Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මිනිස්සු ගංවතුරෙන් අවතැන් වෙලා ඉන්නකොට මධූට ජොලි කියන්නෙ ඇත්තද? 'අයියෝ... ඒක කතාකරන්න තරම් දෙයක් නෙමෙයි'

මිනිස්සු ගංවතුරෙන් අවතැන් වෙලා ඉන්නකොට ඔයාට ජොලි කියන්නෙ ඇත්තද? අනේ පිස්සුද..? එහෙනම් ගංවතුර බලන්න ගිහින් Feeling Cool  කියලා ෆේස්බ...

මිනිස්සු ගංවතුරෙන් අවතැන් වෙලා ඉන්නකොට ඔයාට ජොලි කියන්නෙ ඇත්තද?
අනේ පිස්සුද..?

එහෙනම් ගංවතුර බලන්න ගිහින් Feeling Cool  කියලා ෆේස්බුක් එකේ දැම්මෙ ඇයි?

මං ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි. අයියෝ... ඒක ඔය තරම් කතා කරන්න දෙයකුත් නෙවෙයි.

ඉතිං... මේ දවස්වල මොකද වෙන්නෙ?

විවාහයෙන් පස්සෙම මම නිර්මාණ කටයුතුවලින් ටිකක් විතර ඈත් වෙනවා. විදෙස්ගත වෙන්නට බලාපොරොත්තුව ඉන්න නිසා ඒ වැඩවලට ටිකක් විතර එහෙට මෙහෙට යන්න වෙලා. ඒ නිසා අලූතෙන් නිර්මාණ බාරගත්තෙ නැහැ.

ඇයි ඔබ හදිසියෙන්ම විදෙස්ගත වෙන්න තීරණය කරන්නෙ?

මගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තමයි  ඕස්ටේ‍්‍රලියාවට යන්න බලාපොරොත්තුව ඉන්නෙ.

දිගටම  ඕස්ටේ‍්‍රලියාවල නතර වෙන්නද හිතාගෙන ඉන්නෙ?

අනේ නැහැ. දිගටම ඒ රටේ නවතින්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. අධ්‍යාපන කටයුතු අවසන් කරලා ආපසු එනවා. ඒත් ඉතින් වසර කිහිපයක්ම ගත වෙයි.

ඒ කාලය අතරතුර ඔබගෙ නිර්මාණ කටයුතුවලින් ඈත් වෙන්න වෙනවා?

ඔව්, ඉතින් මගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඒ දේ කරන්නම වෙනවනෙ. ඉඩක් ලැබුණු වෙලාවක නිර්මාණයකට දායක වෙන්න හිතාගෙන ඉන්නෙ.

ඔබ දායක වුණු නිර්මාණ අතර සිත් ගත්  නිර්මාණ බොහොමයක් ඇති?

නාලන් මෙන්ඩිස් මහත්මයගෙ ‘අංගනා’ ටෙලි නාට්‍යයේ ශානිගෙ චරිතය වගේම ඔහුගෙම අධ්‍යක්ෂණයක් වුණු ‘ඔබ කවුද?’ ටෙලි නාට්‍යයේ ‘දිව්‍යා’ගෙ චරිතයට මං ගොඩක් කැමැතියි.

ක්ෂේත‍්‍රයට ඇවිත් ගතවුණු කාලයේ දී ඔබ රඟපෑ චරිත සම්බන්ධව ඔබ මොනවද හිතන්නෙ?

මා රඟපෑ චරිත පිළිබඳ තෘප්තියක් තියෙනවා. මට මේ වගේ චරිතයක් ලැබුණොත් හොඳයි කියන විදිහේ චරිත පිළිබඳ හිතේ පුංචි කැමැත්තක් තියෙනවා. ඒත් ඉතින් අධ්‍යාපන කටයුතුවලට පිටත්ව යන්න සූදානම් වන නිසා වසර කිහිපයක් යනතුරු ඒ ආසාව ඉටු කර ගන්න නම් බැරි වෙයි.

ළඟ දී ඇරඹුණු යුග ජීවිතේ ගෙවිලා යන්නෙ කොහොමද?

හොඳින් ඉන්නවා. ජීවිතයට අලූත් අත්දැකීමක්. තව අපි විවාහ වෙලා මාස දෙක තුනයි. අපි ගොඩක් සතුටින් කාලය ගත කරනවා.

ඔබ සමඟින් මියුරුත් මේ විදෙස් ගමනට සහභාගි වෙනවද?

ඔව්, අපි දෙන්නම  ඕස්ටේ‍්‍රලියාවට යන්නෙ. මගේ හැම වැඩකදීම ඔහු ලොකු සහයෝගයක් ලබා දෙනවා.

ඇත්තටම රංගනය තෝරා ගැනීම ගැන අද මොකද හිතෙන්නෙ?

රංගනය තෝරා ගැනීම ගැන ඇත්තටම සතුටුයි. ජීවිතේ ගොඩක් අත්දැකීම් ලබන්නටත් රසික ආදරය ලබන්නටත්, රංගන ශිල්පිනියක ලෙස මට අවස්ථාව ලැබුණා.






No comments