Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

උස කට්ට කළු උදයන්තිගේ මුල්ම කැච් එක

උදයන්තිට ළඟදි දවසක ප්‍රථම ප්‍රේමය මතක් වෙලා පුවත්පතකට ඒ ගැන කියලා තිබුණා. ඇයට මුලින්ම ලව් ලෙටර් එකක් දීලා තියෙන්නෙත් ඔහු. මේ හුටපටේ ඇති...

උදයන්තිට ළඟදි දවසක ප්‍රථම ප්‍රේමය මතක් වෙලා පුවත්පතකට ඒ ගැන කියලා තිබුණා.

ඇයට මුලින්ම ලව් ලෙටර් එකක් දීලා තියෙන්නෙත් ඔහු. මේ හුටපටේ ඇතිවෙලා තියෙන්නේ අනුරාධපුර  නිවන්තක චේතිය විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා හරේන්ද්‍ර.

හරේන්ද්‍ර ටික ටික උදයන්තිට කිට්ටු වෙලා. දෙන්නා ඉස්කෝලේ ලයිබ්‍රියේදී නිතර නිතර මුණගැහෙන්නත් පටන් අරන්. උදයන්තිටත් නොදැනිම හිත හරේන්ද්‍රගේ පැත්තට හැරිලා.

හිතක තියෙන ආදරය ඔබ තව දන්නේ නෑ
කියාගන්න බෑ ලිව්වට ඉවර වෙන්නේ නෑ
අහසේ තියෙන තාරකා ගැනලා ගන්න බෑ
කියාගන්න බෑ පොළොවේ වැලි මනින්න බෑ

උස කට්ට කළු ඒ වගේම කඩවසම හරේන්ද්‍ර උදයන්තිට ලිව්ව මුල්ම ලියුමේ ජෝතිපාලගේ සින්දුවක කෑල්ලක් ඒ විදියට ලියලා තිබුණා.

ආදරේට කොහෙදෝ බාධා නැත්තේ කියන්න වගේ උදයන්තිට ලව් කරපු තව කොල්ලෙක් මේ දෙන්න අතරට ඇවිල්ලා දෙන්නා වලි දාගන්න පටන් ගත්තු නිසා දෙන්නටම ගුඩ් බායි කියලා තමයි උදයන්ති රඟපාන්න ඇවිල්ලා තියෙන්නේ.

No comments