Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

'මම මෙහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නෑ...' - ජනප‍්‍රිය සම්මානෙ ගත්ත ඩිනක්ෂිට කුණු බැනුම්

‘මේ වගේ ආදරයක්’ චිත‍්‍රපටයේ රංගනය වෙනුවෙන් මෙවර දෙරණ සම්මාන උළෙලේ දී ජනප‍්‍රියම නිළි සම්මානයෙන් පිදුම් ලබන්නේ ඩිනක්ෂි ප‍්‍රියසාද්. මේ ඇය...

‘මේ වගේ ආදරයක්’ චිත‍්‍රපටයේ රංගනය වෙනුවෙන් මෙවර දෙරණ සම්මාන උළෙලේ දී ජනප‍්‍රියම නිළි සම්මානයෙන් පිදුම් ලබන්නේ ඩිනක්ෂි ප‍්‍රියසාද්. මේ ඇය සමඟින් කරන ලද ආදරණීය කතාබහයි. 


ඩිනක්ෂි මේ සම්මානය ගැන මොකද හිතෙන්නෙ?

ගොඩක් සතුටුයි. මට සම්මානයක් ලැබුණෙ, ඒ චන්ද්‍රරත්නම් මහත්තයගෙ ‘මේ වගේ ආදරයක්’ චිත‍්‍රපටයේ රංගනය වෙනුවෙන්.

ඔබගෙ හිතේ මේ සම්මානය ගැන පුංචිම හරි බලාපොරොත්තුවක්වත් තිබුණාද?

කිසිම බලාපොරොත්තුවක් තිබුණෙ නෑ. මට වඩා ජනප‍්‍රිය පිරිසක් වගේම ප‍්‍රවීණ පිරිසක් සම්මාන උළෙලට නිර්දේශ වෙලා තිබුණා. මම කොහෙත්ම කවදාවත්ම සම්මාන පිළිබඳ බලාපොරොත්තු තියාගෙන හිටියෙ නැහැ. ඒත් කලා කටයුතු වෙනුවෙන් පැවැත්වෙන හැම උත්සවයකටම සහභාගිවෙනවා. මගේ චිත‍්‍රපටය නාමයෝජනා අතරටත් ඇවිත් තිබුණා. මං සම්මාන උළෙලට සහභාගි වුණත් සම්මානයක් ගැන නම් පුංචිම බලාපොරොත්තුවක්වත් තිබුණෙ නැහැ.

ඒ උද්වේගකර නිමේෂයේ දී හිතට දැනුණෙ මොන වගේ හැඟීමක්ද?

මුලින්ම සම්මානය ලැබෙන්නෙ හේමාල් අයියට. ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්. මට ලොකු සතුටක් දැනුණා. ඒ එක්කම ජනප‍්‍රිය රංගන ශිල්පිනිය තේරීමේ නිවේදනය කළා. එතන මගේ නම වගේම නංගිගෙ නමත් තිබුණා. මගේ නම ජනප‍්‍රියම රංගන ශිල්පිනිය ලෙස කියවෙද්දි මට පුදුම හිතුණා. මොකද මම ඒ සම්මානය බලාපොරොත්තු වුණේ නෑනෙ.

ඔබ සම්මානය ලබා ගැනීම වෙනුවෙන් වේදිකාවට ගොඩවෙනවා.  ඔය සිත සතුටෙන් පිරිලා?

ඇත්තමයි ලොකු සතුටක් දැනුණේ. මම මොනවා කිව්වද මට මතක නැහැ. මගේ ඉස්සරහ ගොඩක් අය හිටියා. ක්ෂේත‍්‍රයේ දැවැන්තයෝ ගොඩක්. ප‍්‍රවීණයෝ ගොඩක් ඉස්සරහ කතා කරද්දී මට ලොකු තැතිගැන්මක් දැනුණා. මම කීවෙ මොනවද මමවත් දන්නෙ නැහැ. ඒක පුදුමාකාර හැඟීමක්.

 මේ ලද සම්මානය සමඟින් ඉදිරි කටයුතු සැලසුම් කරන්නෙ කොහොමද?

සම්මානයකින් යම් කෙනෙක්ව ඇගයීමට ලක් කළොත්, ඒ පුද්ගලයගෙ වගකීම වැඩි වෙනවා. මොකද හැමෝම ඊට පස්සෙ අපි ගැන අවධානය යොමු කරනවා වැඩියි. නිර්මාණයක් කරන මොහොතක් පාසා, පෙරට වඩා හොඳින් කරන්න  ඕනේ කියන හැඟීම එනවා. මං හිතන්නෙ රංගනය වෙනුවෙන් ලබන සම්මානය උත්තේජනයක්. ඒ උත්තේජය නිසා අපේ සිතට ලොකු හැඟීමක් එනවා, මෙයට වඩා යම් දෙයක් කළ යුතුයි කියලා.

මොනවද ඉස්සරහට එන්න තියෙන නිර්මාණ?

චිත‍්‍රපට ක්ෂේත‍්‍රයේ නම් අපට ලැබෙන්නෙ සීමිත නිර්මාණ ප‍්‍රමාණයක්. අපි තාම පොඩි අය, වැඩ අවසන් කළ චිත‍්‍රපට දෙකක් ඉදිරියේ දී එන්න තියෙනවා. තව එකකට ආරාධනා ලැබිලා තියෙනවා. මෙතෙක් මා රඟපාලා තියෙන්නෙ චිත‍්‍රපට තුන හතරක විතරයි. ඒ අතර ප‍්‍රධාන චරිත රංගනයට අවස්ථාව ලැබෙන්නෙ ‘මේ වගේ ආදරයක්’ චිත‍්‍රපටයේ පමණයි.

ඔබට මේ ජනප‍්‍රියතාව ලැබෙන්නෙ චිත‍්‍රපට රංගනය නිසාම පමණක්ය කියලා ඔබ හිතනවද?

කොහෙත්ම නැහැ. ‘මේ වගේ ආදරයක්’ ගොඩක් දෙනෙක් බැලූවා. ඒත් මට මේ තරම් රසික ප‍්‍රසාදයක් ලැබෙන්නෙ පුංචි තිරයේ රංගනයන් නිසා. මේ විදිහට ලැබෙන්නෙ පුංචි තිරයෙන් මා වටා රොක් වුණු රසික ප‍්‍රසාද. මේ දවස්වල දෙරණ ීඒර ක්‍සඑහ වැඩසටහන හරහාත් ලොකු රසික ප‍්‍රසාදයක් ලැබෙනවා. අද වන විටත් මේ ලද සම්මානයට සුබපතලා එන දුරකථන ඇමතුම්, එස්.එම්.එස්වල අඩුවක් නෑ. ඒ අතර දහසකින් එක්කෙනෙක් විතර මට බැණලත් එස්.එම්.එස්. දානවා.

No comments