටත් අර්ජුන කි‍්‍රයා කළේ නැත. වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊට හාත්පසින්ම වෙනස්ය.

ඇමැති අර්ජුන රණතුංගගේ විවේචනය

‘‘පසුගිය කාලයේ දී වරාය හොරකමින්, ¥ෂණයෙන් සහ භීෂණයෙන් පිරුණු තැනකි. 2015 ජනවාරි පළමු වන දා වන විට වරායේ සමස්ත ණය ප‍්‍රමාණය ද රුපියල් මිලියන දෙලක්ෂ හයදාස් දෙසිය හැත්තෑවක් විය. සේවකයන්ට තමන්ගේ වගකීම් නිදහසේ ඉටු කර ගන්නට අවැසි කාර්මික සාමයක් මේ වරාය පරිශ‍්‍රයේ නොවීය. වරායට ලැබිය යුතු ආදායම් ඇතැම් පුද්ගලයන්ගේ සාක්කුවල පිරිණි. සේවකයන්ගේ සුබසාධනය සහ වැටුප් වැඩි කිරීම් බොරු පොරොන්දුවලට පමණක් සීමා විය. අමාත්‍යාංශයේ සිටින අමාත්‍යවරයකු නොවීය. වරාය සේවකයන්ට වරාය අමාත්‍යවරයා ඍජුව හමුවී ස්වකීය ගැටලූ ඉදිරිපත් කිරීමේ අවස්ථාව ද නොවීය. දේශපාලන පක්ෂවල පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් පෝස්ටර් ඇලවීමටත් පිකටින්වලට සහභාගී වීමටත් වරාය සේවකයන්ට සිදු විය. එකල මේ වරාය හැඳින්වූයේ ‘යම පාලනය’ රජකරන අශුද්ධ ස්ථානයක් ලෙසිනි. වරාය අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුව මා මුහුණ දුන් විශාලතම අභියෝගය වූයේ ද මේ අශුද්ධ ස්ථානය ශුද්ධ ස්ථානයක් බවට පත්කිරීමයි.’’ අර්ජුන රණතුංග මහතා එසේ කීව ද යහපාලනයේ නාමයෙන් දැන් වරාය තුළ  පවතින්නේ අර්ජුනගේ පවුල් පාලනයේ අත්තනෝමතික තත්ත්වයයි. චෝදනාව කරන්නේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවයි.

වරායේ පවුල් පාලනය

වරාය ඇමැති අර්ජුන රණතුංග මහතාය. වරාය සභාපති ධම්මික රණතුංග හෙවත් අර්ජුන රණතුංග මහතාගේ අයියාය. වරාය උපදේශිකා නන්දනී රණතුංග අර්ජුන රණතුංග මහතාගේ මවය.
වරාය විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා පත්කර ඇත්තේ වරාය අධිකාරී පනතට මුළුමනින්ම පටහැනිවය. වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව පෙන්වා දෙන්නේ මෙම පත් කිරීම මඟින් 1979 වසරේ ස්ථාපනය වූ වරාය පනත අමාත්‍යවරයා විසින් උල්ලංඝනය කර ඇති බවයි. වරාය අධිකාරී පනත සම්මත වූ අවස්ථාවේ පටන් වරාය අධිකාරියේ සභාපති ලෙස පත්කර ඇත්තේ අවම වශයෙන් උපාධිධාරියකු, නීතිඥයකු, වෛද්‍යවරයකු හෝ ඉංජිනේරුවරයකු හෝ පරිපාලන ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෙකි. වරාය අධිකාරියේ පළමු සභාපති වූ  බිමල් අමරසේකර මහතාගේ සිට දින 100 ආණ්ඩුවේ අර්ජුන රණතුංග මහතා විසින් පත් කළ ආචාර්ය ලක්දාස් පනාගොඩ මහතා දක්වාම සියලූ සභාපතිවරුන් පත්කර ඇත්තේ වරාය පනතේ නිර්ණායකයන්ට අනුවය.  එහෙත් ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ දී වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මල්ලියා විසින් සිය අයියා වරාය අධිකාරියේ සභාපති ධුරයට පත් කරන්නේ වරාය අධිකාරියේ කටයුතු මෙහෙයවීමට මූලික සුදුසුකමක් හෝ නොමැති පසුබිමකය.

