Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මිරිස් කුඩු කියන්නේ එතරම් භයානක ආයුධයක් නොවේ - රෝහිත අබේගුණවර්ධන

ලෝකයේ අනෙකුත් රටවල පාර්ලිමේන්තුවල සිදුවන ගැටුම් දෙස බැලීමේදී ලංකවේ පාර්ලිමේන්තුවේ සිදුව ඇත්තේ ඉතා සුළු සිදුවිමක් බව එක්සත් ජනතා නිදහස...

ලෝකයේ අනෙකුත් රටවල පාර්ලිමේන්තුවල සිදුවන ගැටුම් දෙස බැලීමේදී ලංකවේ පාර්ලිමේන්තුවේ සිදුව ඇත්තේ ඉතා සුළු සිදුවිමක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

මිරිස් කුඩු එතරම් භයානක ආයුධයක් නොවන බවත්, පසුගිය සිකුරාදා කිසිදු පොලිස් නිලධාරියෙකුට පහරදීමක් සිදුනොවුණු බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“පාර්ලිමේන්තුවේ කලහකාරී ලෙස හැසිරීම 100%ක් අනුමත කරන්න බැහැ. එසේ නොවුණා නම් ඊට වඩා භයානක ප්‍රතිඵලයක් රටට යන්න තිබුණා. මේක ලංකාවේ පාර්ලිමේන්තුව කියලා වෙනම ගොනු කරන්න බැහැ.

එංගලන්තයෙ, ඇමෙරිකාවේ, ආසියාවේ අනෙකුත් රටවල පාර්ලිමේන්තු ගැන සොයා බලන්න. එහෙම ගුටිකෙලි මෙහේ නැහැ. ඒවා බැලුවාම හිතෙනවා අපි හොඳයිනේ කියලා. ඒවාට සාපේක්ෂව අපි හොඳයි කියලා මට හිතුණා. පාර්ලිමේන්තුව ඇතුළේ එහෙම ගහගන්නවා. මිරිස් කුඩු කියන්නේ එච්චර භයානක ආයුධයක් නොවෙයි. ඒ මිරිස්වලින්ම තමයි පාර්ලිමේන්තුවේ උයන්න ගන්නෙත්.

සිකුරාදා පාර්ලිමේන්තුවට ගෙනාවේ මිරිස්කුඩු කියලා තවම තීරණය කරන්න බැහැ. පොලිස් නිලධාරීන්ට කනට ගැහුවේ නැහැ. මම එතන ඉස්සරහ හිටියා. පුටුව උස්සන් එනකොට පොලිස් නිලධාරීන් හිටියේ. ප්‍රශ්නයක් වුණාම අත එහාට මෙහාට කරද්දී කනට ගැහුවා වගේ පේනවා. අපි අත් දිගු කර කිව්වේ එන්න එපා කියලා. මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අද මට හමුවුණාම සමාජජාලවල පැතිරෙන වීඩියෝව ගැන අහනවා” යැයි පවසා සිටියේය.

No comments