මාකඳුරේ මධූෂ් සමඟ සබඳතා පැවැත්වූ විවිධ දේශපාලකයන් 84 දෙනකුගෙන් 20 දෙනකු මැති ඇමැතීන් බව මධූෂ් ගැන කෙරෙන ඒකාබද්ධ පරීක්ෂණයේදී හෙළිදරව් වී ති...
මොවුන් අතර ප්‍රධාන පක්ෂ ගණනාවක් නියෝජනය කරන්නෝ ද සිටිතියිද කියැවේ. මේ අතර සිටින කොළඹට නුදුරු දිශාවක් නියෝජනය කරන එක්තරා බලවත් දේශපාලනඥයකු මෙයට මාස හතරකට පමණ පෙර ඩුබායිහිදී මධූෂ් හමුව ඇතැයිද වාර්තා වෙයි.
මධූෂ් මෙරටට ලබා ගත හැකිද යන්න ගැන විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඩුබායි රාජ්‍යය නියෝජනය කරමින් කොළඹ සිටින තානාපතිවරයා සමඟ විශේෂ දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙයට දින කිහිපයකට පෙර එම සාකච්ඡාව දුරකථනය ඔස්සේ සිදුකර ඇත්තේ ඩුබායි තානාපතිවරයා සිය රට ගොස් සිටින නිසාය. මෙහිදී අදාළ නඩුවේ නීතිමය තත්ත්වය ජනාධිපතිවරයාට තානාපතිවරයා විසින් විස්තර කර ඇතැයි විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
අප වෙත එක්සත් ආරාබි එමීර් රාජ්‍යයෙන් ලැබෙන නවතම වාර්තා අනුව ඩුබායි අධිකරණයේ නඩු තීන්දුව ලබා දීමට තවත් මාස 6ක් පමණ ගත විය හැකිය. නඩු තීන්දුවේදී මධූෂ්ට සිර දඬුවම් නියම වුවහොත් ඔහු නැවත ලංකාවට ලැබෙන්නේ දඬුවම හමාර වීමෙන් පසුවය.
මධූෂ්ට මරණීය දණ්ඩනය ලබා දිය හැකි වරදක් සිදුකර තිබේද යන්න ගැන තීන්දු කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අපරාධ නඩු අධ්‍යක්ෂවරයා (අභිෙචා්දක) විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
එරට සම්මත වී තිබෙන 1995 අංක 14 වැනි ෆෙඩරල් නීතියේ 39 වැනි වගන්තිය යටතේ මෙකී පරීක්ෂණය සිදුවෙමින් පවතින බව ඩුබායිහි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි. එම නීතියේ විධිවිධාන අනුව කොකේන් පානය කර සිටින්නෙකුට හිමිවන අවම දඬුවම වසර දෙකක සිර දඬුවමකි.
එහෙත් රජයේ අපරාධ නඩු අධ්‍යක්ෂවරයාගේ (අභිචෝදක) පරීක්ෂණයේදී මධූෂ් මත් ද්‍රව්‍ය ජාවාරමට සුළු හෝ සබඳතාවක් ඇතැයි තහවුරු වුවහොත් ඔහුට හිමිවන්නේ මරණීය දණ්ඩනයයි.
දැනට සිදුකර තිබෙන පරීක්ෂණයේදී සොයා ගනු ලැබූ කරුණු මේ වනවිට එරට අධිකරණයට වාර්තා කර තිබේ. මධූෂ් සම්බන්ධ විධිමත් අපරාධ චෝදනා එරට රජයේ අපරාධ නඩු අධ්‍යක්ෂවරයා (අභිචෝදක) ඉදිරිපත් කරන්නේ මීළඟ නඩු දිනයේ බව වාර්තා වෙයි.
No comments