යෝජනාව සහ චෝදනාව

අර්ජුනගේ මේ අත්තනෝමතික කි‍්‍රයාවට ඇඟිල්ල දිගු කරන ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයෝ ද මේ වැරැුදි පත් කිරීමට වගකිව යුතුය. ‘‘කලක දී රස කලක දී වස වෙනවාලූ.’’ කියන්නා සේ අර්ජුන රණතුංග මේ වැරැුදි කි‍්‍රයාවට පොලඹවා ඇත්තේ ද ඇතැම් වෘත්තීය සමිතිය.

ඒකාබද්ධ වෘත්තීය සමිති සංසදයේ ඉල්ලීම

2015 ඔක්තෝබර් 10 වන දින අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරන ඒකාබද්ධ වෘත්තීය සමිති සංසදය සිය ලිපියේ මෙවැනි වගන්ති සඳහන් කළේය.
‘‘ඔබතුමා ආගමනය තුළ සිදු වූ දේශපාලන පරිවර්තනය හේතුවෙන් මේ වන විට  අප ආයතනයේ කටයුතු මනා පරිපාලනයකින් හා විනිවිද භාවයකින් යුතුව වඩාත් සුබවාදීව දියුණුව කරා පියනගමින් සිටී. එයට මූලික හේතුව අප ආයතනය සඳහා යොමු කරන ලද අමාත්‍ය ගරු අර්ජුන රණතුංග ඇමැතිතුමාගේ කැපවීම හා අප‍්‍රතිහත ධෛර්යයයි’’ පසුගිය ජනාධිපතිවරණයෙන් පසු ගොඩනගන ලද දින 100 රජයේ ගරු වරාය අමාත්‍යවරයා වශයෙන් පත් කළ ‘‘මේ යුග පුරුෂයා’’ නැවත පත්කිරීම සම්බන්ධයෙන්  ගරු ඔබතුමාට ස්තුතිවන්ත වන අතර එතුමාගේ නිර්දේශය මත අප ආයතනයේ අභිනව සභාපතිවරයා ලෙස යෝජනා කර ඇති ජාත්‍යන්තර ආයතන කීපයක අධ්‍යක්ෂවරයකු ලෙස මනා පරිපාලන හැකියාවකින් සහ අප ආයතනය සඳහා අත්‍යවශ්‍ය ජාත්‍යන්තර අත්දැකීම්වලින් පෝෂිත කීර්තිමත් පවුල් පසුබිමක් සහිත ගරු ඇමැතිතුමාගේ අදහස් හා උපදෙස් අනුශාසනා පිළිබඳ මනා අවබෝධයකින් සමන්විත ධම්මික රණතුංග මහතා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර අදාළ තනතුර සඳහා පත්කර අප ආයතනයට වඩාත් සුබදායී අනාගතයක් සලසා දෙන මෙන් ගෞරව බහුමානයෙන් යුතුව ඔබතුමා වෙත සැලකර සිටිමු.’’
මෙම ලිපියට අත්සන් කර තිබුණේ, ජාතික සේවක සංගමය, ප‍්‍රගතිශීලී ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය වරාය සේවක සංසදය හා ශී‍්‍රලනිප ගම්පහ දිස්ත‍්‍රික්කය. ස්වාධීන වරාය සේවක සංගමය, ටග්යාත‍්‍රා ස්වාධීන සේවක සංගමය, ගොඩබෑම් සහ භාරදීම්
ලිපිකරු සංගමය, සහකාර ගබඩා භාරකරුවන්ගේ සංගමය යන වෘත්තීය සමිතිය. දැන් ඉතින් පැහැදිලි වන්නේ අර්ජුන කරන ලද වැරැුද්දට පනහට පනහක් වශයෙන් වෘත්තීය සමිති විසින් ද වගකීම භාරගත යුතු බවයි.

ප‍්‍රශස්ති වෙනුවෙන් වරදාන දුන්නාද?

