Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කොටුව සිට මාළඹේ දක්වා සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියකට කැබිනට් අනුමැතිය

කොළඹ නගරය තුළ සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් ඉදිකිරීමට අදාළව ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ සහය ලබාගැනීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍...

කොළඹ නගරය තුළ සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් ඉදිකිරීමට අදාළව ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ සහය ලබාගැනීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින දැඩි රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් ස්ථාපනය කෙරෙන සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය සඳහා මූල්‍යමය හා තාක්ෂණික ආධාර සැපයීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය එකඟතාව පළ කර ඇති බව සඳහන්ය.

ඒ යටතේ කොළඹ කොටුව බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට මාළඹේ ඩිපෝව දක්වා දුම්රිය ස්ථාන 16කින් සහ කිලෝමීටර් 17ක දිගින් යුතු සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව රජය පැවසීය.

එය ජපාන යෙන් මිලියන දෙළක්ෂ 46,641ක ආයෝජනයක් සහිතව ඉදිකිරීමට සැලසුම්කර ඇති අතර එම මුදලින් යෙන් මිලියන දෙලක්ෂ 415ක මුදලක් ලබාදීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය එකඟතාව පල කර තිබේ.

ඊට අදාළව ණය සම්මුති සාකච්ඡා පැවැත්විමට සහ ණය ගිවිසුමකට එළඹිම සඳහා මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්ය.

Gossip Lanka

No comments