Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මම කොහෙත්ම නිරූපණ ශිල්පිනියක් වෙන්නේ නැහැ - Geethma Bandara

ගීත්මා කලා ක්ෂේත්‍රයට එකතු වෙන්නේ කොහොමද? මම කලාවට එකතු වෙන්නේ 2018 වසරේ හිරු අවුරුදු කුමරිය තරගය හරහා. ඒ ඇරඹුමෙන් පසු ටෙලිනාට්‍ය සඳහා සම...

ගීත්මා කලා ක්ෂේත්‍රයට එකතු වෙන්නේ කොහොමද?
මම කලාවට එකතු වෙන්නේ 2018 වසරේ හිරු අවුරුදු කුමරිය තරගය හරහා. ඒ ඇරඹුමෙන් පසු ටෙලිනාට්‍ය සඳහා සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. නමුත් ඊටත් වසර දෙකකට ප්‍රථම සිට මම T.V. Commercial සඳහාද සම්බන්ධ වෙලා තිබෙනවා.

ගීත්මාගේ රංගන දායකත්වය ගැනත් කියමුද?
මම නීල පබළු ටෙලිනාට්‍යයේ චරිතයක් සඳහා සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ මගේ දෙවෙනි ටෙලිනාට්‍යය. මගේ මුල්ම ටෙලිනාටය අහස් මාලිගා. ඒ වගේම කියන්න ඕනේ තව දැවැන්ත නිර්මාණයක් සඳහා සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ ගැන ඉදිරියේදී කියන්නම්.

ගිත්මා මේ දිනවල ජනප්‍රිය අසේනිගේ චරිතෙ නිසා නේද
ටී. වී. දෙරණ නාළිකාවේ විකාශය වන ‘සංගීතේ’ ටෙලි නාට්‍යය එය මගේ තුන්වැනි ටෙලි නාට්‍යය. මෙම ටෙලි නාට්‍යය මගේ ජීවිතේට ලොකු විශේෂත්වයක් ගෙනාවා. ඇත්තටම අහස් මාලිගා, නීල පබලු කියන ටෙලි නාට්‍ය දෙකේම මම රංගනයෙන් දායක වුණේ සාමාන්‍ය චරිතයන්වලට වුණත් මම ප්‍රධාන චරිතයකින් ප්‍රේක්ෂකයන් අතරට එන මුල්ම ටෙලි නාට්‍යය වෙන්නේ සංගීතේ ටෙලි නාට්‍යයේ අසේනිගේ චරිතය. ඇත්තටම ගොඩක් සතුටුයි ඒ පිළිබඳව.

ගීත්මා බණ්ඩාර ක්ෂේත්‍රයට මුලින්ම අවතීර්ණ වෙන්නේ වෙළඳ දැන්වීම් හරහා. ඒ ගැනත් කියමු.
ඔව්, මම මේ වෙන විට වෙළඳ දැන්වීම් 28කට විතර දායක වෙලා තියෙනවා. ඒ වගේම මේ දිනවල විකාශය වන මැගී සුප් වෙළඳ දැන්වීම ගැනත් මතක් කරන්න කැමතියි. මගේ මුල්ම වෙළඳ දැන්වීම තමයි මැලිබන් ක්‍රීම් ක්‍රැකර් පෙත්තප්පු වෙළඳ දැන්වීම. ඒක තවමත් විකාශය වෙනවා.

ඔබ නිරූපණයටද රංගනයටද වැඩිපුරම කැමති කියලා ඇහුවොත්?
මම වැඩිපුරම කැමති රංගනයට. මම කොහෙත්ම නිරූපණ ශිල්පිනියක් වෙන්නේ නැහැ. මගේ ආදරණීය රසික රසිකාවියන්ට මාව ඉදිරියටත් රංගන ශිල්පිනියක් ලෙස දැකගන්න පුළුවන්.

ගීත්මාගේ සිනමා දායකත්වය ගැනත් කියමුද?
මේ වසරේ එක් සිනමා නිර්මාණයක රූගත කිරීම්වලට දින ලබා දී තිබෙනවා. ඒ කටයුතුවලට සම්බන්ධ වෙනවා ඉදිරි දිනවලදී.

වර්තමානයේ රංගන ක්ෂේත්‍රය සහ නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳව මිනිස්සු කතා වෙන්නේ වෙනස් විදියට ඔබ ඒකට හේතුව ලෙස දකින්නේ කුමක්ද?
නොගැළපෙන අය මේ කේෂේත්‍රයන්ට සම්බන්ධ වීම නිසා මේ කේෂත්‍ර දෙකටම හානියක් වෙලා තිබෙනවා. කේෂ්ත්‍රය ගැන වටිනාකමක් දන්නේ නැති, ක්ෂේත්‍රයෙන් මුදල් ඉපැයීම් පමණක් අරමුණු කරගන්නා අය ක්ෂේත්‍රයට එකතු වුණාම තමයි ඕනෑම ක්ෂේත්‍රයක් පිරිහීමට ලක්වෙන්නේ.

මේ. ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්නද ගීත්මාගේ බලාපොරොත්තුව
මම තවමත් අධ්‍යාපනය හදාරනවා. ඉතින් අධ්‍යාපනය හදාරලා උගත් රංගන ශිල්පිනියක් වෙන්න තමයි බලාපොරොත්තුව.

ගීත්මාගේ ඉදිරි කලා කටයුතු ගැනත් අපි කියමු?
මට අලුත් ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයට ආරාධනා ලැබුණා. ඉදිරියේදී විකාශය වීමට නියමිත වෙළඳ දැන්වීම් රැසක්ද තිබෙනවා. ඒ වගේම මේ දිනවල නීල පබළු රූගත කිරීම්වලටත් සම්බන්ධ වෙලා ඉන්නවා. මගේ අධ්‍යාපන කටයුතුත් කරගෙන කලා වැඩකටයුතුත් කරගෙන ඉදිරියට යනවා.

ඔබට මේ තැනට එන්න උදව් කරපු පිරිසකුත් ඇති?
ඔව්, නම් වශයෙන් නම් කියන්න ගියොත් ලොකු පිරිසක් ඉන්නවා. මට හිනාවකින් හරි වචනෙකින් හරි උදව් කළ හැමෝටම මම ස්තුති කරනවා. ඒ වගේම මගේ ජයග්‍රහණය පිටුපස සිටි හැම කෙනෙක්ටම මේ මොහොතේ ස්තුති කරනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ මගේ ආදරණීය පවුලේ හැමදෙනාව සහ හිරු ටී.වී. නාලිකාවේ හැමදෙනාවත්. ඒ හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි.

මේධාවි ජයතිලක.





















No comments