ධම්මික රණතුංග මහතා වරාය සභාපති ධුරය සඳහා පත්කරන ලෙස වෘත්තීය සමිති ඉල්ලා සිටියේ ඔවුන්ට වරදාන හා වරප‍්‍රසාද ලැබුණු නිසාද යන්න දැන් පැහැදිලි කරගත යුතුය.
2015.07.29 වන දින ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයත් ජාතික සේවක සංගමයත් නියෝජ්‍ය ප‍්‍රධාන කළමනාකරු (පරිශ‍්‍ර* අමතා යොමු කරන ලද ලිපිවලින් ඉල්ලා ඇත්තේ අදාළ සේවක සංගම් සඳහා වරාය නිල නිවාස ලබා දෙන ලෙසයි. ඉල්ලීමට ප‍්‍රතිචාර වශයෙන්  ජාතික සේවක සංගමයේ ලේකම් එම්.ජී.එම්.ඒ.එස්. බණ්ඩාර, ජාතික සේවක සංගමයේ සම්බන්ධීකරණ නිලධාරී මොහොමඞ් නසාන්, එම සංගමයේම ප‍්‍රධාන සංවිධායක ආර්.පී.ඞී.ජේ. ඉග්නේෂස් මහතාටත් වරාය පරිශ‍්‍රයෙන් V, VI,VII, යන නිත්‍ය ශ්‍රේණිවලින් නිවාස ලැබුණේය. ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප‍්‍රසන්න කළුතන්ත‍්‍රිගේ, ප‍්‍රධාන සංවිධායක ඩබ්.ජී.එස්. නිලන්ත, ප‍්‍රධාන ලේකම් ආරියදාස සතිපතා යන මහත්වරුන්ට ද අදාළ ශ්‍රේණිවලින්ම නිවාස ලැබුණේය.

ඇයි වාහන?

නිවාසවලට අමතරව වෘත්තීය සමිති කටයුතු පහසුකර ගැනීම සඳහා නිදහස් සේවක සංගමයට භ්5374 -58-7190 යන වාහන දෙකත් ජාතික සේවක සංගමයට ඡුඊ 1665, ඨක්‍ 9688 යන වාහන දෙකක් වරාය අමාත්‍යවරයා විසින් ලබා දී ඇත්තේය. මීට අමතරව මාසිකව මේ  වාහන සඳහා ඉන්ධන ලීටර් 200ක් ලබා දීමට ද කටයුතු කර ඇත්තේය.  අනවශ්‍ය කටයුතු සහ වරදාන ගිලීමෙන් වෘත්තීය සමිතිවලට ඒවා දිරවාගන්නට අපහසු වන බව අමුතුවෙන් කිවයුතු නැත.

වරාය බලපත‍්‍ර නිකුත් කරන ලෙස අයැදීම

ජාතික සේවක සංගමයේ සභාපති හා කෘත්‍යාධිකාරී මණ්ඩල සභික උදේනි ජේ.කළුතන්ත‍්‍රී මහතා 2016.03.17 දින වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා අමතන  ලද ලිපියෙන් ඉල්ලා සිටින්නේ වරාය පරිශ‍්‍රය මූලිකව ප‍්‍රවාහන කර්මාන්තයෙහි නියැළී සිටින බරවාහන කිහිපයක් සඳහා වරාය ගෙවීම් හා නීත්‍යනුකූල පසුබිම තුළ ඇතුළුවීමේ බලපත‍්‍ර ලබා දෙන ලෙසයි.
‘‘උක්ත ශීර්ෂය මූලිකව මාගේ හිතවතුන් කිහිප දෙනකු විසින් පහත අංක සහ විස්තර සඳහන්  ලැයිස්තු ගත ලේඛනයේ ඇති බරවාහන සඳහා වරාය පරිශ‍්‍රයට ඇතුළු වීමට බලපත‍්‍ර ලබා ගැනීමට ඇති අපේක්ෂාව සම්බන්ධයෙන් සහයෝගයක් බලාපොරොත්තු වන අතර මේ සම්බන්ධයෙන් ගරු ඇමැතිතුමා දැනුවත් කර මේ සමඟ ඔබතුමා වෙත යොමු කරවන ලැයිස්තුව සඳහා වරාය නියාමනයන්ට අනුකූලව වරාය බලපත‍්‍ර නිකුත්  කිරීමට අවශ්‍ය කටයුතු ඉටුකර දෙන මෙන් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි.’’ යනුවෙන් එකී ලිපියේ දැක්වේ.
වෘත්තීය අරගලවල නියැළෙමින් හිතවතුන්ට සංග‍්‍රහ කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කිරීම අවංකභාවය සහ විනිවිද භාවය ප‍්‍රශ්න කරන්නක් බව  අමුතුවෙන් කිව යුතු නැත. ඇතැම් විට ඇමැති අර්ජුන රණතුංග මහතා දඩමීමා කරගන්නේ ඇතැම් වෘත්තීය සමිති නායකයන්ගේ විනිවිද භාවයක් නැති නොමනා හැසිරීම් විය හැකිය.

