Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මහින්ද මැතිතුමාට හැමවිටම ශක්තියක් වුණ නියෝජිතයන් යළිත් පත්කීරීමේ අයිතිය, වගකීම ඔබට ලැබිලා තියෙනවා. - ගෝඨා

ජනතාවට ලැබී ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ පරම අයිතිය ඥානාන්විතව භාවිතා කරමු යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. පසුගියදා පැවති ...

ජනතාවට ලැබී ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ පරම අයිතිය ඥානාන්විතව භාවිතා කරමු යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පසුගියදා පැවති එළිය වැඩසටහනට සහභාගි වෙමින් ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

"මේ දිනවල අපි දකිනවා විදේශ මාධ්‍ය, විදේශ තානාපති කාර්යාල නිලධාරීන් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැති උනා කියලා විශාල ආන්දෝලනයක් ඇති කරමින් යනවා. රටේ පාලකයන්ට නිවැරදිව රට පාලනය කරන්නට නොහැකි වුණ අවස්ථාවක මහජනතාවගේ ඡන්දයෙන් නව රජයක් බිහිකරලා රට නිවැරදි දිශාවකට ගෙනයන්නට දරන උත්සාහය ඔවුන් දකින්නේ ප්‍රජාතන්ත්‍ර වීරෝධී දෙයක් හැටියට. ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනයේ අර්ථයත් මොවුන් වෙනස්කොට තිබෙනවා. අපේ රටේ ඇතිවන ප්‍රශ්න විසදන්නට අපේ රටේ ජනතාවට බලය දෙන එක ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ ද යන්න අපට ඔවුන්ගෙන් අහන්න වෙනවා. එදා 2015 බහුතර බලයක් තිබුණු මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවේ අගමැතිවරයා වෙනස් කරලා මන්ත්‍රීධුර 47ක් තිබුණු එජාප නායකයා අගමැති බවට පත්කළා. එදා එය ඔවුන් අර්ථ දැක්වුවේ ප්‍රජාතන්ත්‍රවාදී, ව්‍යවස්ථාවට එකගයි කියලා."

"වසර ගණනාවක් ඇදුණු ත්‍රස්තවාදය අවසාන කරලා සාමකාමී රටක් හදලා ආර්ථික මට්ටම ඉහළ නංවපු, කවදාකවත් නොදුටු ඓතිහාසික සංවර්ධනයක් මේ රටේ ඇති කරපු ජනාධිපතිවරයා ගෙදර යවන්නට කටයුතු කළෙත් මේ බලවේග තමයි. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ විදේශ බලවේග වලට යටත් නොවුණු නිසා අපේ රටේ ජනතාව අතර වැරදි මතයක් හදලා, විශේෂයෙන්ම සුළු ජාතිකයන් අතර වැරදි මත පතුරවලා යහපාලන ආණ්ඩුව හැදුවේ අපි නෙවෙයි. ඒ යහපාලන ආණ්ඩුව රටේ ආර්ථිකය විනාශ කරද්දි, රටේ ස්වෛරීභාවය උගසට දෙද්දි, රට බෙදන ව්‍යවස්ථාවන් ගෙන එද්දි, ඡන්ද පවත්වන්නේ නැතිව කල් දමද්දී අද විරුද්ධ වෙන බලවේග ඒවා ප්‍රජාතන්ත්‍රවාදී හා ව්‍යවස්ථාවට එකග ලෙස හුවා දක්වමින් ඇස් කන් පියාගෙන හිටියා.”

“මෑතක් වන විට යහපාලන රජය තුළ, ජනපති හා අගමැති අතර, ඔවුන්ගේ ප්‍රතිපත්ති අතර මතභේද ඇතිවෙලා රට අර්බුදකාරී තත්ත්වයකට පත්වුණ වෙලාවක ජනපතිගේ ආරාධනයෙන් මේ රටේ අගමැති ධුරය බාරගත්තා. ඒ මොහොතේ එතුමා කිව්වේ අපි හැකි ඉක්මණින් ජනතාව ඉදිරියට ගිහින් මතය විමසන්න අවශ්‍යයි කියලා. තමන් තවමත් අගමැතිවරයා කියමින් හිටපු අගමැතිතුමා අරලියගහ මන්දිරයේ රැදී සිටිමින් විදේශ තානාපති කාර්යාල නිලධාරීන් හමුවෙනවා. කතානායකවරයා මේ රජය පිළිගන්නට පුළුවන්කමක් නෑ යනුවෙන් ප්‍රකාශ කරද්දි තිබෙන හොදම විසදුම ජනතාව ඉදිරියට යන එක. ප්‍රජාතන්ත්‍රවාදයේ උච්ච ස්ථානය තමයි ඡන්දය අයිතිය කියන්නේ ඒ හරහා ජනතාවගේ කැමැත්තට අනුව රජයක් හදාගන්නට ඉඩදීම අපගේ යුතුකමක්.”

“මේක ජනතාව සුපරීක්ෂාකාරීව සිටිය යුතු අවස්ථාවක්. දිගින් දිගටම ඡන්ද කල්දාපු රජය ආණ්ඩුව විසිරෙව්වට පස්සේ සුදු මහත්තුරු ළගට ගිහින් අඩා වැළපෙනවා, ඡන්දයට විරුද්ධව උසාවි යන්න හදනවා. මේ සියල්ලටම හේතුව මේ ඡන්දයෙන් ඔවුන්ට අත්වෙන ඉරණම ඔවුන් දන්න නිසා. පසුගිය ආණ්ඩුව පත්වෙලා ටික කලක් යනකොට ජනතාව කිව්වේ අපිට වැරැද්දක් වුණා කියලා. දැන් ජනතාවට හොද අවස්ථාවක් යළිත් ලැබිලා තිබෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් මේ රටට ස්ථාවර රජයක් බිහිකිරීමට. අපි කරගෙන ගිය සංවර්ධනය යළිත් ආරම්භ කරලා මැනවින් එය ඉදිරියට කරගෙන යන්න පුළුවන් ජනතා නියෝජිතයන් පත්කර ගැනීමේ අවස්ථාව ජනතාවට ලැබිලා තියෙනවා.

මහින්ද රාජපක්ෂ මැතිතුමාට හැමවිටම ශක්තියක් වුණ නියෝජිතයන් යළිත් පත්කීරීමේ අයිතිය, වගකීම ඔබට ලැබිලා තියෙනවා. යුද්ධ කරන කාලයේ දී පවා අපි ආර්ථිකයේ සියළු බර දරාගෙන ගොවීන්ට පොහොර සහනාධාර ලබාදුන්නා. රට සහලින් ස්වයංපෝෂිත කළා. අධිවේගී මාර්ග තැනුවා. නමුත් පසුගිය රජය ඒ සියල්ල වලපල්ලට ඇදලා දැම්මා. රට ණය උගුලක හිරකලා කියලා හම්බන්තොට වරාය වැනි ආර්ථික මර්මස්ථාන විජාතිකයන්ට බද්දට දුන්නා. එවැනි අදූරදර්ශි පාලනයකට අද තිත තියන්න වරම ජනතාවට ලැබිලා තියෙනවා. මේ ලැබෙන අවස්ථාව ඉතාම ඥානාන්විතව ප්‍රයෝජනයට අරගෙන යළිත් ස්ථාවර රටක් ගොඩනගන්නට අපි එක්වෙමු.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

No comments