Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පැනමා නීතිවිරෝධී නෑ - පාඨලී

මෙරට බොහෝ මාධ්‍ය විසින් පැනමා පත්‍රිකාවල අඩංගු නම් ලැයිස්තුව 65ක් ලෙස වැරදි වාර්තාකරණයක නිරත වූ නමුත් නිවැරැදි සංඛ්‍යාව වන්නේ 19ක් පමණක් ...

මෙරට බොහෝ මාධ්‍ය විසින් පැනමා පත්‍රිකාවල අඩංගු නම් ලැයිස්තුව 65ක් ලෙස වැරදි වාර්තාකරණයක නිරත වූ නමුත් නිවැරැදි සංඛ්‍යාව වන්නේ 19ක් පමණක් බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරයි.

ලාංකිකයන් 22 දෙනකුගේ නම් එහි සඳහන්ව ඇති නමුත් නම් 3ක් එම ලැයිස්තුවේ දෙවරක් බැගින් සටහන් වීම නිසා ලාංකිකයන් 19 දෙනකුගේ නම් මෙහි ඇතුළත්ව ඇත.
නම් 65ක් ලිපින 53ක් හා තැරැව්කරුවන් හා තැරැව්කාර සමාගම් 7ක්, ධනය සැඟවූ මුල්‍ය ආයතන 3ක් පැනමා පත්‍රිකා මගින් හෙළිකර ඇතැයි ඇතැම් මාධ්‍ය විසින් ඊයේ (11) වැරදි ලෙස වාර්තා කර තිබුණේ පැරණි ගිණුම් හෙළිදරව්වල තොරතුරු ද සමඟිනි.

නමුත් එහි පැනමා පත්‍රිකාවලට අදාළව ඇත්තේ පුද්ගලයන් 19ක් (දෙවරක් නම් සඳහන් 3 දෙනකු සමඟ 22ක්), ලිපින 21ක්, තැරැව්කාර සමාගම් 3ක්, මුල්‍ය ආයතන 3ක්  ය.

පැනමා පත්‍රිකා මගින් හෙළිදරව් වී තිබෙන ශ්‍රී ලාංකිකයන්ගේ වත්කම් ප්‍රකාශ සම්බන්ධයෙන් හෙළිදරව් කරන ජාත්‍යන්තර සංවිධාන සමග රජය කටයුතු කොට නීතිමය පියවර ගන්නා බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සමූහය විසින් පසුගිය 09 වැනිදා හෙළිදරව් කරන ලද පැනමාහි මොසැක් ෆොන්සේකා නීති සේවා ආයතනයේ රැකවරණ ලබමින් ධනය සැඟවූ ලෝක ධනවතුන් පිළිබඳ වන ‘පැනමා පත්‍රිකා’ නම් හෙලිදරව්ව ඔස්සේ ලාංකිකයන් 22 දෙනකුගේ නම් අනාවරණය වීම පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව හෙළිකළේ ය.

පැනමා පත්‍රිකා ගැන කියද්දී සමහරු අහනවා මෙගා ඩීල් කෝ කියලා. හිටපු ජනාධිපතිතුමත් මම දැක්කා අහලා තිබුණා. මේ වගේ ජාත්‍යන්තර පරීක්ෂණයක් වෙද්දී පෙනී යනවා අතිවිශාල ධනස්කන්ධයක් රටින් පිටතට ගිහින් තිබෙනවා කියලා. අපි ඒ ජාත්‍යන්තර සංවිධාන එක්ක එකතු වෙලා රජය මෙහි ඉදිරි පරීක්ෂණ කරගෙන යනවා. පැනමා කරලා තිබෙන්නේ බොහෝ දුරට නීතිවිරෝධී මුදල් තැන්පත් කිරීම සඳහා පහසුකම් සැපයීමයි.

එක්කෝටි විසිලක්ෂයක් පමණ තොරතුරු දැන් අන්තර්ජාලයට නිකුත් කරලා තිබෙනවා. ඒවායෙන් ලංකාවට අදාළ දේවලුත් තිබෙනවා. මෙතැන තිබෙන ප්‍රශ්නය තමයි, පෙරේදා (09) නිකුත් කළ මේ ගැන මෙරට මාධ්‍ය වැරදි ලෙස වාර්තා කරලා තිබෙනවා. 2013ත් මේ වගේ හෙළිදරව් ඔවුන් කළා. ඒ සිංගප්පූරු සහ ස්විස් ගිණුම් ආදියෙහි තොරතුරු හෙළිකිරීම්. ඒවා පැනමා පත්‍රිකාවලට අදාළ නෑ. නමුත් අදත් (11) අපේ මාධ්‍ය වාර්තා කරලා තිබුණේ පැනමා නම් 65යි කියලා. ඒක වැරදියි.

පැනමා පත්‍රිකාවලට අඩංගු වන්නේ නම් 22යි. අනික් ඒවා පරණ 2013 වෙනත් ගිණුම් හෙළිදරව් කිරීම්. තව ඉදිරියට නම් එනවා. තාම සුළු පිරිසයි මේ දාලා තියෙන්නේ. ඔවුන්ගේ තාක්ෂණික දෝෂ මත ටිකයි පළකරලා තිබෙන්නේ. නමුත් අපේ රටේ ඉන්න මාධ්‍යවේදීන් මේක ගැන නිවැරැදිව වාර්තා කළ යුතුයි. මේක පටලවා ගන්න එපා.

එංගලන්ත අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන්ට මේ ගැන චෝදනාවක් එල්ල වුණා. එහිදී කැමරන් කිව්වා මගේ තාත්තාට සමාගමක් තිබෙනවා මම අගමැති වෙද්දී ඒවා විකුණලා සල්ලි කළා. ඒ වගේ නීත්‍යනුකූල දේවලුත් නීතිවිරෝධී ලෙස මෙහි පෙන්වලා තිබෙනවා.

විශේෂයෙන්ම මගේ උපදේශකවරයකුගේ නමත් මෙහේ මාධ්‍ය පළකරලා තිබුණා. නමුත් ඔහුගේ නම තිබුණේ 2010 සිංගප්පූරු ගිණුමක කලින් කළ වෙනත් හෙළිදරව්වක් විසින්. ඔහු පැනමා පත්‍රිකාවලට සම්බන්ධ නෑ. මෙහි ගිණුම් තිබූ පමණින් ඒවා නීතිවිරෝධී නෑ.

මෙරට රජයට විදෙස් වත්කම් පිළිබඳ ප්‍රකාශයට පත්කර ඇත්නම් ඒවා නීතිවිරෝධී වෙන්නේ නෑ. අපි විධිමත් පරීක්ෂණයක් කරනවා. එතෙක් මේවා නීතිවිරෝධී ගිණුම් කියලා ඍජුවම කියන්න බෑ යනුවෙන් ද පාඨලී චමිපික රණවක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

-ප්‍රබෝධා හෙට්ටිආරච්චි

No comments