වෘත්තීය සටන් ඇවිළේ

2016.03.30 වන දින ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට ලිපියක් යොමු කරමින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන් හට  මෙතෙක් නොවිසඳුණු ගැටලූ සම්බන්ධව කරුණු 23කින් සමන්විත ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කෙරිණි. ඉල්ලීම් 23 සම්බන්ධයෙන් අමාත්‍යවරයා එක් වතාවක් පමණක් වරාය සේවකයන්ට සාකච්ඡුාවක් ලබා දුන්නත් කිසිදු ප‍්‍රශ්නයකට විසඳුම් ලබා දීමට ඔහු කි‍්‍රයා කර  තිබුණේ නැත. තත්ත්වය මෙසේ තිිබිය දී 2015 වසරේ වරාය පාඩු ලබා ඇති බැව් සඳහන් කරමින් වරාය සේවකයන්ගේ ප‍්‍රසාද දීමනා කප්පාදු කරන්නට සිදු වන බව දන්වා ඇත. 2015 වසරේ වරාය පාඩු ලැබුවේ කෙසේදැයි වරාය සභාපතිගෙන් විමසා සිටියත් ඔහු ඊට පිළිතුරු ලබා දී තිබුණේ නැත.

ප‍්‍රසාද දීමනා කප්පාදුව

2016.03.31 දින අංක 07/2016 දරන චක‍්‍රලේඛය මඟින් රුපියල් 8291කින් 2016 වසරේ ප‍්‍රසාද දීමනා කප්පාදු කරන බව වරාය සභාපතිවරයා වෘත්තීය සමිතිවලට දැනුම් දුන්නේය. 2015 වසරේ ගෙවන ලද ප‍්‍රසාද දීමනාව රුපියල් 60150කි.  2016 වසරේ ප‍්‍රසාද දීමනාව ලෙස ගෙවීමට තීරණය කරනු ලැබ තිබුණේ 51859කි. මෙකී කප්පාදුවත් සමඟ වරාය වෘත්තීය සමිති 18ක් එකතුව ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවක් ගොඩනැගුවේය.  2016.04.04 වෘත්තීය සමිති එකමුතුව වරාය සභාපතිවරයාගෙන් සාකච්ඡුාවකට අවස්ථාවක් ඉල්ලා තිබුණේය. එදින පස්වරු 06.00ට සාකච්ඡුාවට පැමිණෙන ලෙස දැනුම්  දී තිබුණත් කැඳවීම් ලිපිය වෘත්තීය සමිතිවලට ලැබී ඇත්තේ රාත‍්‍රී 7.30 ඉකුත් වීමෙන් පසුවය. වෘත්තීය සමිති සඳහන් කරන්නේ  සභාපතිවරයා සේවකයන් මහ හැරීම සඳහා උප්පරවැට්ටියක් යෙදෙ වූ බවය.

