Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ජනප‍්‍රියම නළුවා අසීරු අඩියක

මෙවර දෙරණ සම්මාන උළෙලේ ජනප‍්‍රියම නළුවා වූයේ ඔහුයි. එපමණක් ද නොව ජූරියේ විශේෂ සම්මානයකින් පිදුම් ලබන්නට ද ඔහු වාසනාවන්ත විය. ඔහු හේමාල්...


මෙවර දෙරණ සම්මාන උළෙලේ ජනප‍්‍රියම නළුවා වූයේ ඔහුයි. එපමණක් ද නොව ජූරියේ විශේෂ සම්මානයකින් පිදුම් ලබන්නට ද ඔහු වාසනාවන්ත විය. ඔහු හේමාල් රණසිංහ.



දෙරණ සම්මාන උළෙල අවසානයි. ඔබ සිත ගොඩක් සතුටින්?

මට ජූරියේ විශේෂ සම්මානයක් ලබා දුන්නා. ඒකත් එක්කම වසරේ ජනප‍්‍රිය නළුවාට හිමි සම්මානය, දෙරණ ආයතනයෙන් සංවිධානය කරපු සම්මාන රාත‍්‍රියේ දි මට දිනාගන්න ලැබුණා.

ඒ සම්මානනීය මොහොතේ දී මොකද හිතුණෙ?

දැනුණු දේ තමයි සතුට. ඒත් එක්ක ගොඩාක් දේවල් සිතට ආවා. මට කියාගන්න  ඕනෙ හැම දෙයක්ම ඒ මොහොතේ කියවුණාද නැද්ද කියලා මම දන්නෙ නැහැ. ඒත් මගේ සිතට නැගුණු දේ ඒ මොහොතේ රසිකයන්ට කිව්වා.

සම්මානයක් ලැබීම රංගන ශිල්පියකුගේ ජීවිතයේ කඩඉමක්. ඔබට මේ ලද අවස්ථාව ඔබ දකින්නෙ කොහොමද?

මාව සම්මානයකට පාත‍්‍ර වීම පිළිබඳව ගොඩක් අගය කරනවා. අපි සිනමාවට ආදරය කරනවා. ඒ අපට කලින් පරම්පරාවෙ අය සිනමාවට කරලා තියෙන දේ දැකලා. අපි ගරු කරන ඒ පරම්පරාව ඉදිරියේ දී මාව සම්මානයට පාත‍්‍ර වීම මා ලද වාසනාවක් විදිහටයි මම දකින්නෙ. මේ කඩඉම පටන් ගන්නෙ මේ රසික ආදරයත් එක්ක. ජනප‍්‍රිය කියන්නෙ ජනයාට ප‍්‍රිය වෙන එකනෙ. ජනයාට ප‍්‍රිය වෙන එකත් ජීවිතයේ ලොකුම කඩඉමක්.

ඔබට තාමත් මතකයි එදා සිනමාව තරණය කරන්නට ගෙවාගෙන ආ දුර්ග මාර්ගය?

තාමත් ඉන්නෙ ඒ මාර්ගයේමයි. අතීතයේ ලබපු අත්දැකීම් එක්ක හැමදාමත්ම අපි ඉගෙන ගන්නවා. අතීතය කියන්නෙ මනුෂ්‍යයකුගෙ අනාගතයට යොදන අඩිතාලමක්. තාමත් ඒ ලබපු අත්දැකීම් මත මගේ ඉදිරි ගමනට පාර හොයනවා.

මේ සම්මානයත් එක්ක ඔබේ අනාගත මඟ සැකසෙන්නෙ කොහොමද?

මෙහෙමයි, වෙන්න  ඕනෙ කියලා විශේෂ සැලසුමක් නම් නැහැ. එහෙම වුණා කියලා සිද්ධ වෙන විදිහට වැඩ කටයුතු කෙරෙනකන් බලාන ඉන්නෙත් නැහැ. මට ලැබෙන කාර්යය හොඳින් කිරීම තමයි එකම අධිෂ්ඨානය. මගේ නිර්මාණ තුළින් රසිකයන් පිනවන එක තමයි මගේ බලාපොරොත්තුව. සම්මානයක් කියන්නෙ මා කෙරෙහි තබලා තියෙන විශ්වාසයේ සංකේතයක්. ඒ විශ්වාසය රැුකගෙන ඉදිරියටත් පේ‍්‍රක්ෂක බලාපොරොත්තු සුන් නොකර කටයුතු කරන්න තමයි මගේ හිත.

එදා ක්ෂේත‍්‍රයට ආ දා පටන් ලද රසික ආදරය තාමත් එහෙමමයි?

ඒ ගැන කියන්න වචන නැති තරම්. ඒ සා රසික ආදරයක් ලබන්නට තරම් මම වාසනාවන්තයි. කෙනෙකුට තව කෙනෙකුගෙ ආදරයක් ලැබෙනවා කියන්නෙ වාසනාවක්. අපි ජීවත් වෙන්නෙ, මේ ජීවිතය රඳා පවතින්නෙ ඒ රසික ආදරයත් එක්ක.

මේ ආව ගමනෙ දි ඔබට සහයෝගය ලබා දුන් පිරිස බොහොමයි. ඒ අය ගැනත් මතකයට නගන්නම වෙනවා?

ඒ අය නම් වශයෙන් කියන්න අමාරුයි. එදා මෙදා තුර මේ ගමනේ දී හමුවුණු, වචනයකින් හරි උදව් කළ හැමෝවම මේ මොහොතේ සිහිපත් කරනවා. ජීවිතේ දී කෙනෙක්ව මුණ ගැහෙන්නෙ මොකක් හරි හේතුවකට කියලා තමයි මං විශ්වාස කරන්නෙ. මගේ පළමු චිත‍්‍රපටය සදේශ් කුමාර් මහත්තයව මතක් කරන්නම  ඕනෙ. අලූත් ශිල්පියකුව විශ්වාස කරලා ඔහු මට ඒ අභියෝගය බාර දීමම ලොකු දෙයක්. මගේ චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ සරෝ සහ ඩොනල්ඞ් ජයන්ත ඇතුළු චිත‍්‍රපටයට දායක වූ සියලූ දෙනා මේ මොහොතේ මා ගෞරව පූර්වකව මතක් කරනවා.

1 comment