Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සමනල කතාවෙන් ලිංගික ජනකොටසක් ඉලක්ක කළේ නෑ - මහින්ද

පැවති රජයේ තීන්දු තීරණ ගත්තේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ සමනල රෑනක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය කිසිසේත්ම ලිංගික ...

පැවති රජයේ තීන්දු තීරණ ගත්තේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ සමනල රෑනක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය කිසිසේත්ම ලිංගික ජනකොටසක් ඉලක්ක කරගනිමින් සිදුකළ ප්‍රකාශයක් නොවන බව සම කැබිනට් ප්‍රකාශය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (07) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

බත්තරමුල්ලේදී පසුගිය 05 දා පැවති ජන මහිමය රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද සමරසිංහ මහතා මෙසේද පැවසීය

"ජනාධිපතිතුමා දේශපාලන රැස්වීමේදී ඒ කරපු ප්‍රකාශට කිසිසේත්ම ලිංගික ජනකොටසක් ඉලක්ක කරගෙන පදනම් කරගෙන කරපු දෙයක් නෙවෙයි කියලා මම පැහැදිලිවම කියන්න ඕන. ඒ ප්‍රකාශයට නොයෙකුත් අය නොයෙකුත් අර්ථකථන දෙන්න පටන් අරගෙන තිබෙනවා. නමුත් ජනාධිපතිතුමා එවැනි අදහසත් පදනම් කරගෙන නෙවෙයි ඒ ප්‍රකාශය කළේ. රාජිත සේනාරත්න ඇමතිතුමාත් මාධ්‍ය හමුවක් කැඳවලා කිව්වා එයා ගැනයි ඒ කිව්වේ කියලා. හිටපු අගමැතිතුමා වටේ පිරිසක් හිටියා. ඒවගේ පිරිස එක එක තැන්වලට ගිහිල්ලා අනවශ්‍ය ලෙස ඇඟිලි ගහලා එතුමාගේ පාර්ශ්වයෙන් අවුල්කළා කියන එකයි ඒ කිව්වේ. මෙතන ලිංගික කොටසක් පදනම් කරගෙන ජනාධිපතිතුමා අදහස් ප්‍රකාශ කිරීමක් නෙවෙයි සිදු කළේ."

No comments