අර්ජුනගේ තර්ජන

ප‍්‍රසාද දීමනා කප්පාදුව ඇතුළු ඉල්ලීම් මුල් කරගනිමින් වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීමට වරාය වෘත්තීය සමිති එකමුතුව 2016.04.05 වන දින වරායේ -- දොරටුව අසල අත්පත‍්‍රිකා බෙදාහරිනු ලැබීය.
ලෝක පූජිත කි‍්‍රකට් නායකයා ඉවසුම්සහගත යැයි කියූ යුග පුරුෂයා හෙවත් අර්ජුන රණතුංග එතැනට පැමිණ ඇත්තේ වියරු වැටුණු පුද්ගලයකු සේය. සේවකයන්ට මරණ තර්ජන එල්ලකොට ඇමැතිගේ ජංගම දුරකථනයෙන් සේවකයන්ගේ ඡුායාරූප ලබා ගත්තේය. යහපාලනයේ  නාමයෙන් වරාය සේවකයෝ ජීවිතාරක්ෂාව පතා මේ සම්බන්ධයෙන් මෝදර පොලීසියට පැමිණිල්ලක් කළේය. අමාත්‍යවරයාගේ තර්ජන හමුවේ ශ‍්‍රී ලංකා වරාය වෘත්තීය සමිති එකමුතුව ගොඩනැගුණේය. ප‍්‍රධාන වශයෙන් මේ සටනේ මූලික ඉල්ලීම් පහක් ඉදිරිපත් කෙරුණේය.

1. වාර්ෂික ප‍්‍රසාද දීමනාව රුපියල් 150,000 දක්වා වැඩිකර අපේ‍්‍රල් මස රු. 75000ක් ලබා ගැනීම.
2. ජයබහලූ දිරි දීමනාව අදාළ ශ‍්‍රමිකයන්ට සාධාරණ ආකාරයෙන් බෙදාදීම.
3. වරාය දේපළ සහ සේවාවන් පෞද්ගලීකරණය කිරීමට ගත් තීරණ වහා අහෝසි කිරීම
:න්‍ක්‍ඔ ෂ සහ ෂෂ* අදියර ටග්යාත‍්‍රා, සේවා සැපයුම් කොට්ඨාසයේ සේවාවන් නුවරඑළිය සංචාරක බංගලාව*
4. නව මානව සම්පත් සැලැස්ම බඳවාගැනීමේ පටිපාටිය තුළින් ඈත් වී ඇති විෂමතා වහා ඉවත් කිරීම
5. ලද්දුව හෙට්ටි කොමිසම් සභා වාර්තාව වහා යළි කැඳවා ¥ෂිත නිලධාරීන්ට දඬුවම් දීම යන ඉල්ලීම් ඒ අතර විය.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමය, ශ‍්‍රී ලංකා නිදහස් විපක්ෂයේ නිදහස් සේවක සංගමය, ජනතා විමුක්ති පෙරමුණේ සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති 19ක නිලධාරීහු මෙම ඉල්ලීම් ලිපියට අත්සන් කළේය. වෘත්තීය සටන අර්ජුන ඇතුළු වරාය බලධාරීන්ට පෙනුණේ කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් සේය. උද්ඝෝෂණ විරෝධතා සහ අකුරට වැඩ කිරීම හේතුවෙන් වරායේ කටයුතු අවුල්සහගත වූයේය. 2016.04.11 වන දින අගමැතිවරයා සහ වෘත්තීය සමිති නායකයන් අතර සාකච්ඡුාවකින් පසුව කපාදැමූ බෝනස් මුදල යළි අත්පත් කරගැනීමට ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව සමත් වූයේය. නමුදු අර්ජුන රණතුංග අමාත්‍යවරයාටත් වරාය සභාපති ධම්මික රණතුංග මහතාටත් දැන් බරපතළ චෝදනා අටකට උත්තර බඳින්නට සිදු වන බව වෘත්තීය සමිති එකමුතුව පෙන්වා දෙන්නේය.

