Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

‘සයිස්’ එක පෙන්නුවට ‘ගියාම’ බහිනවා

පියර්ස්, විලියම් ජේම්ස් වගේ උපයෝගීතා වාදීන් කියනවා ප‍්‍රස්තුතයක සත්‍ය, අසත්‍යතාව පවතින්නෙ එහි පවතින උපයෝගිතාව මත කියලා. පියර්ස්ලා, විලියම...

පියර්ස්, විලියම් ජේම්ස් වගේ උපයෝගීතා වාදීන් කියනවා ප‍්‍රස්තුතයක සත්‍ය, අසත්‍යතාව පවතින්නෙ එහි පවතින උපයෝගිතාව මත කියලා. පියර්ස්ලා, විලියම්ලා කියන විදිහට අපේ රටේ බහුතරයක් ප‍්‍රස්තුතවල උපයෝගිතාව ඉතා පහළ අගයක් තමයි ස්පර්ශ කරන්නෙ. අපේ කතා තේමා වවන දේශපාලනය කියන ප‍්‍රස්තුතය. උපයෝගිතාව කියන මොඩලයට ඔබ්බවලා බැලූවොත් මේක හරියටම පේන්න පටන් ගන්නවා.

මේ වෙලාවෙ අපේ සමාජයේ පවතින දේශපාලනය මොකක්ද? දෙමළෙක් බෝම්බයක් බැ`දන් එනවා දකින ෆැන්ටසිය, හිටපු එක්කෙනා අවුල් වෙන්න දැන් ඉන්න එක්කෙනා දෙන ආතල් බලනඑක, එකම පක්ෂයේ දෙන්නෙක් කොටවලා වෙනත් පක්ෂයක කෙනෙක් ගොඩයනවා බලන් ඉන්න එක, නගින්නෑ කියන අයව නග්ගන එක, බහින්නෑ කියන අය බස්සන එක, එක්කෙනෙක්ට ඔළුවක් එයි කියල බලන් ඉන්න එක, අනිත් කෙනාට නැට්ටක් එයි කියලා බලන් ඉන්න එක වගේ සි`ගිති ආතල් දේවල් ටිකක්.

ඔය වගේ චූන් අස්සෙ පහළ පාංතික පීඩිතයාව, හුදෙකලා වූ සමාජයීය අනෙකාව, දුප්පතාව, වින්දිතයාව අදාළ කරගෙන ආතල් කඩාගන්න ගොඩක් අය අකැමැතියි. ඒ කියන්නෙ මේ ක‍්‍රමයේදී පීඩිතයාව, අනෙකාව, දුප්පතාව, වින්දිතයාව දේශපාලනයට අදාළම නැති දේවල්. එතකොට දැන් තමයි දේශපාලනය කියන ප‍්‍රස්තුතයෙ උපයෝගිතාව ගැන කතා කරන්න හො`දම වෙලාව.

‘දේශපාලනය’ යන සිංහල වචනයත් ව්‍යවහාරය නිසා ව්‍යුත්පත්ති අර්ථය ඉක්මවා ගිහින් විශාල විෂයයක් වැළඳගත් පාරිභාෂික ශබ්දයක් වෙලා. ඒ නිසා එහි සමාජ සේවය, ලෝකාර්ථචර්යාව, ජන සේවය වගේ බහුතරයක් අර්ථ පේන්න ගන්නවා. ඒක නිසා දේශපාලනය යන ප‍්‍රස්තුතයට එක්, ආසන්න, පළල් අර්ථයක් දෙන්න පුළුවන්, පරාර්ථය (Philanthropy) කියලා.

එතකොට ‘දේශපාලනය’ යන්න (වාච්‍යාර්ථයෙන් තොරව) ප‍්‍රායෝගික අර්ථයෙන් ගත්තහම තමයි අර මුලින් කියපු ප‍්‍රස්තුත උපයෝගිතාවෙ අවම මට්ටමක් පේන්නෙ. ඒ නිසා තමයි දේශපාලනය තක්කඩින්ගෙ අන්තිම රක්ෂස්ථානය වෙන්නෙ විතරක් නෙමෙයි ගොඩක් සුබ සාධනවාදී තැන්වල ටරා-අරක්කු එන්නෙ. කෑම පැකට්, දන්සල් එන්නෙ, අල්ලස් දෙන්නෙ, දාමරිකයන් ලවා අහිංසක ඡන්දදායකයාට හිරිහැර කරන්නෙ, කොටින්ම කිව්වොත් දේශපාලනය, නරක අය එකතු වෙලා කරන නරක වැඩක් වෙන්නෙ.

