Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

5 ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ බවක් දන්නේ නැහැ - අධ්‍යාපන ඇමති

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපතිවරයා පැවසුවද එවැනි තීරණයක් ගත් බවක් තමා මේවනතෙක් නොදන්නා බව අධ්‍යාපන අ...

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපතිවරයා පැවසුවද එවැනි තීරණයක් ගත් බවක් තමා මේවනතෙක් නොදන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අද (26) පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනබවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ

පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ මෛත්‍රී ශිල්ප කලා මණ්ඩපය ඊයේ(25) පස්වරුවේ සිසු අයිතියට පවරාදීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කර ඇති බවයි.

ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් දරුවන්ට මුහුණ දීමට සිදුව ඇති පීඩාවන් පිළිබඳ අවදානය යොමු කරමින් මෙම තීරණයට එළඹි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයෙන් අනතුරුව සමාජය තුළ මේ සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය ගෙන ඇති මෙම තීරණය පිළිබඳ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ ශිෂ්‍යත්වයට විකල්පයක් අවශ්‍ය බවයි.

No comments