Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඒ කාලේ එක එක බුද්ධි අංශ තිබුණා - ඒ නිසා මම සුදු වෑන් ගැන දන්නේ නැහැ" - ගෝඨාභය

තමන් ආරක්ෂා ලේකම්ව සිටියදී සුදු වෑන් සංස්කෘතියක් නොතිබූ අතර ත්‍රස්ත ක්‍රියා පාලනය කිරීම සඳහා එම පාලන කාලයේදී විවිධාකාරයෙන් බුද්ධි අංශ ක්‍ර...

තමන් ආරක්ෂා ලේකම්ව සිටියදී සුදු වෑන් සංස්කෘතියක් නොතිබූ අතර ත්‍රස්ත ක්‍රියා පාලනය කිරීම සඳහා එම පාලන කාලයේදී විවිධාකාරයෙන් බුද්ධි අංශ ක්‍රියාත්මක වූ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

"ලෝකයේ වෙනත් රටවල් ක්‍රියාත්මක වන ආකාරයෙන් ඔවුන් ද රට තුළ ක්‍රියාත්මක වෙන්න ඇති. නමුත් කිසිම අවස්ථාවක පළිගැනීමේ සඳහා මේ බුද්ධි අංශ යොදවා නොගත් බව මා ඉතාමත් ම විශ්වාසයෙන් ප්‍රකාශ කරනවා."

කෙසේවෙතත් සියලු ජන කොටස්වලට එක හා සමානව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරදීම ඉදිරියේදී ඔවුන් බිහිකරන රජයේ ප්‍රතිපත්තිය බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

රාජපක්ෂ කිසිසේත්ම අප ජාතිවාදී නොවන බවත් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව ජීවත් වෙන මේ රට තුළ සියලු ජනතාවගේ අයිතීන් ආරක්ෂා විය යුතු බවත් රාජපක්ෂ මහතා මුරුතගහමුල, එළමල්දෙනිය ෆාරිස් හාජ්ජියාර් මහතාගේ නිවසේ පැවති "එළිය" සම්මන්ත්‍රණ මාලාවේ මහනුවර සම්මන්ත්‍රණය අමතමින් සඳහන් කළේය.

"ත්‍රස්තවාදයට එරෙහිව යුදමය ක්‍රියාමාර්ගයන්ට එළඹ සිටියදී මහින්ද රාජපක්ෂ මහතා ද මම ද ජාතිවාදීන් ලෙස හංවඩු ගැසීමට ඇතැමුන් පෙළඹුණා. ඔවුන් පෙන්වා දුන්නේ අප මුස්ලිම් ජනතාවට විරුද්ධ පිරිසක් බවයි. නමුත් අපේ රජය ක්‍රියා කළේ මෙරට සියලු ජාතීන්ට යහපතින් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමටයි.

අපට නිදහස ලැබිලා මේ වනවිට අවුරුදු හැත්තෑ දෙකක පමණ කාලයක් වෙනවා. ඒත් තවමත් අපි සිංහල, දෙමළ, මුස්ලිම් ජනවර්ග අතර පවතින ප්‍රශ්න පිළිබඳව කතා කරනවා. බොහෝ දේශපාලඥයන් මේ ප්‍රශ්න පිළිබඳව කතා කරන්නේ ඔවුන්ට ඡන්දය ලබා ගැනීමටයි.

සිංහල, දෙමළ, මුස්ලිම් භේදයෙන් තොරව සියලු ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි තත්ත්වයක් මෙන්ම උසස් ආර්ථික තත්ත්වයක් ද නිර්මාණය විය යුතුයි."

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, දිළුම් අමුණුගම, අනුරාධ ජයරත්න යන මහත්ම මහත්මීන්ද ගෘහාධිපති ෆාරිස් හාජ්ජියාර් මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගිව සිටියහ.

No comments