Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ජනාධිපතිවරණයක් ජයගන්න සුළු ජාතීන්ගේ ඡන්ද අත්‍යාවශ්‍යම නෑ.

ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව තමන් විශ්වාසයකින් පසුවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියි. NewsIn Asia සමඟ සිදුක...

ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව තමන් විශ්වාසයකින් පසුවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියි.

NewsIn Asia සමඟ සිදුකරනු ලැබූ සම්මුඛ සාකච්ඡාවකදී ඒ මහතා මෙම කරුණු දැක්වීම් සිදුකරනු ලැබීය.

තමන් වෙනස් මතධාරී දේෂපාලන චරිතයක් වන අතර ලංකාවේ ජනතාවට අවශ්‍ය වී ඇත්තේ නව මතධාරී නායකයෙක් බවත් ජනතා ඡන්දයම ඉලක්ක කර ගනිමින් කටයුතු කරන සම්ප්‍රදායික දේශපාකයන්ගෙන් ජනතාව හෙම්බත් වී සිටින බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

තමා සතුව ඇති කිසිදු ජන වර්ගයකට පක්ෂපාතී නොවූ හා ආර්ථික සංවර්ධන උදෙසා වූ න්‍යායපත්‍රයන්ට සුළු ජාතීන්ගේ ඡන්දද ආකර්ෂණය කර ගත හැකි අතර කෙසේවුවද, ජනාධිපතිවරණයක් දිනාගැනීමට සුළු ජාතීන්ගේ ඡන්ද ලබා ගැනීම අත්‍යාවශ්‍යම කරුණක් නොවන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර ඇත.

2010 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ඊට හොඳම උදාහරණය බව ඔහු සඳහන් කර සිටියි.

ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව කරුණු විමසීමේදී ඒ මහතා සඳහන් කරන්නේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා මේ වන විට තමන් කටයුතු කරමින් සිටින බවය.

යුද්ධයෙන් පසුව ප්‍රමාණවත් තරම් මූල්‍ය ප්‍රතිපාදන නොමැතිනමින් රටේ සංවර්ධන කාර්යයන් සඳහා විදේශ ණය ලබා ගැනීමට සිදුවූ නමුත් ඇතැමුන් චෝදනා කරන තරම් ණය උඟුලක පැටලී නොසිටි බවත් ඔහු සඳහන් කර සිටියි.

හමුදාව විසින් නැවත පදිංචි කිරීම සඳහා උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කිරීම පිළිබඳව අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ ලාංකිකයන්ට තමන්ගේ වැදගත්ම අයිතිවාසිකම එමඟින් නැවත හිමිවෙමින් පවතින බවයි.

රටේ සෑම ක්ෂේත්‍රයක්ම සංවර්ධනය වේ නම් සහ රට තුළ සමබර ආර්ථිකයක් පවතියිනම් ලංකාවේ අගමැති ලෙස දෙමළ ජාතිකයකුට වුවද පත්විය හැකිබව ඔහු සඳහන් කර සිටියි.

ද්‍රවිඩ දේශපාලන පක්ෂ වලට දෙමළ ජනයාගේ අවශ්‍යතා වටහාගත නොහැකි අතර එම ජනතාවගේ දියුණුව උදෙසා කටයුතු කිරීමට ඔවුන්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද ඔහු සඳහන් කර සිටියි.

එක්සත් ජාතික පක්ෂ රජය විසින් මෙතෙක් කිසිදු සාර්ථකත්වයක් ලබා ගෙන නොමැති අතර යහපාලනය අසාර්ථක වී තිබීම තමාට වාසි සහගත ලෙස බලපාන බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියි.

දූෂිතයන්ට දඬුවම් කිරීමට එක්සත් ජාතික පක්ෂය පොරොන්දු වී තිබුණද ඔවුන් සිදුකරනු ලබන්නේ ප්‍රතිවාදී දේශපාලඥයින්ට එරෙහිව පළිගැනීමක් බව ද ඔහු ප්‍රකාශ කර සිටියි.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පවතින පරස්පර දේශපාලන මත හේතුවෙන් අස්ථාවර ආණ්ඩුවක් බිහි වී ඇති බවත් මෙම තත්ත්වය දේශීය හා විදේශීය ආයෝජනවලට අහිතකර ලෙස බලපානු ඇති බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

විධායක ජනාධිපති ධූරය ඉවත් කිරීමට පෙර සමානුපාතික මැතිවරණ ක්‍රමය අහෝසි කළ යුතු බව ද ඔහු විසින් අවධාරණය කර සිටියි.

දුර්වල පාර්ලිමේන්තුවක් හා නාමික ජනාධිපති ධූරයක් එකට පැවතිය නොහැකි බව ඔහු වැඩිදුරටත් කරුණු දක්වමින් මෙම සාකච්ඡාවේදී සඳහන් කර සිටියි.

No comments