Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ජවිපෙ සටන හකුළා ගනී - ‘නඩු දැම්මා නම් ඔප්පු කරන්න බඩු අපි ළ`ග තිබුණා’ දිවයින කියයි

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් දිවයින පුවත්පතෙහි පසුගිය දා පළ කෙරුණු පුවත සම්බන්ධයෙන් නීතිමය පියවර නොගන්...


ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් දිවයින පුවත්පතෙහි පසුගිය දා පළ කෙරුණු පුවත සම්බන්ධයෙන් නීතිමය පියවර නොගන්නා බව එම පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ප‍්‍රධාන ලේකම්වරයා පැවසුවේ ජනතා විමුක්තා පෙරමුණ මේවන විට ආණ්ඩුවේ වත්මන් ක‍්‍රියා පිළිවෙලට එරෙහිව සටන් කරන නිසා සිය සටන වෙනත් ම`ගකට යොමු කිරීමේ අදහසක් නොමැති හෙයින් මෙම තීරණය ගත් බවයි.

එහෙත් දිවයින පුවත්පතෙහි අභ්‍යන්තර ආරංචිමාර්ග ස`දහන් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ තම ගෞරවය ආරක්ෂා කරගැනීමට උපායශීලී වී ඇති බවයි. යම් හෙයකින් ජවිපෙ තම පුවත්පත එරෙහිව නඩු පැවරුවේ නම් සිය පුවත්පත ම`ගින් හෙළිකළ කරුණු කාරණා සනාථ කිරීමට ප‍්‍රමාණවත් තොරතුරු තිබූ බවයි.

No comments