1ග ෑක්‍ඔ පර්යන්තය පටන් ගැනීමට අපොහොසත් වීම පාඩුව දිනකට රුපියල් මිලියන 14කි.
2. නීත්‍යනුකූල නොවන ආකාරයෙන් සිදු කරන ඵඊීඛ ගනුදෙනුව හරහා ලබාගත් ලක්ෂ 05ට සිදු වූයේ කුමක්ද?
3. නීත්‍යනුකූල නොවන ආකාරයෙන් මුළුතැන්ගෙය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම.
4. නිත්‍යානුකූල නොවන ආකාරයෙන් අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයකුගේ අත්සනින් වරාය කළමනාකරණ සේවා සමාගම හරහා යම් යම් පුද්ගලයන්ට ව්‍යාපාර කටයුතු ලබා දීම.
5. ටෙන්ඩර් කැඳවීමකින් තොරව ආයුර්වේද බෙහෙත් ගෙන්වීම.
6. ¥ෂිත ගනුදෙනු මත ලොරි රථ ලියාපදිංචි විය.
7. සේවා සැපයුම් කොට්ඨාසයේ සේල් එක මඟින් අබලි ද්‍රව්‍ය බැහැර කිරීමේ මුවාවෙන් අයුතු ලෙස මුදල් ඉපැයීම
8. පිටස්තර පුද්ගලයන්ට වරාය පරිශ‍්‍රයේ නිවාස ලබා දීම.

මූලික පෙන්වාදීම්වලට අමතරව සේවක එකමුතුව සඳහන් කරන්නේ ජයබහලූ පර්යන්තයේ විවේකාගාර සඳහා ඇනවුම් කළ රුපියල් 580,000 බැගින් වූ වායු සමීකරණ යන්ත‍්‍ර 5ක් වරාය සභාපතිගේ නිල නිවසට සවිකර ඇති බවයි. වරාය ප‍්‍රසාද දීමනා කප්පාදු කළ වරාය ඇමැතිවරයා ඔහුගේ නිල නිවස අලූත් වැඩියා කර ගැනීමට රුපියල් ලක්ෂ 200ක් ලබා ගැනීම සාධාරණ වන්නේ කෙසේදැයි ද ඔවුහු අසති. වරාය සේවක එකමුතුව සඳහන් කරන ආකාරයටත් අර්ජුන වරාය භාරගැනීමට පෙර තිබූ තත්ත්වය පිළිබඳව කරන ලද විවේචනයට අනුවත් වරාය තවමත් පවතින්නේ එතැනමයි. එහි තවමත් ඇත්තේ යම පාලනයයි. වරාය වෘත්තීය සමිති එකමුතුව අගමැතිවරයාටත් ජනාධිපතිවරයාටත් වරායේ තත්ත්වය ලියා දන්වද්දී අර්ජුන රණතුංග අමාත්‍යවරයාත් ඔවුන්ට වරායේ අර්බුදය ලිඛිතව දන්වා යැව්වේය.

අර්ජුනගේ ලිපිය

2016.4.19 දිනැතිව අර්ජුන රණතුංග මහතා ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් යොමු කරන ලද ලිපියේ කොළඹ වරායේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ග පිළිබඳ මෙවැනි සටහනක් තබා ඇත්තේය.
‘‘කොළඹ වරාය පරිශ‍්‍රයේ පසුගිය දිනවල කි‍්‍රයාත්මක කෙරුණු වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය මෙහෙයවූයේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව යැයි කියාගත් සංවිධානයකි. එම සංවිධානය කිසිදු අවස්ථාවක ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිතියක් ලෙස ලියාපදිංචි වී නොමැත. නීත්‍යනුකූල නොවූ එම සංවිධානය මෙහෙයවීම ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය නිදහස් සේවක සංගමයේ සභාපති ප‍්‍රසන්න කළුතරගේ සහ එම අධිකාරියේ ජාතික සේවක සංගමයේ සභාපති උදේනි කළුතන්ත‍්‍රී ඇතුළු කණ්ඩායමක් විසින් සිදු කෙරුණු බව ද මට දැන ගන්නට ලැබුණි. ආරම්භක දිනයේ දී ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පොදු සේවක සංගමයේ වෘත්තීය සමිති නායකයන් එම එකමුතුව සමඟ කි‍්‍රයා කළත් දෙවැනි දිනයේම ඔවුන් එයින් ඉවත් විණි. වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ග සඳහා වූ නිවැරැුදි ක‍්‍රමවේදය අනුගමනය නොකිරීම සහ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ග ඉක්මවා යමින් පෞද්ගලිකව මඩ ගැසීමට යොමු වීම එම ඉවත් වීමට හේතු වූ බව ද එම සංගමය පවසා තිබිණි. ’’

