Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මෙගාවලට වාරණයක්..!

පිටරටවලින් ගෙනත් මෙහෙ හඬකවලා පෙන්වන මෙගා ටෙලි නාට්‍යවලට වාරණයක් දාන්න කියලා අපේ නළු නිළියො ටිකක් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන්න යනවා කියලා අ...

පිටරටවලින් ගෙනත් මෙහෙ හඬකවලා පෙන්වන මෙගා ටෙලි නාට්‍යවලට වාරණයක් දාන්න කියලා අපේ නළු නිළියො ටිකක් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන්න යනවා කියලා අපිට ආරංචි වුණා. 

ඒගොල්ලො කියන විදිහට පිටරටවල මෙගා නිසා ගොඩක් අයට වැඩ අඩු වෙලාලූ. ඒ වගේම සමහර දක්ෂ නළු නිළියො මෙගා නිසා රඟපෑමෙන් ඉවත් වෙලා ටෙලි නාට්‍ය හඬකැවීම්වලට පමණක්ම සීමා වෙලාලූ.
මෙහෙම ගියොත් විනාශ වෙන්නෙ අපේ රටේ කලාව කියල තමයි මෙගාවලට විරෝධය පාන අය නම් කියන්නෙ. 

ඒත් ඉතින් මේ වෙනකොටත් මෙගාවල හඬ කැවීම් කරගෙන යන අය කියන්නෙ නම් වෙනස් කතාවක්. ඒගොල්ලො කියන්නෙ පිටරට මෙගා මෙහෙ විකාශය වෙන එක ඒ හැටි ප‍්‍රශ්නයක් නෙමෙයි කියලා. ඒ විතරක් නෙමෙයි මෙගා නැති වුණොත් ඒගොල්ලන්ට දැන් ලැබෙන මුදලත් නැති වෙයි ලූ. 

අනේ මන්දා  ඉතින්. මෙව්වාට මුකුත් නොකියා ඉන්න එක තමයි නුවණට හුරු.

No comments