Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කැසිනෝ රජු මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය අපේක්ෂාවෙන් කැසිනෝ ව්‍යාපාරයෙන් ඉවත් වීමට තීරණය කරයි…

මෙ රටේ ප්‍රධාන පෙළේ කැසිනෝ ව්‍යාපාරය හිමිකරුවකු තමගේ ආරම්භක ව්‍යාපාර වන කැසිනෝ සුදු ව්‍යාපාර වලින් ඉවත් වීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි....

මෙ රටේ ප්‍රධාන පෙළේ කැසිනෝ ව්‍යාපාරය හිමිකරුවකු තමගේ ආරම්භක ව්‍යාපාර වන කැසිනෝ සුදු ව්‍යාපාර වලින් ඉවත් වීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි.

ඊළඟට පිහිටවන රජයක් තුළ මේ රටේ ප්‍රධානතම වගකිවයුතු රාජ්‍ය නිලධාරී තනතුර වන මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් එම තීරණය ගෙන ඇතැයි පැවසෙයි.

මේ සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදී ඔහු පවසා සිටියේ මුදල් අමාත්‍යංශ ලේකම් ධූරය ලබා දෙන්නෙ නම් මාස තුනක් ඇතුලත අපේ රටේ ඇති ආර්ථික මෙන්ම සමාජ ප්‍රශ්න විසදීමට ඔහුට හැකියාව ඇති බවය.

මෙහිදී විශේෂයෙන් ම ඔහුට එම තනතුරු භාර ගැනීමට බාධාවක් ව තිබෙත තමාට හිමි ප්‍රධාන පෙළේ කැසිනෝ සූදු ව්‍යාපාර දෙක වසා දැමීමට හෝ තමාගේ හිතවතෙක්ට ලබාදීමට තීන්දු කර ඇත.

එමෙන් ම ඉදිරි මාස කිහිපය තුළ ජනතාව දැනුවත් කිරීමේ ප්‍රධාන පෙළේ දේශන කිහිපයක් ඔහු විසින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කොට ඇති අතර ඒ අනුව නුදුරේදීම ඉන් පළමු වැන්න නෙලුම් පොකුණ රඟහලේදී 1500 ක පමණ පිරිසක් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයිද වාර්තා වෙයි.

ඉදිරි ඕනෑම රජයක් තුළ මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරය තමා වෙත ලබා ගෙන ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම ඔහු ගේ අපේක්ෂාව බව ව්‍යාපාර ලෝකය තුළ සාකච්ඡා වෙමින් පවතී.

Lakvahini Videos




No comments