Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මුහුණු ‍පොතේ හොර විනූ උදානි ලා

මගේ සම වයසේ ඉන්න යාළුවෝ හැමදෙනාටම facebook ගිණුමක් තිබුණත් මම ඉස්සර ඒ ගැන වැඩි උනන්දුවක් දැක්වූයේ නැහැ. මම රඟපාන්න ආවට පස්සේ තමයි faceboo...

මගේ සම වයසේ ඉන්න යාළුවෝ හැමදෙනාටම facebook ගිණුමක් තිබුණත් මම ඉස්සර ඒ ගැන වැඩි උනන්දුවක් දැක්වූයේ නැහැ. මම රඟපාන්න ආවට පස්සේ තමයි facebook එකවුන්ට් එකක් හදා ගත්තේ. එහෙම කරන්නත් හේතුවක් තිබුණා. ඔයා විදියට facebook එකෙන් අපිට චැට් කරන කෙනෙක් ඉන්නවා.

දෙතුන් දෙනෙක් මට ඔය විදියට කිව්වට පස්සේ තමයි මමත් facebook ගිණුමක් හැදුවේ. ඊට පස්සේ මම හොයලා බැලුවා මගේ නමින් facebook ගිණුම් පවත්වාගෙන යන්නේ කවුද කියලා. එතකොට තමයි මම දැන ගත්තේ මගේ නමින් facebook ගිණුම් 20ක් විතර තියෙනවා කියලා. අද වෙද්දී මුහුණු ‍පොතේ ඒ වගේ හොර විනූ උදානි ලා කී දෙනෙක් ඉන්නවාද කියලා මම දන්නේ නැහැ. ඒ වගේ බොරු කාරයෝ හින්දා මම නොයෙක් විදියේ අපහසුතාවලට නම් ලක් වෙලා තියෙනවා.

එක දවසක් මම රූගත කිරීමක ඉන්න අතරේ එක ගෑනු ළමයෙකුගෙන් දුරකථන ඇමතුමක් ආවා. ඒ ගෑනු ළමයා බොහොම අහිංසක විදියට මමත් එක්ක ටිකක් කතා කරන්න අවශ්‍යයි කියලා කිව්වම මම හිතුවේ පත්තරේක ඉන්ටර්විව් එකක් ගන්න කියලයි. ඒත් ටික වෙලාවක් යනකොට ඒ ළමයා කිව්වා මට ඔයාට පෞද්ගලික දෙයක් කියන්න තියෙනවා කියලා. මමත් එයාට ඇහුම්කන් දුන්නා.

මගේ බෝයි ෆේ‍රන්ඩ් ඇක්ට් කරනවා. එයයි ඔයයි අතරේ ලොකු යාළුකමක් තියෙනවා නේද? ඇයි ඔයා අපි දෙන්න අතරට ආවේ ඒ ගෑනු ළමයා එහෙම කියද්දී මම පුදුමයෙන් වගේ අහගෙන හිටියා. මොකද එයාගේ පෙම්වතාව මම දන්නෙවත් නැහැ. ඒ වගේම එහෙම නමක් තියෙන නළුවෙක් ගැන මම අහලවත් තිබුණේ නැහැ. බලනකොට මේ කියන පිරිමි ළමයා ටෙලි නාට්‍යයක අතිරේක ජවනිකාවක හිටපු ළමයෙක්. ඔහු මගේ නමින් පෙනී සිටින කෙනෙක් එක්ක දිගින් දිගටම චැට් කරලා. ඒකයි මේ සිදුවීමේ සුල මුල. පස්සේ මම අර ගෑනු ළමයට ඇත්ත කතාව තේරුම් කරලා දුන්නා.

facebook හින්දා සිදු වූ තවත් සිදුවීමක් තමයි මේ. අපේ කලා ලෝකයේ කිහිප දෙනෙකුම මට කිව්වා මම facebook හරහා එයාලට messege කරලා ඒ අයගේ දුරකථන අංක ඉල්ලු බව. මම හොඳින් දන්න දුරකථන අංක පවා හඳුනන අයගෙනුත් මේ විදියට දුරකථන අංක ඉල්ලා තිබුණු හින්දා මට ඒ ගැන සැකයක් ඇති වුණා. පස්සේ තමයි දැන ගත්තේ ඒකත් මගේ නමින් පෙනී සිටින කෙනෙකුගේ හොර වැඩක් කියලා. ඔය විදියට යන අතරේ දවසක් අපූරු වැඩක් වෙලා තියෙනවා. ඇත්තටම ඒක ටිකක් හිනා යන වැඩක් මොකක්ද දන්නවාද ඒ වැඩේ.

විනූ උදානි නමින් මුහුණු‍පොතේ පෙනී සිටිමින් ජනප්‍රිය චරිතවල දුරකථන අංක එකතු කරන මේ කෙනා දවසක් මගේ සහෝදර කලාකරුවකුට චැට් කරලා. චැට් කරන අතර අනේ මට විනූගේ නම්බර් එක එවන්නකෝ කියලත් චැට් කරලා. ඒ වෙලාවේ තමයි එයාව අල්ලගන්න පුළුවන් වුණේ. මගෙ නමින් පෙනී හිටපු ඒ පිරිමි ළමයා නම් ටිකක් අහිංසක කෙනෙක්. නළු නිළියන්ට පුදුමාකාර ආදරයක් දක්වන, නළු නිළියන්ගේ දුරකථන අංක එකතු කරන ඒ ළමයා මම විදියට පෙනී ඉඳලා තියෙන්නේ නළු නිළියන්ට චැට් කරන්න වගේම නළු නිළියන්ගේ අංක එකතු කරගන්නයි. එයා කොයි තරම් නළු නිළියන්ට වහ වැටිලාද කියනවා නම් ජනප්‍රිය කෙනෙක් එක්ක මම විදියට චැට් කරද්දී එයා කරන බොරුව එයාටම අමතක වෙනවා. ඒකයි ඒ වෙලාවේ මගේ අංකය ඉල්ලලා තියෙන්නේ. පස්සේ මම ඒ ළමයට messege හරහා කාරුණික විදියට අවවාද කළා ඔය කරන වැඩේ නතර කරන්න කියලා.

චන්ද්‍රලතා තන්ත්‍රිගේ

No comments