Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ලොව සරාගී කාන්තාවන් 100 අතරට තේරුණු අර්ජුන්ගේ අලුත්ම පෙම්වතිය ඉන්දියාව කළඹයි - Photos

බොලිවුඩ් සිනමාවේ ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු වන අර්ජුන් රාම්පාල් පිළිබඳව කතාබහක් ඇති වූයේ ඔහුගේ මවගේ අභාවප්‍රාප්තවීම හේතුවෙන්. ඇයගේ අවමංගලය...

බොලිවුඩ් සිනමාවේ ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු වන අර්ජුන් රාම්පාල් පිළිබඳව කතාබහක් ඇති වූයේ ඔහුගේ මවගේ අභාවප්‍රාප්තවීම හේතුවෙන්. ඇයගේ අවමංගලය උත්සවය බොලිවුඩ් සිනමාවේ බොහෝ දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදුකෙරුණා.

වසර ගණනාවක් තිස්සේ පැවැති පියයුරු පිළිකා රෝගය හේතුවෙන් ඇය මෙලෙස සමුගත් බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරනවා. මේ රෝගී තත්ත්වය හේතුවෙන් ඇය බොහෝ කාලයක් දුක්විඳි බව අර්ජුන් ඉන්දියානු මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

මේ කාරණාවට අමතරව තවත් සිදුවීමක් ගැන ඉන්දියානු මාධ්‍ය කතාබහ කිරීමට සූදානම් වුණා. ඒ අර්ජුන් රාම්පාල්ගේ නවතම පෙම්වතිය පිළිබඳවයි.

අර්ජුන්ගේ මවගේ අවමංගල්‍යයේ අවසන් කටයුතු සිදුකරන දා අර්ජුන්ගෙන් වෙන්ව ජීවත් වන බිරිඳ වන මීර් ජෙසියාද අර්ජුන්ගේ මවට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ තිබෙනවා.

1998 වසරේදී ඔවුන් දෙදෙනා විවාහ වූ අතර, මෙම වසරේදී ඔවුන් දෙදෙනාගේ දික්කසාද වී තිබෙනවා.

අර්ජුන්ගේ හිටපු බිරිඳ වන මීර් තම දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නඩුවක්ද ගොනු කර ඇති බවත් සඳහන්.

එම කාරණාවලට අමතරව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූයේ අර්ජුන්ගේ වර්තමාන පෙම්වතිය වන ගාබ්‍රියෙලා ඩෙමිට්රියාඩ්ද මෙම අවමගුල් උත්සවය සඳහා දායක වීම නිසාවෙන්. දකුණු අප්‍රිකානු නිරූපිකාවක් වන ගාබ්‍රියෙලා සහ අර්ජුන්ගේ සම්බන්ධතාවට ටික කලක් ගතවන බවට සඳහන් අතර මේ කාරණාව හේතුවෙන් අර්ජුන්ගේ විවාහය දෙදරා ගිය බවටත් රාවයක් පවතිනවා.

කෙසේවුවත්, මේ වනවිට ප්‍රසිද්ධියේ මොවුන් දෙදෙනා කාලය ගත කරන බවට පැවසෙන අතර, ලොව සුප්‍රසිද්ධ සඟරාවක් වන ‘FHM’ සඟරාව විසින් ඇය ලොව සරාගී (100 Sexiest Women In The World) කාන්තාවන් 100 දෙනා අතර රැඳී සිටින බව සඳහන්.

දකුණු අප්‍රිකාවේ ජීවත් වන ඇය ඉන්දියාවට පැමිණෙන්නේ 2009 වසරේදී. ඒ 'Indian Premier League (IPL) Bollywood' නමින් සංවිධානය කරනු ලබන තරගය හේතුවෙන්. එහිදී ඇය Miss IPL Bollywood කිරුළ හිමිකර ගනු ලැබුවා. රටවල් 48ක තරගකරුවන් අතරින් ඇයට මෙලෙස ජයග්‍රහණය කිරීමට අවස්ථාව උදා වුණා.

ඉන්පසු ඇය Kolkata Knight Riders සඳහා සහයෝගය පළ කළා. මෙම කිරුළෙන් පසුව ඇයට ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන වෙළෙඳ දැන්වීම සඳහා අවස්ථාවන් උදා වූ අතර, Micromax දුරකථන සඳහා ඇය වෙළෙඳ තනාපතිනිය ලෙස නම්කරනු ලැබුවා.

ඇයගේ නර්තන හැකියාව නිසා ඇයට මලාලම් චිත්‍රපටයක් වන ‘Red Wine’ චිත්‍රපටයේ ගීතයක් සඳහා දායක වීමට අවස්ථාව උදා වුණා.

ඉන්දියානු ගායක උදිත් නාරායනගේ පුතු වන අදිත්‍ය නාරායන්ගේ ගීතයක මියුසික් වීඩියෝ සඳහා ඇයට අවස්ථාවක් හිමිව තිබෙනවා. මේ ආකාරයෙන් ඇය ඉන්දියානු නිෂ්පාදිත නිර්මාණ සඳහා දායක වුණා. 2010 වසරේදී ඇය සහ අර්ජුන්ගේ මිතුරුකම ආරම්භ වී තිබෙනවා.

අර්ජුන්ගේ බිරිඳගේ ව්‍යාපාරයේ වෙළෙඳ කටයුතු සඳහා ග්‍රාබියෙලා සම්බන්ධ වී ඇති අතර ඒ හේතුවෙන් අර්ජුන් සහ ග්‍රාබියෙලා නිතර මුණගැසුනු බවයි ඉන්දියානු මාධ්‍ය සඳහන් කරන්නේ.

මේ ආකාරයෙන් මොවුන් දෙදෙනාගේ සම්බන්ධතාව ආරම්භ වූ බවට ඉන්දියානු මාධ්‍ය සඳහන් කරන අතර, 2014 වසරේදී ඇයට සිනමාවට පිවිසීමට අවස්ථාව උදාවුණා.

ඒ 2014 වසරේ තිරගත වූ Sonali Cable නම් චිත්‍රපටය ඔස්සේ. සිනමා නිළියක් ලෙස ඇයට රංගනයෙන් දායක වීමට අවස්ථාව උදා වූයේ චිත්‍රපට දෙකක් සඳහා පමණයි.

2016 වසරේදී ඇයට නැවත සිනමා නිර්මාණයක් සඳහා අවස්ථාව උදාවුණා.

ඒ තෙළිඟු චිත්‍රපටයක් වන ‘Oopiri’ නම් චිත්‍රපටයයි.

කෙසේ වුවත් සිනමා නිළියක්, නිරූපිකාවකට වඩා ඇයව මේ වන විට ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ අර්ජුන්ගේ නවතම පෙම්වතිය ලෙස වීම පුදුමයට කාරණාවක් නොවේ.






No comments