Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ජනපති පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ව්‍යවස්ථා විරෝධියි - ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයක් කැඳවමින් ජනාධිපතිවරයා 2018 නොවැම්බර් මස 09 වැනි සිකුරාදා නිකුත් කළ අංක 2096/70 දරණ අති විශේෂ ගැස...

පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයක් කැඳවමින් ජනාධිපතිවරයා 2018 නොවැම්බර් මස 09 වැනි සිකුරාදා නිකුත් කළ අංක 2096/70 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය කළේ පාර්ලිමේන්තුවට විසිරුවා හැරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්හි තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

මෙම තීන්දුව විනිසුරුවරුන් හත්දෙනාගේම එකමතික තීන්දුවක් විය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ කාලය පළමු රැස්වීමේ සිට වසර 4 කුත් මාස 6 ක් සම්පූර්ණ වීමෙන් පසුව හෝ පාර්ලිමේන්තුවේ 2/3 විශේෂ බහුතරයකින් සම්මත කරවාගත් යෝජනාවක් මගින් පමණක් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බව විනිසුරු සිසිර ද ආබෘෘ මහතාගේ නිගමනය විය.

තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ අගවිනිසුරු නලීන් පෙරේරා මහතා විසිනි.විනිසුරුවරුන් 5 දෙනෙකුගේ එකඟත්වයෙන් එම තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

කෙසේ වෙතත් විනිසුරු සිසිර ද අබෘ මහතා පමණක් වෙනම තීන්දුවක් ප්‍රකාශයට පත් කළ අතර ඒ මහතා ප්‍රකාශ කළ හේතූන් මත ජනාධිපතිගේ ගැසට්ටුවට අවලංගු කිරිමේ අගවිනිසුරුගේ තීන්දුවට තමා ද එකඟතාවය පළ කරන බව ද ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් මහ මැතිවරණයක් කැඳවීමට නිකුත් කළ ගැසට් නිවේදනය නිසා පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ද අධිකරණය තීන්දු කළේය.

අගවිනිසුරු නලීන් පෙරේරා, විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, සිසිර ද අබෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න එස්. ජයවර්ධන, විජිත් කේ. මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම විභාග කෙරිණි.

No comments