Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

හිරු ස්ටාර් තරගයෙන් කැපුණු තිවංකගේ ආධාරකරුවන් රූකාන්තට පහර දීලා

පෞද්ගලික රූපවාහිනි නාළිකාවකින් මේ දිනවල විකාශය වන 'ගී තරු' තේරීමේ තරගාවලියක පෙරේදා (23දා) රාත්‍රි පැවැති තරගයෙන් ඉවත් වූ තරගකරුවකු...

පෞද්ගලික රූපවාහිනි නාළිකාවකින් මේ දිනවල විකාශය වන 'ගී තරු' තේරීමේ තරගාවලියක පෙරේදා (23දා) රාත්‍රි පැවැති තරගයෙන් ඉවත් වූ තරගකරුවකුගේ ආධාරකරුවන් පිරිසක් ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතාට හා ඔහුගේ මෝටර් රථයට පහරදීමක් සිදුකර ඇතැයි මත්තේගොඩ පොලිසිය පවසයි.

පහරකෑමෙන් රූකාන්ත ගුණතිලක මහතාට හෝ මෝටර් රථයට බරපතළ හානි සිදුව නැතැයිද පොලිසිය කියයි.

බොරලැස්ගමුව රත්තනපිටිය අංක 97 දරන ස්ථානයේ පෙරේදා (23දා) රාත්‍රි මෙම 'ගී තරු' තේරීමේ තරගය පවත්වා ඇති අතර එය අවසානයේදී රාත්‍රි 9.45ට පමණ මෙම පහරදීම සිදුකර ඇතැයිද පැවැසේ.

මෙදින තරගය සඳහා තරගකරුවන් පස්දෙනකු ඉදිරිපත්ව ඇති අතර ඉන් තිදෙනකු පමණක් තරගාවලියේ ඉදිරියට යෑම සඳහා තෝරා ගැනීමට නියමිතව තිබී ඇති බවද පොලිසිය පවසයි.

ඒ අනුව තරගකරුවන් දෙදෙනකු තරගයෙන් ඉවත්ව ඇති අතර එහි සිටි දිවුලපිටිය ප්‍රදේශයේ තිවංක දිල්ෂාන් තරගකරුවාගේ ආධාරකරුවන් පිරිසක් ඔහුගේ ඉවත් කිරීමට තමාගේ විනිශ්චය බලපෑ බව පවසමින් ඊට විරෝධය පා ඇති අතර එහිදී ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව රැස්ව සිටි 200ක පමණ පිරිස 'හූ' හඬ තබමින් තමාට විරෝධය පළ කොට මෙසේ පහරදීමක් සිදු කළ බවත් තම මෝටර් රථයට පහරදීමක් සිදු කළ බවත් පවසමින් පැමිණිල්ලක් කර ඇති බවත් පොලිසිය පවසයි.

පහර කෑමෙන් රූකාන්ත ගුණතිලක මහතාගේ සිරුරේ ස්ථාන කිහිපයක තැළීම් දක්නට ලැබුණු බවද පොලිසිය පවසයි.

මේ පිළිබඳව බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් මත්තේගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී තිලකසිරි මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

- මව්බිම

Lakvahini Videos




No comments