Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

රියැලිටි ගුටිකෙළියෙදී වෙච්චි දේ ගැන රූකාන්තයි තිවංකයි කියන කතා

මොකද්ද මේ හිරු ස්ටාර් තරගකරුවෙක් නිසා ඔබට මුහුණපාන්න වුණා කියන සිද්ධිය? හිරු ස්ටාර් තරගය පවත්වන තැන එළියේදී ඒ කියන්නේ බොරලැස්ගමුවේදී යම් ...

මොකද්ද මේ හිරු ස්ටාර් තරගකරුවෙක් නිසා ඔබට මුහුණපාන්න වුණා කියන සිද්ධිය?
හිරු ස්ටාර් තරගය පවත්වන තැන එළියේදී ඒ කියන්නේ බොරලැස්ගමුවේදී යම් පිරිසක් මගේ වාහනයට ගගහා වීදුරු කඩන්න උත්සාහ කළා. තරගයේ හිටපු තරගකරුවෙක්ගේ මාමා කෙනෙක් ඇතුළු පිරිසක් තමයි මාව වටකරගෙන හූ කියන්න ගත්තේ. එතැන ගොඩක් සෙනඟ හිටියා. ඒ අතරේ තමයි මේ අදාළ පිරිස මාව වටකරගෙන අරියාදු කළේ. ඔය තරගකරුවාගේ අම්මා සුජාන් කියන අනෙක් තරගකරුගේ අම්මටත් ගහලා. ඔහුගේ යාළුවෙක්ගේ නංගී කෙනෙක් තල්ලු කරලා. ඒ ළමයාගේ අයියටත් ගහලා. ඒ වගේ නපුරුකම් ගොඩක් ඔවුන් කරලා තියෙනවා. පරාජය භාර ගන්නේ නැතිව ඒ වගේ නපුරුකම් තමයි ඔවුන් කරලා තියෙන්නේ.

ඒ තරගකරුවත් ඔය පහරදීම් කරන තැන හිටියද?
නැහැ. ඔහු හිටියේ නැහැ. ඔහු කිසි දෙයක් දන්නේ නෑ වගේ ඇතුළට වෙලා ඉඳලා තියෙන්නේ. ඔය කෙනා නිරෝෂාගේ කණ්ඩායමේ කෙනෙක්. ඒ මිනිස්සුන්ට අති දක්ෂ තරු ලකුණු පේනවා වගේ කියද්දී ඒ මිනිස්සු ඕනවට වඩා පිම්බෙනවා. ඕනවට වඩා කිසිම කෙනෙක් පුම්බන්න හොඳ නැහැ. එහෙම පිම්බුණු අය තමයි ඔය වගේ දේවල් බලාපොරොත්තු තියාගෙන ප්‍රශ්න ඇති කරන්නේ.

මේ සිද්ධියෙන් ඔබේ වාහනයට හානි වුණාද?
මම වාහනයට නඟිද්දී ඔවුන් ගල්වලින් ගැහුවා. වාහනයට පොඩි පොඩි දේවල් වෙලා තියෙනවා.

ඔවුන් ඒ වගේ හැසිරෙන්නත් හේතුවක් ඇති නේද?
ඔය කියන තරගකරුවා ඉදිරියට ඕන කියලා තමයි ඔවුන් කෑ ගගහා කිව්වේ. ඒ තරගකරුවාගේ මාමා ඇවිත් මට ඇඟිල්ල දික් කර කර මට පාරක් ගහන්න හදද්දී මම ඔහුගේ අත අල්ලා ගත්තා. මම කිසිම දෙයකට බය වුණේ නැහැ.

මේ ගැන ඔබ පොලිසියට පැමිණිලි කළාද?
පැමිණිල්ලක් දාන්න වුණා. මොකද මතු ආරක්ෂාව වෙනුවෙන් ඒ වගේ පියවරක් ගන්න වෙනවා. ඒ පරීක්ෂණ කෙරීගෙන යනවා. මම ටිකක් කාර්යබහුල වුණු නිසා ඒ දේවල් ගැන හොයන්න බැරිවුණා. ඒත් ඉදිරියේදීත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.

මේ වගේ ක්‍රියාවන් සිදු වෙද්දී ප්‍රවීණයෙක් හැටියට ඔබට මොකද හිතෙන්නේ?
මම මේ වගේ දෙයකට මුහුණදුන්න පළමු අවස්ථාව මේක. මේ වගේ දේවල් වෙන එක ලොකු පිරිහීමක්. කලා ක්ෂේත්‍රයට වැදගත් මහත්වරු එන්න ඕන. මේ වගේ පොඩි පොඩි දේවල්වලට ෆයිට් කරන අය නෙවෙයි තමන්ගේ හැකියාවෙන් තමයි ෆයිට් කරන්න ඕන. හොඳ සින්දු තෝරාගෙන පැහැදිලි වචන උච්චාරණයත් නිවැරැදි උච්චාරණයත් තිබුණා නම් හොඳ ඉදිරිපත් කිරීම් කළා නම් ඉස්සරහට යන්න පුළුවන්. ඔය සිද්ධියට අදාළ තරගකරුවාගේ අදාළ තරගයේ එදා ඉදිරිපත් කිරීම බැලුවා නම් තේරෙයි වැරැදි ගොඩක් ගායනයේ සිද්ධ වුණා කියන දේ.

