Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ලොකේෂන් බලන්න යද්දී කුඩු සමග අත්අඩංගුවට පත්වූ ලාබාල රංගන ශිල්පිණියට දඬුවම්!

උඩුනුවර, වෙලම්බොඩ පොලිසිය මඟින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගනු ලැබූ ටෙලිනාට්‍ය හා චිත්‍රපට සහය නිළියකට ගම්පොළ මහෙස්ත්‍රාත් ශ්‍රී නිත් විජේසේකර...

උඩුනුවර, වෙලම්බොඩ පොලිසිය මඟින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගනු ලැබූ ටෙලිනාට්‍ය හා චිත්‍රපට සහය නිළියකට ගම්පොළ මහෙස්ත්‍රාත් ශ්‍රී නිත් විජේසේකර මහතා විසින් රුපියල් දස දහසක දඩයක් හා වසරක සිරදඬුවමක් නියම කොට එය වසර 20කට අත්හිටුවනු ලැබීය.

මෙම සහාය නිළිය සමඟ ටෙලිනාට්‍ය හා චිත්‍රපට පසුතල නිර්මාණකරුවකු ද මත් කුඩු සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර මොහුටද මහෙස්ත්‍රාත්වරයා විසින් රුපියල් දස දහසක දඩයක් නියම කොට ඇත.

උඩුනුවර, ගම්හත, බඹරදෙණිය ප්‍රදේශයේදී පොලිසිය මඟින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් දෙදෙනා සමඟ තවත් කිහිපදෙනකු දර්ශන පසුතල (ලොකේෂන්) සොයා පැමිණි අවස්ථාවේ ඇති වූ සැකයක් මත සිදුකළ පරීක්ෂාවේදී මෙම දෙදෙනා ළඟ හෙරොයින් තිබී මෙසේ හසු වී ඇත. ඉතා ළාබාල වයසේ පසුවන මෙම සහාය නිළිය ඇගේ පෙම්වතා නිසා හෙරොයින් පානයට ඇබ්බැහි වූ බව පවසා ඇති අතර ඇය මාස 6ක් පුරා මෙසේ හෙරොයින් පානයට තදින් ඇබ්බැහි වී ඇති බවද සඳහන් කොට ඇත.

ලොකේෂන් බැලීමට යන දිනවල මෙම පසුතල නිර්මාණකරුවා කොළඹ සිට හෙරොයින් රැගෙනවිත් තමාට ලබාදෙන බවද ඇය පොලිසියට පවසා ඇත.

No comments