Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ජනපතිගේ ගැසට් නිවේදනය අනුව අසුන් පනවනවා - කථානායක

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයා පත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය තමන් පිළිගන්නා බව කථානායක කරු ...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයා පත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය තමන් පිළිගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ට ඊයේ (07දා) දැනුම් දී ඇත. ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය ප්‍රකාරව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ට ආසන පැනවීම කරනා බවද පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී කථානායකවරයා දැනුම් දී තිබේ.

එසේ වුවද රටක් අස්ථාවර වී මොහොතක රටත් ලෝකයාත් සිදුවූ වෙනස්කම් දෙස බලා සිටින නිසා පාර්ලිමේන්තුවේ බහුතරය බලය තහවුරු කරනා පිරිස විසින් පෙන්විය යුතුය යන මතයේ තමා සිටිනාබවද හෙතෙම සඳහන් කර ඇත. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීම මැති ඇමැතිවරුන්ගේ අදහස් දැක්වීම හමුවේ එකම කාලගෝට්ටියක් වී ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් සභානායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා, වරාය හා නාවුක කටයුතු ඇමැති මහින්ද සමරසිංහ, මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි හා තිලංග සුමතිපාල යන මහත්වරුන් සහභාගි වී තිබේ.

විපක්ෂය වෙනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලත, රවි කරුණානායක, අජිත් පී. පෙරේරා, චම්පික රණවක, අනුර කුමාර දිසානායක, විපක්ෂ නායක ආර්. සම්පන්දන් හා එම් ඒ. සුමන්තිරන් යන මහත්වරුන් සහභාගි වී ඇත.

මෙහිදී ආණ්ඩු පක්ෂය කථානායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ ස්ථාවර නියෝග හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන ලෙසය. මෙහිදී විපක්ෂය කියා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීමත් අනෙක් ඇමතිවරු පත් කිරීමත් නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවයි. එම නිසා නව අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බවද විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ප්‍රකාශ කර තිබේ.

එහිදී සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුව කැඳවන 14 දා එවැනි යෝජනාවක් ගැනීමට ඉඩ නැති බවත් එහිදී න්‍යාය පත්‍රය සැකසෙන්නේ ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට පමණක් බවත් කියා ඇත. එහිදී දෙපාර්ශ්වයම එකිනෙකාට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමට පටන් ගැනීම නිසා පක්ෂ නායක රැස්වීම එකම කාලගෝට්ටියක් බවට පත්ව තිබේ.

විපක්ෂය දිගින් දිගටම කියා ඇත්තේ ආණ්ඩුවට 113ක් නොමැති බවය. එහිදී දිනේෂ් ගුණවර්ධන මහතා කියා ඇත්තේ එය ඉදිරියට බලාගත හැකි බවය.

No comments