මේ වගේ ප්‍රශ්න සිදු වෙද්දී ඉදිරියේදී ඔබ රියැලිටි තරගවල විනිශ්චය මණ්ඩලයට එකතු වෙන එකක් නැද්ද?
මෙහෙම සිද්ධියක් වුණාට අනෙක් තරගවලට මම එකතු වෙන්නේ නෑ කියලා තීරණය කරලා නැහැ. මගේ වැඩකටයුතුත් එක්ක සමබර කරගෙන යන්න පුළුවන් වුණොත් මම විනිශ්චය පුටුවක වාඩි වෙයි. නමුත් ඒක තාම හිතලා නැහැ.

ඔබ දැන් දේශපාලන කටයුතු එක්කත් කාර්යබහුල වෙලා නේද?
ඔව් ගොඩක් කාර්යබහුලයි. දේශපාලන කටයුතු නිසා මට දුර යන්න එන්න වෙනවා.

දේශපාලනයට ගෑවෙන්න හිතුවේ?
මම දේශපාලනයට උදවු කළේ 1994 ඉඳන්. මට ඒ නිසා ප්‍රශ්න ගොඩක් ඇවිත් තියෙනවා. අපේ ගෙවල්වලට ඇවිත් පිස්තෝල ඔළුවට තියලා රත්තරන් බඩු කඩාගෙන, කොණ්ඩ කපලා දේශපාලන වේදිකාව තහනම් කියලා මටයි චන්ද්‍රලේඛාටයි දෙන්නටම තර්ජනය කළා ඒ කාලේ. ඒත් මම ඒ දේවල් අතහැරියේ නෑ. එහෙම අතහරින්න බෑනේ. බලෙන් කිව්වොත් මම කොහොමත් ඒ දේවල් අතහරින්නේ නෑ. ආදරෙන් කිව්වා නම් සමහර විට ඒ දේවල් අතහරින්න තිබ්බා.

රූකාන්ත ගුණතිලක පැමිණිල්ලක් දාලා තියෙනවා ඔහුට සහ ඔහුගේ වාහනයට යම් පිරිසක් පහර දුන්නා කියලා. එයට සම්බන්ධ වුණේ ඔබේ පවුලේ උදවිය කියලයි කියැවුණේ?
ඔය සිද්ධිය ගැන මම දැක්ක දෙයක් නැහැ. මම හිරු ස්ටාර් ස්ටුඩියෝ එක ඇතුළේ හිටියේ. කවුරු ගැහුවද කියලා මම දන්නේ නැහැ. අපේ පැත්තේ පිරිසක් සහ තව පැත්තක පිරිසක් ගහගෙනද කියන්න මම දන්නෙත් නෑ. මම දන්නේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා විතරයි.

ඔබේ මාමා කෙනෙක් සහ ඔබේ මව මේ සිද්ධියේදී කලහ කළා කියලා රූකාන්ත ගුණතිලක කියනවා. අම්මා හෝ මාමා ඒ සිද්ධියට මැදිහත් වුණා කියලා ඔබ දැනන් හිටියෙත් නැද්ද?
නැහැ. මම කොහෙත්ම ඒ ගැන දැනගෙන හිටියේ නැහැ.

මේ සිද්ධිය වෙන වෙලාවේ ඔබ කොහෙද හිටියේ?
මම හිටියේ හිරු ස්ටාර් වේදිකාවේ. මමයි අමිල කාවින්දයි තමයි හිරු ස්ටුඩියෝව ඇතුළේ හිටියේ. ඊට පස්සේ උද්දික අයියා ඇවිත් කිව්වා එළියේ ලොකු ප්‍රශ්නයක් කියලා. මම එළියට යන්න හැදුවට මට යන්න හම්බවෙන්නේ නැහැ. එතැන හිටපු අය මට එළියට යන්න දුන්නේ නෑ. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒත් වුණේ මොනවද කියලා කිසිම දෙයක් මම හරියට දන්නේ නැහැ.

පවුලේ අයගෙන්වත් අහලා බැලුවේ නැද්ද එතැන මොනවද සිද්ධ වුණේ කියලා?
පවුලේ අයගෙන් අහද්දී එයාලා කිව්වේ වෙන දෙගොල්ලක් ගහගත්තේ කියලා.

