Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඕෂධීටත් ජනාධිපති කොමිෂමට යන්න වෙලා ? - ‘මං දන් නෑ... කාගෙන්වත් මං වාසි අරගෙන නෑ’

අපි කවුරුත් කැමැතියි තමන්ගෙම කියලා වැඩකට අතගහන්න. බලාපොරොත්තු පොදි බැඳගෙන පටන් ගන්න හදන වැඩවලට පැමිණෙන බාධක එමටයි. ඒ අතරේ නැගෙන කටකතාවලට...

අපි කවුරුත් කැමැතියි තමන්ගෙම කියලා වැඩකට අතගහන්න. බලාපොරොත්තු පොදි බැඳගෙන පටන් ගන්න හදන වැඩවලට පැමිණෙන බාධක එමටයි. ඒ අතරේ නැගෙන කටකතාවලට උත්තර දෙන්නත් අමුතුවෙන්ම වෙලාවක් හොයාගන්න   ඕන. මොන දේ වුණත් පටන් ගත්ත වැඬේ ඉවර කරලා ඉන්නත්  ඕන. මේ වගේ ප‍්‍රශ්න ගොඩකට රංගන ශිල්පිනියක් මැදි වෙලා ඉන්නවා කියලා දැනගන්නට ලැබුණා. අපි ඇයත් සමඟ සිද්ධ වෙච්ච අවුල පිළිබඳව කතා කළා. ඇය  ඕෂධී හේවාමද්දුම.


ඕෂධීට මොකද මේ දවස්වල වෙන්නේ?
අලූතින් රූගත කිරීම් නම් ආරම්භ කරලා නෑ. ජූලි 7යි චිත‍්‍රපටය පසුගිය දා තිරගත වුණා. අලූතින් චිත‍්‍රපටයක් කරන්න සූදානම් වෙලා ඉන්නවා. මගේ මහත්තයත් ඒකට සම්බන්ධයි. ඒ වැඩ කටයුතුයි පවුල් ජීවිතේ වැඩ කටයුතුයි කරගෙන යනවා මේ දවස්වල.

 ඕෂධී නිෂ්පාදනය කරපු ටෙලි නාට්‍යයට මොකද වුණේ?

ඇත්තටම අධ්‍යක්ෂිකාවගේ ගැටලූවක් නිසා ටෙලි නාට්‍ය විකාශය කරගන්න බැරි වෙලා තියෙනවා. මම ටෙලි නාට්‍ය රූගත කිරීම් ආරම්භ කළේ 2012 දී. නමුත් තවමත් ටෙලි නාට්‍ය ප‍්‍රදර්ශනයට අවස්ථාව ලැබුණෙ නෑ.

ටෙලි නාට්‍ය විකුණාගන්න බෑ කියන්නේ ඇත්තද?

එහෙම කිසිම දෙයක් නෑ. අධ්‍යක්ෂිකාවගේ ප‍්‍රශ්නයක් නිසා තමයි ටෙලි නාට්‍යයට මේ තත්ත්වේ උදාවෙලා තියෙන්නේ. මම තව ටික කාලයක් බලලා නීතිමය පියවර ගන්න කටයුතු කරනවා. ඒ පිළිබඳව සාක්ෂිත් මා සතුව තියෙනවා. වෙලා තියෙන ප‍්‍රශ්නෙ මම මාධ්‍ය ඉදිරියට ගේන්න කලින් නීතිමය පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. ඉන් පසුව ඒ පිළිබඳව මාධ්‍යයට දැනුම් දෙනවා.

පසුගිය ආණ්ඩුවෙන්  ඕෂධීට ගොඩක් උදව් ලැබුණා කියන්නේ ඇත්තද?

මම කවදාවත් වාසි බලාගෙන දේශපාලනේ කළේ නෑ. මම කරේ හරි දේවල්වලට සහය දක්වපු එක විතරයි. හරි දේ වෙනුවෙන් හඬක් නගන්න හරි දෙයක් කරන්න විතරයි මට  ඕන වුණේ. ඉතින් මං ඒ දේ කරනවා. මං කවදාවත් දේශපාලනය - කලාව - ව්‍යාපාර - මගේ පවුල් ජීවිතේ මේ කිසිම දෙයක් එකට ඈදගෙන වැඩ කරලා නෑ. මං හැමදේම කරන්නේ වෙන් වෙන් වශයෙන්. කිසිම දෙයක් එකට පටලවගෙන නෑ.