අමාත්‍යවරයාගේ ලිපියේ වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ 2016 මාර්තු මාසයේ දී ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ එක් සේවකයකු ලබා ගත් දිරි දීමනාව රුපියල් 85,000ක් වූ බවයි. ඊට අමතරව 4.2% පොලියට දස මස ණය යෝජනා ක‍්‍රමයක් ද වරාය අධිකාරියේ කි‍්‍රයාත්මක වන බවත් 2016 වසරේ එකී සේවක ණය සඳහා වරාය අධිකාරිය රුපියල් මිලියන 4200ක පිරිවැයක් දැරූ බවත් සඳහන්ය. තුන් වේලටම ආහාර, කෙටි ආහාර, සෞඛ්‍ය පහසුකම්, නිල ඇඳුම් ප‍්‍රවාහන පහසුකම්, රක්ෂණ, විශ‍්‍රාම ශාලා පහසුකම් සිට තුවාය, සබන්කැටය පවා සිය සේවකයන්ට වරාය අධිකාරිය සපයන බවත් අධිකාරියේ සමස්ත ආදායමෙන් 47%ත් වැය කරන්නේ සේවකයන් වෙනුවෙන් බවත් ඒ මහතා සඳහන් කරයි. කෙසේ වුව ද ඒවා සේවකයන් අරගල කර ලබා ගත් අයිතිවාසිකම් මිස අමාත්‍යවරු ත්‍යාග වශයෙන් දුන් ඒවා නොවේ. අර්ජුන රණතුංග චෝදනා කරන්නේ වෘත්තීය සමිති ඉදිරිපත් කළ ඉල්ලීම් අසාධාරණ බවයි. නමුදු වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ වරාය සේවකයන් වරාය ලාභ ලබන තැනට උස්කර තබා ඉදිරිපත් කරන ඉල්ලීම් ඉතාම සාධාරණ බවයි.
ගැටුම් තවමත් නිම වී නැත. රටේ ආර්ථික මර්මස්ථනය වරායයි. එය ජාතියේ හදවත බඳුය. අමාත්‍යවරයාගෙත් වරාය වෘත්තීය සමිතිත් ගැටුමකට යාමෙන් ඇති වන අවුල්සහගත තත්ත්වය රටටම අහිතකර ලෙස බලපාන්නේය.  වරාය අමාත්‍යවරයා සේවක ඉල්ලීම්වලට කන් නොදී වරායට වාජීකරණ ඖෂධ ගෙන්වීම බැලූ බැල්මට ප‍්‍රහසනයකි. ඒවා ද ගෙන්වා ඇත්තේ ටෙන්ඩර් කැඳවීමකින් තොරවය. ඉකුත් සතියේ අපි මේ සම්බන්ධයෙන් හෙළිදරව් කළේය. වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම් තමීර මංජු මහතා අප ඉදිරිපත් කරන ලද ප‍්‍රවෘත්තියට අදාළ ඖෂධ බිල්පත් අප වෙත එවීමට කාරුණික වූයේය. එමෙන්ම ඔහු සඳහන් කළේ සම්පත් නමින් පෙනී සිටින පුද්ගලයා අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ ලේකම්වරයකු නොවන බවයි. වෘත්තීය සමිතිවලට අල්ලස් දෙමින් ¥ෂිත ගනුදෙනුවල නිරත වන වරාය අමාත්‍යවරයාටත්
ඇමැතිගෙන් වරප‍්‍රසාද ඉල්ලමින් ඒවා නොලැබුණු විට වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ග අතට ගන්නා වෘත්තීය සමිති නායකයන්ටත් යළිත් එක් දෙයක් අවධාරණය කළ යුතුය. මහත්වරුනි මීයන් මරාදැමීම ගෙවල් ගිනිතැබීමෙන් වළකින්න!



No comments