Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ලාල් කාන්ත අත්අඩංගුවට

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි. ලාල්කාන්ත මහතා අද (01) දහවල් සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය මගින් අත්අඩං...

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි. ලාල්කාන්ත මහතා අද (01) දහවල් සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ බීමතින් රිය පදවා අනතුර සිදු කිරීමේ චෝදනාව මත කේ.ඩි. ලාල්කාන්ත මහතා අත්අඩංගුවට ගත් බවයි.

අද දහවල් 2.45ට පමණ අනුරාධපුර කුරුණෑගල මාර්ගයේ බන්ධනාගාරය අසල දි මෙම අනතුර සිදු ව ඇත.

එම අවස්ථාවේදි කැබ් රථය පැදවු කේ.ඩි. ලාල්කාන්ත මහතා බීමතින් සිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඔහු පැදවු කැබ් රථය යතුරු පැදියක ගැටි ඇති අතර එම අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

No comments