Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

දිනේෂ්ටයි විමල්ටයි වාසු වැහිලා පාර්ලිමේන්තුවේ කුණුහරප කියන්න පටන් අරගෙන

එන්න එන්නම රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවේ තත්ත්වය පිරිහෙමින් තියෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පා...

එන්න එන්නම රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවේ තත්ත්වය පිරිහෙමින් තියෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන් දෙපළක් වන දිනේෂ් ගුණවර්ධන සහ විමල් වීරවංශ ආයෙමත් පාර්ලිමේන්තුවේ යකා නටන්න අරන්.

 පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨම නියෝජිතයෙක් වුණු දිනේෂ ගුණවර්ධන මහතා කතානායක වරයාට පිස්සා පිස්සා යනුවෙන් බැණ වැදිලා.

විමල් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තු මහලේකම් වරයා අමතා ඇත්තේ වේ යන්නෙන් පටන් අරන් පුතා යන්නෙන් ඉවර වෙන වචන දෙකකින්. 

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වසුදේව නානායක්කාර ද මීට පෙර අසැබි වචනයකින් අගමැතිවරයා අමතා තිබුණු අතර මෙවැනි ප්‍රවීණ ජ්‍යේෂ්ඨයින් උත්තරීතර සභා ගර්භය තුළ මේ ආකාරයට හැසිරීම වහා පාලනය නොකළොත් බරපතල ප්‍රශ්ණ රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බැවින් ස්ථාවර නියෝග වෙනස් කරමින් මොවුන් හට දැඩි දඬුවම් පමුණුවීමට කතානායක වරයාගේ අවධානය යොමුව ඇති බවයි පැවසෙන්නේ.

No comments