Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මං යන්නෙ බස්එකේ - තියෙන්නෙ එක ඇ`දුමයි - ගේ‍්‍රෂන් ආනන්දගෙ පුතා කිව්වම සමහරු මට හිනා වෙනවා

පිය උරුමය මතින් වර්තමානයේ තම මඟ තනා ගනු ලබන්නා වූ පුතුන් අතර පියාගේ නාමය ද රැක ගනමින් තමන්ගේම අනන්‍යතාවක් ගොඩනගා ගනිමින් තමන්ටම කියා මඟක්...

පිය උරුමය මතින් වර්තමානයේ තම මඟ තනා ගනු ලබන්නා වූ පුතුන් අතර පියාගේ නාමය ද රැක ගනමින් තමන්ගේම අනන්‍යතාවක් ගොඩනගා ගනිමින් තමන්ටම කියා මඟක් තනා ගැනීමට වෙර දරනු ලබන පුතකු අපට මුණගැහෙනවා.

ඔහුගේ පියාගේ නාමය සවනේ රැඳුණ ක්ෂණයෙන් ඔහු නොහඳුනන කෙනකු නොමැති තරම්ය. අග‍්‍රගණ්‍ය කලාකරුවකු වූ ඔහු නමින් ගේ‍්‍රෂන් ආනන්දයි. ඔහුගේ පුත් මාරියෝ ආනන්ද සමඟ අපි කතා බහක යෙදුණෙමු.

මොනවද මේ දිනවල ඔබේ වැඩ කටයුතු?
මම මගේ ඉස්කෝලේ යාළුවෝ ටිකත් එක්ක එකතු වෙලා නර්තන කණ්ඩායමක් පිහිටුවාගෙන තියෙනවා. ඒකේ වැඩ කටයුතු කරගෙන යනවා. ඊට අමතරව ‘මඳ සුළඟ සමඟ’ කියන ගීතයත් මේ දිනවල
ඵමිසජගකන වෙබ් අඩවිය තුළ ප‍්‍රචාරය වෙනවා. විශේෂයෙන් අධ්‍යාපන කටයුතුවලටත් යොමු වෙලා තියෙනවා.

පැමිණි ගමන් මඟ ගැන මොකද හිතෙන්නේ?
මගේ වැඩ කටයුතු හොඳට කෙරීගෙන යනවා. මම  අවුරුදු පහක් තුළ හොඳ ප‍්‍රගතියක් ලබලා තියෙනවා. මගේ කටහඬ හොඳට හැදිලා තියෙනවා. මට ගිටාර් එක ගහලා හොඳට සින්දු කියන්න පුළුවන් වෙලා තියෙනවා.

ප‍්‍රාසාංගිකත්වය පැත්තෙන් මම පේ‍්‍රක්ෂකයන්ව පිනවන්න ගොඩක් කැමැති කෙනෙක්. ඉතින් මගේ නර්තන හැකියාව දියුණු වෙලා තියෙනවා.  මගේ තාත්තගේ ආශිර්වාදය, මගේ ආගමේ ආශිර්වාදය මගේ අම්මගේ, අක්කගේ ආශිර්වාදය කැපවීම මත පේ‍්‍රක්ෂකයන්ගේ මට ආදරය කරන උදව් කරන අයගේ සහයෝගයෙන් මේ අවුරුදු පහ ඇතුළත මම හොඳ ගමනක් ඇවිත් තියෙනවා.

ගොඩක් පුත්තු කරනවා වගේ මාරියෝ යන මඟ තාත්තගේ නමින් තනා ගන්නේ නෑ නේද?
මම මගේ තාත්තවයි මාවයි සම කරන්නේ නෑ. මොකද මට තාත්තා වගේ වෙන්න බැරි වෙයි. මට  ඕන මගේම දෙයකින් ඉස්සරහට යන්න. තාත්තට චිත‍්‍රපටවල ගීත ගායනයට ඉඩ ප‍්‍රස්තාව ලැබිලා තියෙනවා. මටත් ආසාවක් තියෙනවා එහෙම කරන්න. ඒත් මම තාත්තගේ නම මතින් ඒ දේවල් කරන්න කැමැති නෑ.

මම කැමැති නර්තනයේ යෙදෙන්න සජීවීව ගායනා කරන්න. මම මාරියෝ ආනන්ද කියන නම හදාගෙන තියෙනවා. ඒ මගේ දක්ෂතා මතින්. මට මගේ තාත්තා වෙන්න බැරි වෙයි. හැබැයි මට මගේ අනන්‍යතාවයෙන් මමම වෙන්න පුළුවන් වෙයි. මම හෙට මැරුණත් මගේ නම මම හදලා ඉවරයි.

