Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පළිගන්න යහපාලන ආණ්ඩුවෙන් මහින්දට නිල නිවසක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යහපාලන ආණ්ඩුව තමන්ගෙන් පළිගන්නා බවට නිරන්තරයෙන් මැසිවිලි නඟන අතරේ වත්මන් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යහපාලන ආණ්ඩුව තමන්ගෙන් පළිගන්නා බවට නිරන්තරයෙන් මැසිවිලි නඟන අතරේ වත්මන් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ඔහු වෙනුවෙන් නිල නිවසක් ලබාදීමට යන බව වාර්තා වේ.

මේ වන විටත් නාවුක හමුදාව විසින් එම නිල නිවසේ වැඩ කටයුතු අවසන්කර ඇති අතර ලබන සතියේ නිල නිවස මහින්ද රාජපක්ෂ මහතාට ලබා දිමට යන බවත් වාර්තා වී තිබේ.

ජනාධිපතිවරණයෙන් පසු අරලියගහ මන්දිරයෙන් නික්ම ගිය හිටපු ජනාධිපතිවරයාට නිල නිවසක් නොමැති වීම පිළිබඳ ගැටළුවද වරින් වර මතු වූ අතර ඒ.එස්.පී ලියන්ගේ මහතාගේ පීකොක් මන්දිරය ඔහු වෙනුවෙන් ලබා දීමට ගොස් පසුව එම තීරණයද වෙනස් විය.

No comments