Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මහින්ද අද පස්වරුවේ ඉල්ලා අස්වෙයි… !

තමා ඇතුළු 'අමාත්‍ය මණ්ඩල' සාමාජිකයින් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බලා ඒ පිළිබඳ තීන්දුවක් ලැබුන...

තමා ඇතුළු 'අමාත්‍ය මණ්ඩල' සාමාජිකයින් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බලා ඒ පිළිබඳ තීන්දුවක් ලැබුන වහාම එම තීන්දුව කුමක් වුවත් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

ඒ සම්බන්ධයෙන් සන්ධානයේ මන්ත‍්‍රිවරුන් දෙදෙනෙකු කිය සිටියේය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට එරෙහි සටනට අද දිනයේ සිට ඔහු විසින් සැබෑ ම විපක්ෂ නායකයා ලෙස නායකත්වය ලබාදෙන බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පැවති සන්ධාන මන්ත්‍රීවරුන්ගේ සාකච්ජාවේදී කියා සිටියේ කුමන තත්වය යටතේ වුවද එජාප විරෝධි කඳවුර ශක්තිමත් කිරීමට තමා කැපවන බවත් ඊට නායකත්වය දෙන බවත්ය. එම සාකච්ජාවට මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.

කෙසේවුවද එසේ පැවසු ජනාධිපතිවරයා ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමට එක්සත් ජාතික පෙරමුණ සමග ආණ්ඩු කිරීමට එකඟත්වය පළකර තිබීම පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ගේ බලවත් කනස්සල්ලට හේතුවී ඇතැයි ඉහත මන්ත‍්‍රිවරුන් වැඩිදුරටත් කියා සිටියේය.

No comments