Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

රට හැර යනවා කියපු ගයාත්‍රි දැන් කියන කතාව

ගයාත්‍රිට මේ දවස්වල වැඩ වැඩිලු නේද? අනේ ඔව්. මගේ සැලෝන් එකේ අලුත්ම ශාඛාව මීට ටික දවසකට කලින් නුගේගොඩදී විවෘත කළා. පසුගිය කා‍ලේ මට වැඩිපුර...

ගයාත්‍රිට මේ දවස්වල වැඩ වැඩිලු නේද?
අනේ ඔව්. මගේ සැලෝන් එකේ අලුත්ම ශාඛාව මීට ටික දවසකට කලින් නුගේගොඩදී විවෘත කළා. පසුගිය කා‍ලේ මට වැඩිපුරම වෙලාව වෙන් කරන්න වුණේ සැලෝන් එකේ වැඩවලට තමයි. ඒ හින්දා පහුගිය ටිකේ මම හොඳටම කාර්ය බහුල වෙලයි හිටියේ.

සැලෝන් ඒකේ වැඩ නිසා රඟපෑම් කටයුතුත් අතපසු වෙන්න ඇති නේද?
අ‍පොයි නැහැ. අමාරුවෙන් හරි මම ඒ වැඩවලට කාලය වෙන් කර ගත්තා. මේ දවස්වලත් මම ටෙලි නාට්‍ය දෙකක රූගත කිරීම්වලට සම්බන්ධ වෙලයි ඉන්නේ. එකක්, “සිල්ලර සමනල්ලු” දෙවැනි කොටස. අනික තමයි ශාන්ත සොයිසා මහතාගේ අලුත්ම ටෙලි නාට්‍යය.

මෙහෙම යනකොට ඉදිරියේදී ඔබව කලා නිර්මාණවලින් වැඩිපුර දකින්න නොලැබෙයි වගේ නේද?
ඉදිරි කාලයේදී මට වැඩිපුර සැලෝන් එකේ වැඩ වෙනුවෙන් වෙහෙසෙන්න වෙන බව ඇත්ත. හැබැයි එහෙම වුණා කියලා කවදාවත් මට කලාව නම් අමතක කරන්න බැහැ. ඒ හින්දා මම පුළුවන් තරම් උත්සාහ කරනවා, සැලොන් එකේ වැඩයි කලා කටයුතුයි සමබරව කරගෙන යන්න. අනික මම රඟපෑ චිත්‍රපට කිහිපයක්ම තියෙනවා ළඟදී තිරගත වෙන්න. ඒ නිසා මම කලා කටයුතුවලින් ඈත්වෙලා කියලා ප්‍රේක්ෂකයන්ට කොහෙත්ම දැනෙන එකක් නැහැ.

ඔබ දුවලා දෙන්නත් එක්ක කැනඩාවේ පදිංචියට යන්න හදනවා කියලා පසුගිය දවස්වල කතාවක් පැතිර ගියා. එහෙම අදහසක් තියෙනවා නම් ඉතින් රංගන ජීවිතයට කොහොමත් සමු දෙන්න වේවි නේද?
ඔය කතාව සමහරු නිර්මාණය කරපු බොරු කතාවක්. මම එහෙම දෙයක් හිතලාවත් තිබුණේ නැහැ.

හැබැයි ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නැහැනේ. ඒ විදිහේ දෙයක් ඔබ මාධ්‍ය වෙත කියපු නිසාම නේද ඔය වගේ ප්‍රචාරයක් පැතිරිලා ගියේ?
ඇත්තම කතාව මම කියන්නම්කෝ .....
ලොකු දුව අධ්‍යාපන කටයුතුවලට විදේශ ගත වෙන නිසා සමහරවිට එයා එක්ක අපටත් එහේ යන්න වේවි කියලා මම කියපු දෙයක් තමයි ඔය විදිහට දුරදිග ගිහින් තිබුණේ. එහෙම නැතුව අපි ස්ථිර පදිංචියට පිටරට යනවා කියලා කිසිම තැනක මම කිව්වේ නැහැ.

එහෙම බලා‍පොරොත්තුවක් හිතේ කොනකවත් නැද්ද?
දැනට නම් එහෙම අදහසක් නැහැ. ඒක හුඟක් හිතලා මතලා ගන්න ඕන තීරණයක්. පිටරටකට ගියාම තමයි තේරෙන්නේ වැඩි කාලයක් ඒවායේ නැවතිලා ඉන්න බැරි බව.

චන්න-ගයාත්‍රි යුවළගේ ලොකු දුවත් රංගන ශිල්පිනියක් විදිහට ඉදිරියේදී දැක ගන්නට ලැබේවිද?
තවම නම් එයාට එහෙම අදහසක් නැහැ. ලොකු දුව ‍පොඩි කා‍ලේ නිර්මාණ කිහිපයක රඟපෑවා. හැබැයි ඊට පස්සේ අධ්‍යාපනය පැත්තටයි එයා යොමු වුණේ. ඇය දැන් උසස් අධ්‍යාපනය හදාරනවා. ‍පොඩි දුවත් චන්න අයියාගේ චිත්‍රපටයක රඟපෑවා. දුවලා දෙන්නාම දැන් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තමයි කැප වෙලා ඉන්නේ.

දුවලා දෙන්නාට තහංචි දාලාද තියෙන්නේ කලාව තෝරා ගන්න එපා කියලා?
මගේ නම් කිසිම අකමැත්තක් නැහැ ඒ දෙන්නා කලාව තෝරා ගන්නවාට. ඒත් ඒ අය කවදා හරි තමන් කැමති ක්ෂේත්‍රනේ තෝරා ගන්නේ. ඒ හින්දා දුවලා දෙන්නාගේ කැමැත්තට ඉඩ දෙනවා මිස මම නම් කලාව පැත්තට යොමු වෙන්න කියලා හෝ එපා කියලා ඒ අයට බලකරන්න යන්නේ නැහැ.

කිෂාන් කනංකෙ


No comments