Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ජවිපෙ ගැටුම තවත් උග‍්‍ර වේ - දේශපාලන මණ්ඩල බලයත් අනුරට අහිමි වෙයි

ජනතා විමුක්ති පෙරමුණ තුළ හටගෙන තිබෙන නායකත්වය සම්බන්ධ ගැටුම මේ වන විට උග‍්‍ර වී ඇතැයි එහි දේශපාලන ආරංචිමාර්ග ස`දහන් කරනවා. ජවිපෙ නායක අ...

ජනතා විමුක්ති පෙරමුණ තුළ හටගෙන තිබෙන නායකත්වය සම්බන්ධ ගැටුම මේ වන විට උග‍්‍ර වී ඇතැයි එහි දේශපාලන ආරංචිමාර්ග ස`දහන් කරනවා.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාට මේවනවිට දේශපාලන මණ්ඩලයේ බලය අහිමි වී ගොස් ඇති බවත්, විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් බලය හා පාර්ලිමේන්තු බලය පමණක් ඔහු සතු වන බවත් වාර්තා වෙනවා.

දිගින් දිගටම පවතින මෙම ගැටුමට හේතු වී ඇත්තේ එහි නායකත්වයේ පවතින දුර්වල ක‍්‍රීයාකාරීත්වය බවයි ආරංචිමාර්ග ස`දහන් කරන්නේ. මේ තත්ත්වය යටතේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බවට ඉල්ලීම් කරනවා. නව නායකත්වය ස`දහා ඔවුන් යෝජනා කර ඇත්තේ ලාල් කාන්ත මහතාගේ නම සහ ටිල්වින් සිල්වාගේ නමයි.

කෙසේවුවද ජවිපෙ ප‍්‍රචාරක ලේකම්වරයා වන විජිත හේරත් මහතා මේ සම්බන්ධයෙන් නිහ`ඩ පිළිවෙතක් අනුගමනය කිරීම බොහෝ පිරිසකගේ විමතියට හේතුවී ඇත. 

No comments