මේ කතන්දර එකින් එකට ගැළපෙන කොට තමයි අපි කියන්නෙ අපේ රටේ දේශපාලන උපයෝගිතාව ඍණ බින්දුවයි කියලා. ඒ කියන්නෙ සිවිල් තත්ත්වයේවත් ක‍්‍රියාකාරී තත්ත්වයේවත් දේශපාලනයක් අපට නෑ කියන එක. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙනම් අධිවේගී මාර්ග ශැදෙන්නෙ කොහොමද? ගුවන් තොටුපොළවල් හැදෙන්නෙ කොහොමද? වරායවල් හැදෙන්නෙ කොහොමද? විදුලි බලාගාර හැදෙන්නෙ කොහොමද? ඒවා එතකොටෙ ද්ශපාලන උපයෝගිතා වන්නෙ වෙයිද කියලා.

මේක හරියට ම තේරුම් ගන්න පුළුවන් මෙහෙම හිතුවොත් මිනිස්සු දුප්පත්කම ගැන ප‍්‍රශ්න, අධ්‍යාපන ප‍්‍රශ්න, කායික මානසික ප‍්‍රශ්න සහ සදාචාර නෛපුණ්‍ය පිළිබඳ ප‍්‍රශ්න යනාදියට දේශපාලනයෙන් උත්තර හොයන කොට දේශපාලනඥයො කරන්නෙ මච්චරකල් නිදහසේ එහා මෙහා ගිය පාර කඩලා, කාපට් කරල ාඅධිවේගී මාර්ගයක් හදලා සිවිල් වැසියාට කියනවා, ඔන්න Express Way  එකක් හැදුවා, දැන් ඔන්න ටිකට් අරන් ඔය ගොල්ලන්ට ඒ කෙරවුමක් යන්න පුළුවන් කියලා. එතකොට මේ Express Way  එක (අර අපි උඩින් කියපු) සිවිල් වැසියාගෙ ඇත්ත ප‍්‍රශ්නයට කොහෙද යන්නෙ, මල්ලෙ පොල් වර්ගයේ උත්තරයක්ෙ වනවා. ඒ කියන්නෙ ඇත්තටම Express Way  එකක් තිබුණත් ඒක පෙනෙන සත්‍යයක් වුණත් සිවිල් වැසියාට, සිවිල් වැසියාගෙ ප‍්‍රශ්න වලට ඒකෙන් වෙච්ච උපයෝගිතාව මොකක්ද? ඒකත් හරියට ටෙනිසන් කුරේ කියන්න වගේ ඔය ගොල්ලො දන්නවද කැලේ කූඹි ඉන්නවා කියලා..... ඉතින් අපිට මොකෝ ඔහේ හිටිද්දෙන්..... වගේ එකක්. කැලේ කූඹි හිටියට අපිට මොකක්ද තියෙන උපයෝගිතාව? එතකොට ගුවන්තොටු පොළවල් ගැනත් වරායවල් ගැනත් අනෙකුත් දේවල් ගැනත් මේ විදිහටම හිතන්න පුළුවන්.

ඒකයි අපි මේ වියමන පුරාවටම කියන්න උත්සහ කරන්නෙ, අපේ රටේ දේශපාලනය වගේ එකක් තියෙනවා. ඒක ඇත්තක්. ඒත්කෝ සැබෑ දේශපාලනය, කෝ උපයෝගිතාවකින්යුත් දේශපාලනයක්? එහෙම බලනකොට අපේ භූමියෙ දේශපාලනය කරන ගොඩක් අය ළඟ තියෙන්නෙ දේශපාලනය නෙවෙයි, දැන්වීම් විතරයි. ඒකයි අපි අවසානයටත් කියන්නෙ අපේ රටේ බහුතරයක් දේශපාලනඥයො ළඟ නැතිම දේත් ඒගොල්ලො නොදන්නම දේත් දේශපාලනය කියලා.

ඇරිස්ටෆනිස් කියන්න වගේ අපේ බොහෝ දේශපාලනඥයන්ට අවශේෂ ලක්ෂණ එහෙම්පිටින්ම පිහිටලා තියෙනවා. ඒ තමයි දරුණු කට හඬක්, නරක ගතිපැවතුම් හා අශික්ෂිත පිළිවෙළක්. ඉතිං නැත්තෙ මොනවද?

මැයි පෙළපාලි ගිහින් ආතල් ගත්තා. එක එක්කෙනාගෙ ‘සයිසස්’ පෙන්නුවා. පෙන්න ගත්තා. ඔන්න අද ඉදන් TAX  නැග්ගා. ඇත්තම කියනවා නම් ඊයෙ නග්ගලා ආතල් ගත්ත  ගොඩක් අයට ඔන්න අද නමෝ විත්තියෙන් ම බැස්සා. ඊලග මැයි 01ටත් නග්ගන්න ආසද?

(ප්ලීස්... ආතල් නම් කඩා ගන්න එපා...)

No comments