Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඔන්න අපිත් රැවටුණා හොඳේ... දැන් සනීපද අක්කේ...(නිළියක් ගොඩයන්න ගහපු මීඩියා ගේම් එකක්)

පහුගිය සතියේ එක්තරා නිළියක් කසාද බැන්දා (ආ... සොරි, විවාහ ගිවිස ගත්තා) කියලා ලොකු විකාරයක් කළා කියලා මතක ඇතිනේ. හැබැයි ඉතින් නිළිය නම් කි...

පහුගිය සතියේ එක්තරා නිළියක් කසාද බැන්දා (ආ... සොරි, විවාහ ගිවිස ගත්තා) කියලා ලොකු විකාරයක් කළා කියලා මතක ඇතිනේ. හැබැයි ඉතින් නිළිය නම් කියන්නෙ ‘කසාද බැන්දෙත් නෑ. එහෙම නොවුණෙත් නෑ’ කියලාලූ. කොහොමින් කොහොම හරි අපිත් ඔය ගැන අහන්න අදාළ නිළියට කතා කළා.

ආයුබෝවන්
නිළිය - කවුද මේ..?

අපි මේ Gossiplanka 9
නිළිය - ඔව් කියන්න.

ඔයා කසාද බැන්දලූ නේද?
නිළිය - පිස්සුද අනේ කවුද කියන්නෙ?

ඔයා එන්ගේජ් වෙන වෙලාවෙ ෆොටෝ ගහපු කෙනා තමයි කිව්වෙ.
නිළිය - පිස්සුද? මං බැන්දෙ නෑ. ඒක මියුසික් වීඩියෝ එකක්. ඔයගොල්ලන්ට ඕන විදිහකට හිතා ගන්න. (ටීක්... ටීක්.. ටීක්... දුරකථනය විසන්ධි විය)

අහවල් නිළිය කියපු කතාවෙන් අපිත් ටිකාක් විතර අවුල් වුණා. ඔන්න ඉතින් අපි හෝඩුවාව දීපු ෆොටෝ අයියටත් කතා කළා.

ආයුබෝවන්...
ෆොටෝ අයියා - ඔව්, කියන්න.

අරයා බැන්දෙ නෑ කියන්නෙ.
ඔයා එවපු ෆොටෝස් බොරු එව්වලූ.
ෆොටෝ අයියා - නෑ... නෑ... එයා බැන්දා.   ඕන නම් තව මගේ යාළුවෙක්ගෙ ෆෝන් නම්බර් එකත් දෙන්නම් අහල බලන්න.
(ටීක්... ටීක්.. ටීක්.. අපි ෆෝන් එක කට් කළා.)

ඒත් අපි එතැනින් නැවතුණේ නෑ. වැඩේ ගැන තව ටිකාක් හොයල බැලූවා. බැලින්නම් එයා ඇත්තටම බැඳලා. බැන්දහම ජනප‍්‍රයත්වය අඩු වෙන නිසා මීඩියාවලට කියන්නෙ නෑලූ.

කොහොම වුණත් ඔය අස්සෙ ෆොටෝ අයියයි නිළියයි දෙන්නා මීඩියාවලට පොඩි රඟපෑමකුත් කරලා. ඒක්කෙනෙක් කියනවා බැන්දා කියලා, අනෙක් කෙනා කියනවා බැන්දෙ නෑ කියලා. ඉතින් මේක පොඩි ආරවුලක් කරගෙන ගොසිප් එකත් හදාගෙන පබ්ලිසිටියකුත් හදාගෙන ගොඩයන්න තමයි ට‍්‍රයි කරලා තියෙන්නේ. ඔන්න ඉතින් ඒ දෙන්නා හිතපු විදිහට අපිත් පබ්ලිසිටිය දුන්නා. අවුලක් නෑනේ.. ඇත්තමයි විකුණන්න දේවල් නැති වුණාම සමහරු ඒ වගේ දේවලූත් මාර්කට් කරනවා නේ.

No comments