Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

බහුතරය ඇති කණ්‌ඩායමට ආණ්‌ඩු බලය ලබාදීමට ජනපති සහ කථානායක සාකච්ඡා කළ යුතුයි - ඇමැති විජයදාස රාජපක්‍ෂ

පාර්ලිමේන්තුවේ බහුතරය මෙහෙයවිය හැකි කණ්‌ඩායමට ආණ්‌ඩු බලය ලබාදී පවතින අර්බුදය විසඳීමට ජනාධිපතිවරයා සහ කථානායකවරයා සාකච්ඡා කළ යුතු බව ඇමැ...

පාර්ලිමේන්තුවේ බහුතරය මෙහෙයවිය හැකි කණ්‌ඩායමට ආණ්‌ඩු බලය ලබාදී පවතින අර්බුදය විසඳීමට ජනාධිපතිවරයා සහ කථානායකවරයා සාකච්ඡා කළ යුතු බව ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා ඊයේ (29 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

 අගමැතිවරයාගේ වියදම් කපා හැරීම සඳහා වූ යෝජනාව විවාදයට ගත් අවස්‌ථාවේදී විශේෂ ප්‍රකාශයක්‌ කරමින් රාජපක්‍ෂ මහතා මේ බව කීවේය.

 ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායම් ඊයේ පාර්ලිමේන්තු රැස්‌වීම වර්ජනය කළ ද එය නොතකා සභාවට පැමිණ සිටි විජයදාස රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ බහුතර බලය ඇති කණ්‌ඩායමට පාර්ලිමේන්තුවේ ඉඩ ලබාදීම පිළිබඳ තමන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවයි.

 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ වැඩ තාවකාලිකව අත්හිටුවා හෝ ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කර දින දෙක තුනකදී ගැටලුව නිම කරන්න. බහුතර බලය ඇති කණ්‌ඩායමට ඉඩ ලබා දෙන්න. මම මේ ගැන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කළා. ඊට එතුමාගේ කැමැත්තක්‌ තිබෙන බව පේනවා. නීතිමය තත්ත්වය අනුව අදාළ ක්‍රියාමාර්ග ගත හැක්‌කේ කථානායකතුමාටයි.

 ජාතික ආණ්‌ඩුවේ අගමැතිවරයාගේ සහ ජනාධිපතිවරයාගේ පාර්ශ්වය එකිනෙකාට අවලාද නගන දේශපාලනයක්‌ සිදු කරද්දී නායකයන් දෙදෙනාම තම කණ්‌ඩායම් සන්සුන් කර ගන්න අසමත් වුණා. ඒ අතරේදී තමයි පූර්ව දැනුම් දීමකින් තොරව රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ධුරයෙන් ඉවත් කර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතාව අගමැති කළේ.

 අද ප්‍රායෝගික ලෙස රටේ පාලනය අකර්මන්‍ය වෙලා. ජනතාව අපේක්‍ෂාභංගත්වයට පත්වෙලා. අගමැති විය යුත්තේ කවුද, ඇමැති මණ්‌aඩලය කවුද, පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුත්තේ කවදාද? යන්න තීන්දු කළ යුත්තේ විධායකය හා ව්‍යවස්‌ථාදායකය මිස අධිකරණය නොවේ.

 පාර්ලිමේන්තුව තුළ මතුවන ගැටලු මන්ත්‍රීවරුන් දෙසිය විසිපස්‌ දෙනාම සාකච්ඡා කර විස¹ගන්න බැරිනම් රටේ ප්‍රශ්න විසඳන්නේ කෙසේද කියා ජනතාව අසද්දී අප නිරුත්තරයි. කථානායක සහ ජනාධිපතිවරයා අතර සම්බන්ධීකරණයක්‌ ඇති කර මේ ගැටුම නිරාකරණය කිරීම සඳහා විශාල වගකීමක්‌ තිබෙනවා. විධායකයේ ප්‍රධානියා ව්‍යවස්‌ථාදායකය පිළිනොගැනීමත්, ව්‍යවස්‌ථාදායකය සම්මත කරන යෝජනා විධායකය පිළිනොගැනීමත් නිසා පාර්ලිමේන්තුව හිරවෙලා. මේ අවස්‌ථාවේදී දේශපාලනය ගැන නොසිතා රට ස්‌ථාවර කළ යුතුයි. රටේ අස්‌ථාවරය මත ජයගන්න, නායකයෙක්‌ හෝ පක්‍ෂයක්‌ නෑ. මේ තත්ත්වය ඉදිරියට ගියොත් රටේ අනාගතය අඳුරුවේවි.

 අතීතයට ශාප නොකර අනාගතය දෙස සුබවාදීව බලමු. අෙන්‍යාන්‍ය විශ්වාසය මත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය යටතේ බහුතරය මෙහෙයවිය හැකි කණ්‌ඩායමට ආණ්‌ඩුව කරගෙන යන්න ඉඩදිය යුතුයි. ඒ සඳහා ඕනෑම කැපකිරීමක්‌ කරන්න මා සූදානම්. අනෙක්‌ අයත් ඊට සූදානම්.

 යම් සම්මුතියක්‌ මත දේශපාලන පක්‍ෂ නායකයන් හා ජනාධිපති සමග සාකච්ඡා කර මේ ප්‍රශ්නය විසඳන්න කථානායකට පුළුවන්... යෑයිද විජයදාස රාජපක්‌ෂ මහතා පැවසීය.

 විජයදාස රාජපක්‌ෂ මහතාගේ මෙම ඉල්ලීම පිළිගත් කථානායක කරු ජයසූරිය මහතා, මා ඔබේ කරුණු කාරණා ගැන පූර්ණ අවධානය යොමු කරනවා. ජනාධිපතිතුමා සමග කතා කිරීමේ කිසිම අපහසුතාවක්‌ මට නෑ. අප දෙදෙනා අතර අෙන්‍යාන්‍ය විශ්වාසය තිබෙනවා. ඉතා ඉක්‌මනින් සාකච්ඡාමය විසඳුමකට යැමට කටයුතු කරනවා...

No comments