Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ආණ්ඩුවටත් විපක්ෂයටත් 113ක් නෑ

ආණ්ඩුවටත්, රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ විපක්ෂයටත් පාර්ලිමේන්තුවේ 113 ක් නොමැති බව ජනමාධ්‍ය හා නිපුණතා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ ...

ආණ්ඩුවටත්, රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ විපක්ෂයටත් පාර්ලිමේන්තුවේ 113 ක් නොමැති බව ජනමාධ්‍ය හා නිපුණතා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (14) පැවැසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් දයාසිරි ජයසේකර මහතා මෙම අදහස් පැවැසීය. කථානායකවරයා ජනාධිපතිවරයා වෙත මන්ත්‍රීවරු 120 කගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කර ඇතිදැයි මාධ්‍ය මෙහිදී විමසීය.

ඊට පිළිතුරු දුන් ඇමැතිවරයා පැවැසුවේ මන්ත්‍රීවරු 120 කගේ එම අත්සන් ‍ලේඛනය පිළිගත නොහැකි බවත් එම අත්සන් ‍ලේඛනයේ දින දෙකක් සහ තවත් ව්‍යාජ තොරතුරු ඇති බවයි.

නව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමද සම්පූර්ණයෙන්ම ‍ප්‍රෝඩාකාරී බව ඔහු පැවැසීය. පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් බැහැරව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව හැසිරවීම නීති විරෝධී බව පැවැසූ දයාසිරි ජයසේකර මහතා එම නීති විරෝධී තත්ත්වයන්ට එරෙහිව ඉදිරියේදී පියවර ගැනීමට බලා‍පොරොත්තු වන බවද පැවැසීය.

No comments