Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

උණුසුම් විවාදයකින් පසු ප‍්‍රීති සින්ටා IPL අත්හරී

IPL වල දී ඉන්දියාවේ ක‍්‍රීඩකයන් පමණක් නෙවෙයි බොලිවුඞ් පුරයම වගේ තරග බිමට පිවිසෙන කාලයක්. චිත‍්‍රපටවල දී ඇති උණුසුම IPL පිටියේදීත් ඒ වි...


IPL වල දී ඉන්දියාවේ ක‍්‍රීඩකයන් පමණක් නෙවෙයි බොලිවුඞ් පුරයම වගේ තරග බිමට පිවිසෙන කාලයක්. චිත‍්‍රපටවල දී ඇති උණුසුම IPL පිටියේදීත් ඒ විදිහටම තියෙනවා. ඒ ආකාරයේ තවත් IPL තරගාවලියක් පසුගිය 29 වන දා අවසන් වුණා. ඒ තරගයෙන් සුපිරි ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩක විරාට් කෝලිගේ නායකත්වයෙන් තරග  වැදුණ  Royal Challengers Bangalore  පරදවා  ජයගත්තේ Sunrise Hyderabad  කණ්ඩායමයි. 

මේ කියන්න හදන්නේ ඒ තරගය ගැන නම් නෙවෙයි. මේ බොහොමයක් කණ්ඩායම්වලට නායකත්වය දෙන්නේ සුපිරි බොලිවුඞ් තරු නිසා ඒ තරුවක් සම්බන්ධයෙන් ඇති වුණ සිදුවීමක් ගැන. ඒ වෙන කවුරුත් නෙවෙයි, ප‍්‍රීති සින්ටා. 

පසුගිය වසර කිහිපය තුළම ප‍්‍රීති සින්ටා IPL තරගාවලියේ කැපී පෙනෙන චාරිතයක් වුණා. ඇය Kings XI Punjab  කණ්ඩායමේ සම හිමිකාරිනියයි. එහෙත් දැන් ඇය ක‍්‍රිකට්වලට  සමුදී යළිත් සිනමාවට සහ නිර්මාණකරණයට පිවිසෙන්නට තීරණය කර තිබෙන බව බොලිවුඩය පැත්තෙන් ආරංචි වෙනවා. ඊට හේතු වුණේ පසුගිය දා පැවති IPL තරග මාලාවේ දී තමන්ගේ කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ට සහ පුහුණුකරුවන්ට ප‍්‍රීති විසින් දැඩි ලෙස දොස් පැවරීමයි. මෙසේ දොස් පවරන්නට හේතු වී තිබුණේ Kings XI Punjab  සහ Royal Challengers Bangalore කණ්ඩායම් දෙක අතර පැවති තරගයෙන් Kings XI Punjab  පිල පරාජයට පත් වීමයි.

ඉන්දීය මාධ්‍ය මෙය වාර්තා කර  තිබුණේ ප‍්‍රීති සින්ටා විසින් Kings XI Punjab  කණ්ඩායමේ පුහුණුකරු වන සන්ජේ බන්ගාර් හට පරුෂ වචන ද කියා දොස් පවරා ඇති බවයි. 

කොහොම වුණත් බොහෝ මාධ්‍යයන්ට මෙය ඉතා රසවත් පුවතක් වීම ප‍්‍රීතිව තවත් කේන්ති ගස්සවන්න හේතුවක් වුණා. Facebook එක හරහා ඊට ප‍්‍රතිචාර දැක්වූ ප‍්‍රීති සඳහන් කළේ මෙවැනි කටකතා නිර්මාණය කරන්නේ ඇතැම් මාධ්‍යවේදීන්ම බවයි. 

”මම කොතැනදිවත් පරුෂ වචන කීවෙ නැහැ. මම ඒ වෙලාවේ කළේ සන්ජේ සමඟ තත්පර 20ක් විතර කතා කරපු එක විතරයි. ඉන්පසුව මම එතන හිටිය විරාට් කෝලිට සුබ පැතුවා. ෂේන් වොට්සන් එක්ක ටිකක් කතා කළා. පස්සේ මගේ සැමියා සමඟ එතැනින් පිටත් වෙලා ඇවිත් කාර් එකේ නැගලා යන්න ගියා. සමහර අය කියලා තිබුණා මම ක‍්‍රිකට් ගැන දන්නේ නෑ කියලා. නමුත් මම පසුගිය වසර නවයම ගත කළේ ක‍්‍රිකට්  සමඟ.” 
මේ වන විට 40 වන වියේ පසුවන ප‍්‍රීති IPL තරග සඳහා එකතු වන්නේ එහි ආරම්භය සිදු වන 2008 වසරේ සිටමයි. එදා සිට මේ දක්වා ඇය තම කණ්ඩායම වන Kings XI Punjab ක‍්‍රීඩා කරන සියලූම තරග නැරඹීමට පැමිණි අතර ඒ සෑම අවස්ථාවකදීම කණ්ඩායම දිරි ගන්වනු දකින්නට ලැබුණා. මේ සිදුවීම් සමඟ ප‍්‍රීති මාධ්‍යට පවසා ඇත්තේ තවදුරටත් IPL සඳහා තමන්ගේ සහභාගීත්වය නොවැදගත් වනු ඇති බවයි. 

මේ වන විටත් ඉන්දියාවේ ජනප‍්‍රිය නර්තන රියැලිටි වැඩසටහනක් වන Nach Baliye  7 වන අදියරේ විනිසුරුවරියක ලෙස තෝරාගෙන ඇත. එසේම මෙවර  IPL තරගාවලිය ඇගේ අවසන් IPL තරගාවලිය ද වනු ඇත.

No comments