හැබැයි රංගන ශිල්පියයි, නිෂ්පාදිකාවයි කියන වෘත්තීන් දෙක  ඕෂධී පටලවගත්තා නේද?

ඇත්තටම ඒකනම් මට පටලැවුණා. මොකද මම රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරද්දී වැඩ කරන්න ලේසි අධ්‍යක්ෂවරියකගේ නිෂ්පාදන කටයුත්තකට තමයි අත ගැහුවේ. හැබැයි ඇය නළු නිළියන්ට වැඩ කරන්න ලේසි වුණත් නිෂ්පාදිකාවකට සහය වෙන්නේ නෑ කියන එක මම තේරුම් ගත්තා. මේ මම කරපු පළමු වන වැඬේ. ඒ නිසා මට මේක හොඳ අත්දැකීමක්. මම අඩු වයසින් තමයි මේ වෘත්තීයට අතගැසුවේ අත්දැකීම් නොමැති කමින් තමයි මෙහෙම වුණේ. එක පාරක් වැරදුණාට ආපහු එහෙම වෙන්නෙ නෑ.

සමහරු කියනවා දේශපාලන පළිගැනීම් නිසාලූ  ඕෂධීට මේ ගැටලූවට මූණ දෙන්න වෙලා තියෙන්නෙ?
ටෙලි නාට්‍යයේ ගැටලූව නම් ඇති වෙලා තියෙන්නේ පැහැදිලිවම අධ්‍යක්ෂිකාවගේ ගැටලූව නිසයි. හැබැයි මේ ආණ්ඩුවෙන් පොඩි පොඩි කෙනෙහිලිකම් මට වෙනවා. මගේ ව්‍යාපාරයේ දැන්වීම් පුවරු මේ ළඟදී ඇවිත් නගර සභාවෙන් ගලවගෙන ගියා. කිසිම සහයෝගයක් නම් ලැබෙන්නෙ නෑ.

 ඕෂධීට ළඟදීම බරපතළ වංචා හා ¥ෂණ ජනාධිපති කොමිසමට යන්න වෙයි කියන්නේ ඇත්තද?

තාම නම් එහෙම දෙයක් දැනගන්න ලැබිලා නෑ. හැබැයි මං මට එහෙම යන්න වෙයි කියලා හිතන්නෙත් නෑ. මොකද මං කිසිම වාසියක් තිබුණ ආණ්ඩුවෙන් අරගෙන නෑ. මට එහෙනම් ඒ ආණ්ඩුව තියෙද්දී මගේ ටෙලි නාට්‍ය ප‍්‍රදර්ශනය කරගන්න කාලය තිබ්බා. හැබැයි මට එහෙම වුවමනාවක් නෑ. මට  ඕන හරි දේ හරි විදියට කරන්නයි. මම කිසිම කොන්ත‍්‍රාත්තුවක්වත්, රාජ්‍ය නාලිකාවක දර්ශනය වන ටෙලි නාට්‍යවල රංගනයටවත් කිසිම දෙයකට වරප‍්‍රසාද ලබා ගෙන නෑ. මම හඬක් නැගුවේ මට හරි කියලා හිතන දේශපාලන පක්ෂේ වෙනුවෙනුයි. ඒ වරප‍්‍රසාද, ලාභ ප‍්‍රයෝජන බලාගෙන නොවේ. එහෙම දේවල් මං ලබාගෙනත් නෑ. ඉතින් මට බය වෙන්න දේකුත් නෑ.

ඉදිරියට  ඕෂධී මොනවද කරන්න හිතාගෙන ඉන්නේ?

කලා කටයුතු හොඳින් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මං හිතනවා ඉක්මනින්ම පේ‍්‍රක්ෂකයන්ට මම නිෂ්පාදනය කරපු ටෙලි නාට්‍ය යදැක බලා ගැනීමේ හැකියාව ලැබෙයි කියලා. ඉස්සරහටත් මගේ දේශපාලන කටයුතු ඒ විදිහටම සිද්ධ වෙයි. හැමදේම සමබරව කරගෙන හොඳ පවුල් ජීවිතයක් ඉදිරියටත් ගෙවන්න බලාපොරොත්තු වෙනවා.

No comments