Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

දකුණු මුහුදේදී කොටු කරගත් හෙරොයින් රැගත් නෞකාව මධූෂ්ගේද..?

කිලෝග්‍රෑම් 600ක හෙරොයින් තොගයක් රැගත් ඉරාන යාත‍්‍රාවක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවට දකුණින් පිහිටි ගැඹුරු මුහුදේදී පොල...

කිලෝග්‍රෑම් 600ක හෙරොයින් තොගයක් රැගත් ඉරාන යාත‍්‍රාවක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවට දකුණින් පිහිටි ගැඹුරු මුහුදේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, පොලිස් විශේෂ කාර්යය බලකාය සහ නාවික හමුදාව කළ විශේෂ මෙහෙයුමකදී මෙම නෞකාව අත් අඩංගුවට පත්ව තිබේ.

මෙම නෞකාවේ සිටි ඉරාන ජාතිකයින් 09දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර නැවේ තිබුණු හෙරොයින් කිලෝග්‍රෑම් 500ක් පමණ මුහුදට හෙළා ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිළධාරී එම්.ආර්.ලතිෆ් මහතා ප්‍රකාශ කළේ.

මේ අතර මෙම නෞකාව ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධුෂ්ට අයත් එකක් බවට සැකකරන බවද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද බුද්ධි තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සහ නාවික හමුදාවේ සහයෝගය මත මෙම මෙහෙයුම දියත් කළ බවත්, මෙම හෙරොයින් තොගය රැගත් නෞකාව ඇෆ්ගනිස්තානයේ සිට පාකිස්ථානය හරහා මෙරට මුහුදු සීමාවට පැමිණ ඇති බවත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අනාවරණය කලා.

එසේම දැනට සිදුකරමින් සිටින සෝදිසියේදී නෞකාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් පමණ සොයා ගෙන ඇති අතර නෞකාවේ තිබු හෙරොයින් වල වටිනාකම රුපියල් බිලියනයකට අධික බවටයි විශ්වාස කෙරෙන්නේ. මේ වන විට නාවික හමුදාවේ ආරක්ෂාව සහිතව මෙම නැව මේ වන විට කොළඹ වරායට රැගෙන එමින් තිබෙනවා.

No comments