Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කැමා ඇන්දොත් මාස හයක් හිරේ..! හමුදා නිල ඇදුමේ ගෞරවයට නිසි තැන දෙන්න පියවර ගනී

ත්‍රිවිධ හමුදාව භාවිතා කරන නිල ඇඳුමට සමාන ලෙස නිපදවන සහ විකුණන ඇඳුම් සාමාන්‍ය ජනතාව භාවිතා කිරීම වැළැක්වීම සදහා පියවර ගන්නා බව යුද හමුදාව ...

ත්‍රිවිධ හමුදාව භාවිතා කරන නිල ඇඳුමට සමාන ලෙස නිපදවන සහ විකුණන ඇඳුම් සාමාන්‍ය ජනතාව භාවිතා කිරීම වැළැක්වීම සදහා පියවර ගන්නා බව යුද හමුදාව පවසනවා. ඒ අනුව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළේ හමුදා පනතට අනුව හමුදාව භාවිතා කරන නිල ඇදුමට සමාන ඇදුම් භාවිතා කරන පුද්ගලයන්ට එරෙහිව දඩ හෝ මාස හයක සිර දඩුවමක් නියම කළ හැකි බවයි.

හමුදා නිල ඇදුම් රෙගුලාසි යටතේ හමුදා නිල ඇදුම් හෝ නිල ඇදුමට සමාන ඇදුම් භාවිතා කිරීමට නීතිමය බාධා පවතින බවත්, විශේෂයෙන්ම රට තුළ විවිධ අවස්ථාවලදී පාතාල කල්ලි සම්බන්ධයෙන් සිදු කළ වැටලීම්වලදී හමුදා ඇඳුමට සමාන ඇදුම් විශාල වශයෙන් හමු වී ඇති වීමත් නිසා ඉදිරියේදී මෙම පියවර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එසේම යුද හමුදා ‘කැමා‘ ඇදුම විලාසිතාවක් ලෙස භාවිතා කිරීමට එරෙහිව පසුගිය දිනවලදී සමාජ ජාල ඔස්සේ දැඩි විරෝධයක් එල්ලවුනා. ඒ පාසල් සිසුන් පිරිසක් විසින් පා ගමනක් සඳහා මෙම ඇඳුම යොදා ගැනීමත් සමඟයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බොහෝ දෙනා ප්‍රකාශ කර තිබුනේ හමුදා නිළ ඇදුම් එලෙස සිවිල් පුද්ගලයන් භාවිතා කිරීම හමුදාවේ ගෞරවයට මෙන්ම ජාතික ආරක්ෂාවටද ප්‍රශ්නයක් වන බවයි.

No comments