මාරියෝ රිඟින් ටෝන්වලට විකිණෙන ගීත ගායනය ප‍්‍රතික්ෂේප කරනවා කියන්නේ ඇත්තද?
ඇත්තටම මට සල්ලි නෑ. හැබැයි මම රිඟින් ටෝන්වලට විකිණෙන්න ගීත ගායනා කරන්නේ නෑ. ගොඩක් ඉල්ලීම් මට ආවා තාත්තගේ සින්දු අලූතෙන් කියන්න. ඒත් මම ඒ හැමදේම ප‍්‍රතික්ෂේප කරනවා. මොකද තාත්තා තාමත් හැමෝගෙම හදවත්වල ජීවත් වෙනවා. ඔහුගේ ගීතවලට රසිකයෝ ආදරය කරනවා. මට  ඕන නෑ එක රැුයින් පෝසත් වෙන්න. මට  ඕන සාධාරණව ගරුත්වය රැකෙන පරිදි දිගු කල් පේ‍්‍රක්ෂක හදවත්වල රැුඳෙන ගීත ගායනා කරන්න. නාහෙන් අඬන සින්දු කියලා රිඟින් ටෝන්වලටදාලා ලක්ෂ ගණන් හෙව්වට මට එහෙම කරන්න  ඕන නෑ.

හරියට දෙයක් කරලා පේ‍්‍රක්ෂකයන්ව පිනවලා ගන්න 1000ක් 2000ක් වුණත් මට වටිනවා. මගේ තාත්තා මට උගන්නලා තියෙන්නේ ඒකයි. එහෙම ආරාධනා කරපු ගීත රිගින්ටොන්වලට මම ගායනා කළා නම් මමත් මෙලහට බී.එම්.ඩබ්ලිව්. අරගෙන තට්ටු පිට තට්ටු ගෙවල් ගහලා කෝටිපතියෙක් වෙලා. හැබැයි මම මේ ගෙවන ජීවිතේ මට හොඳයි.

ඒ නිසාමද ප‍්‍රසංගවලටත් ඔබ ලොකු මුදලක් අය නොකරන්නේ?
ගොඩක් අය මට හිනා වෙනවා මම යන්නේ බස් එකේ. මම සමහර වෙලාවට ප‍්‍රසංගවලට අඳින්නේ එකම ජැකට් එක. ඒත් මට පුළුවන් උපරිමව මම පේ‍්‍රක්ෂකයන්ට රසවින්දනයක් ලබා දෙනවා. ඒකයි මාරියෝ ආනන්දට පේ‍්‍රක්ෂකයෝ ආදරය කරන්නේ.

මට  ඕන දිගුකල් පැවැත්මක්. එක රැුයින් පායලා නැති වෙලා යන්න නොවේ. එහෙම ගන්න 1000, 2000ත් මට වටිනවා. සමහර අය මගේ තාත්තට බනිනවා, කරගත්ත දෙයක් නෑ කියලා. හැබැයි තාත්තා කලාවට සේවයක් කරා. ඒකයි තාත්තා අදටත් ජීවමාන. මගේ තාත්තා කියලා දුන්න දේ තමයි මමත් කරන්නේ. මම සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. මට ලොකු ලොකු දේවල්  ඕන නෑ. මම සල්ලි පස්සේ යන්නේ නෑ සල්ලි මගේ පස්සෙ එනවා මිසක්.

මාරියෝගේ ඉදිරි ගමන් මඟ කොහොමද?
මගේ එකම ආසාව තමයි උපාධිධාරියෙක් වෙන එක. ඒක මගේ සිහිනයක්. ඒ හීනේ මං හැබෑ කරගන්නවා. ඒ වගේම ප‍්‍රතිරාවය කියලා මම පළමු ගීත ප‍්‍රසංගය පැවැත්වුවා.

මේ දිනවල ප‍්‍රතිරාවය 2 ප‍්‍රසංගයටත් සූදානම් වෙනවා. ඒක නොමිලේ පවත්වන්න තමයි අදහස් කරගෙන ඉන්නේ. ප‍්‍රසංගයේ දී පැය 1 1/2ක් 2ක් ඇතුළත තාත්තගේ ගීත 15ක් සහ මගේ ගීත 15ක් ගායනා කරන්න අදහස් කරගෙන ඉන්නවා.

No comments