Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

හමේ පැහැය කළු නිසා ක්ෂේත්‍රයේ දී විඳින්න වුණු දුක් ගැන උමාරියා මුල්වරට හෙළි කරයි

සමේ පැහැය මං වගේ වුණු හැම කෙල්ලක්ම සුදු වෙන්න ඕන කියන බොරු රැල්ලට අහු වෙන්න එපා. "මම වගේම තළෙලු හමක් තියෙන ඔක්කොම ගෑනු ළමයින්ට ම...

සමේ පැහැය මං වගේ වුණු හැම කෙල්ලක්ම සුදු වෙන්න ඕන කියන බොරු රැල්ලට අහු වෙන්න එපා.

"මම වගේම තළෙලු හමක් තියෙන ඔක්කොම ගෑනු ළමයින්ට මේ දේ කියන්න ඕන කියලා හිතෙනවා.මේ සමාජයේ පිළිගැනීමක් ලැබෙන්න ඔයාලා කෘතිමව සුදු වෙන්න ඕන කියලා හිතන්න එපා" තමන්ගේ කළු හම ගැන දුක් වෙලා සුදු වෙන්න හදන සියළුම ගෑනු ළමයින්ට මේ පණිවුඩය දුන්නේ උමාරියා සිංහවංශ. මේ කාලේ සුදු වෙන්න ඕනම දෙයක් කරන්න බලන් ඉන්න කෙල්ලන්ට මේක හොඳ ආදර්ශමත් පණිවුඩයක් වෙයි කියලා අපි හිතුවා. 

"බොරුවට මේ කෲර සමාජය කියන දේවල් වලින් ඔබේ ලස්සන නැති කරගන්න එපා." උමාරියා සමේ පාටට සලකන සමාජය ගැන ලොකු තරහකින් තමයි මේ කතාව කියන්නේ.සමේ පැහැය කියන දේ පුදුම විදියට විවේචනය කරමින් ඒ තුළින් මිනිස්සු මනින සමාජයක් බිහි වෙලා කියල ඇය කියනවා.

"ඒ ප්රශ්නය මගේ කලා ජීවිතයෙ මටත් මේ වෙනකොට කීප අවස්තාවකම බලපෑමක් වෙලා තියනව. දෙවියන් අප සියලු දෙනාම ලස්සනට අපගේම අනන්යභාවයක් දී මවල තියනව. තමන් තමන් ගැන සතුටු වෙන තාක් තමන්ටම සියලු දේ ජයගන්න පුලුවන්.
සුදු වෙන්න කෙට්ටු වෙන්න ඕන කියන බොරු රැල්ලට අහු වෙන්නෙ එපා. තමන්ගෙ සම හා සෞඛ්ය ස්වාභාවික විදියට රැක බලාගන්න. කාටවත් තමන්ට කරන්න පුළුවන් බැරි දේ කියන්න දෙන්න එපා. ආගම, ඇදහීම්, උස, බර, ඉන හෝ සම පාට නෙමේයි හදවතින් එන චේතනාවයි වැදගත් වෙන්න ඕන."

සමේ පැහැය නිසා ඕනම තැනක පීඩාවට පත්වෙන්න පුළුවන් රැකියාවෙදි පාසලේදි කොන් වෙන්න තියෙන ඉඩ එන්න එන්නම වැඩි වෙන අවස්ථාවක කළු කෙල්ලක් විදියට උමාරියා මේ දුන්නු පණිවුඩය බොහෝ දෙනෙකුට වැදගත් වෙයි.


No comments