Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

එජාප අගමැති අපේක්‍ෂකත්වයට සජිත්ගේ නම යෝජනා වෙයි - අවසන් තීරණයක් නැහැ - අකිල විරාජ්

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා අගමැති අපේක්‍ෂක ලෙස නම් කරන ලෙස යෝජනා ...

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා අගමැති අපේක්‍ෂක ලෙස නම් කරන ලෙස යෝජනා හා අදහස් රැසක් ඉදිරිපත්වී ඇති බව එම පක්‍ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක්‌ එක්‌සත් ජාතික පක්‍ෂය නිල වශයෙන් තීරණයක්‌ ගෙන නැතැයිද හෙතෙම සඳහන් කළේය.

පක්‍ෂ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතා රැඳී සිටිමින් අදාළ සියලු කටයුතු සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ සිදුකිරීමට මේ වන විට සාකච්ඡා කර තිබෙන බවත්, ඒ අනුව ඔහු විසින් මැතිවරණයට අදාළ සියලු කටයුතු සංවිධානය කරනු ඇති බවත් එක්‌සත් ජාතික පක්‍ෂයේ තවත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්‌ පැවැසීය.

එක්‌සත් ජාතික පක්‍ෂය මහ මැතිවරණයට පුළුල් සංවිධානයක්‌ යටතේ තරග කරන බවත්, මැතිවරණයට අලියා ලකුණින් හෝ හංසයා ලකුණින් තරග කරනවාද යන්න තීරණය කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා

No comments