Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ හැකි එකම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ

ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ හැකි ශක්තිමත්ම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවට ජාතිකවාදී සහ වාමාංශික යන කඳවුරු දෙකම පිළිගෙන එක මතයකට ...

ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ හැකි ශක්තිමත්ම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවට ජාතිකවාදී සහ වාමාංශික යන කඳවුරු දෙකම පිළිගෙන එක මතයකට පැමිණ අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පැවැසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ සාමාජිකයකු වුවත් නොවූවත් ජයග්‍රහණ කළ හැකි එකම පුද්ගලයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආශීර්වාදයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට හැකි වන්නේ නම් පක්ෂය කුමක්ද යන්න වැදගත් නොවන බවත් ඔහු පැවැසීය.

ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීමට නම් පුළුල් සන්ධානයක් ගොඩනඟා ගතයුතු බවත් එහිදී අනිවාර්යයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ගිවිසුමකට යෑමට සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක් වී සන්ධානය ගොඩනඟා ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ තීරණය කිරීමේ එකඟතාවකට මේ වනවිට පැමිණ ඇති බවද ඔහු කියා සිටියේය. මේ වනවිටත් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා නම් පහක් යෝජනා වී ඇති බවත් එහිදී සාකච්ඡා කොට සම්මුතියකට පැමිණ තම සන්ධානය විසින් හොඳම අපේක්ෂකයා ඉදිරිපත් කරන බවත් පැවැසූ හෙතෙම තවදුරටත් කියා සිටියේ මෙහිදී ජයග්‍රහණය කළ හැකි හොඳම අපේක්ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවයි.

ඊයේ (18දා) පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

Gossip Lanka

No comments