හැබැයි රූකාන්ත ගුණතිලක කියනවා එතැන හිටපු අය කෑ ගැහුවේ ඔයාව ඉදිරියට ගෙනියන්න ඕනේ කියලාලු?
මගේ පිරිසමද එතැන හිටියේ කියන්න බෑ. ෆේස්බුක් පේජ්වල දාලා තියෙනවා සුජාන්ලා අපි ගහගත්තා කියලා. එහෙම දෙයක් කරන්න ඕනේ නෑ. මාව ඉස්සරහට ගෙනියන්න කියලා රණ්ඩු වුණු මනුස්සයෝ මට ආදරය කරන නිසා එහෙම කළාද දන්නේ නෑ. මමත් කලාකරුවෙක්. රූකාන්ත සර් දෙවි කෙනෙක් වගේ. ඒ වගේ මනුස්සයෙක්ට ප්‍රශ්නයක් ඇති කරන්න ජීවිතයට හිතන්නේ නැහැ. මට ආදරය කරන අය මොනවා හරි කළත් එතැන ගොඩක් පිරිසක් ඇවිත් හිටියනේ. ඒ අය කාගේ කවුද කියලා කවුරුත් දන්නේ නැහැ. එතැන හිටපු අය බීලා හිටියලු. ප්‍රශ්න ඇති වුණේ කොහොමද කියලාවත් මම හරියට දන්නේ නැහැ. මගේ පැත්තෙන් කිසි දෙයක් වෙන්න විදියක් නෑ. මගේ අතින් වරදක් වෙලත් නැහැ.

ඔබ අතින් නොවුණට පවුලේ අයගෙන්වත් වරදක් වෙන්න ඇති?
පවුලේ අය අතින්වත් වරදක් වුණේ නැහැ කියලා මම කියනවා.

තිවංකට හිරු ස්ටාර් අවසන් තරගයට එකතු වෙන්න ලැබෙන්නේ නැහැ. තරගයෙන් ඉවත් වෙන්න සිදුවීම දුකක් වෙන්න ඇති?
ඇත්තටම දුකක් නැහැ. වැඩිම ජනතාවක් ඉන්න මට හිරු ස්ටාර් තරගයෙන් අයින් වෙන්න වුණේ මොකද කියලත් මම දන්නේ නැහැ.

ඔය තරගයට මනාප පළ කරන්න තිබ්වේ ඇප් එකකින්. තිවංක දිල්ෂාන්ට තරම් මේ වෙනකල් ෆේස්බුක් ලයික් නැහැ හිරු ස්ටාර් අවසන් හතර දෙනා අතරට තේරුණ කාටවත්. යූ ටියුබ් ඍඪඥඹඵ මට තරම් ඒ හතර දෙනාගෙන් කාටවත් නැහැ. ෆේස්බුක් දාන ෆොටෝ එකකට එකොළොස්දාහක් විතර ලයික් තියෙන්නේ හිරු ස්ටාර් වේදිකාවේ මට විතරයි. ඒක මට ලොකු හයියක්. ඒ තරම් ජනතාව මට ආදරය කරනවා. එහෙම ලයික් කරන මට මනාප දෙන්න බැරි ඇයි කියලා මම ගොඩක් හිතනවා. මට දුකක් නැත්තේ හිරු ස්ටාර් වේදිකාව තමයි තිවංක දිල්ෂාන් කියන මාව මේ තැනට ගන්නේ. මාව හදන්නේ ඒ අය. හිරු ස්ටාර් වේදිකාවේදී අවසන් දවසේ මට ජනතාවට ස්තුති කරන්නවත් ලැබෙන්නේ නැහැ. කාර්මික දෝෂයකින් හරි මයික් එක වැඩ නොකරපු නිසා. හිරු ස්ටාර් වේදිකාවට මම ආදරෙයි. ලොකු ප්‍රශ්නයකට තියෙන්නේ මනාප බ්ලොක් වෙච්ච කතාව. ඒවා කොහොම වුණාද දන්නේ නැහැ.

ඔබට ආදරය කරන කොයි තරම් පිරිසක් හිටියත් අදාළ දවසේ කළ ඉදිරිපත් කිරීම අනුව මනාප වෙනස් වෙන්න පුළුවන්. ඒක ඔබ පිළිගන්නේ නැද්ද?
මම ඒක අනිවාර්යයෙන්ම පිළිගන්නවා. නමුත් ජනතාව වැඩි කැමැත්තක් තියෙන්නේ මට කියලා දැනටත් ඔප්පු වෙනවා. මට ජනතා මනාප මදි කියන එක මම පිළිගන්නේ නැහැ.

ඔබ එය පිළිගන්නේ නෑ වගේ එය පිළිනොගන්න ඔබේ පිරිස විනිශ්චය මණ්ඩලයේ හිටපු රූකාන්ත ගුණතිලකට බලපෑම් කළා වෙන්න බැරිද?
නැහැ. ජනතා මනාප ගැන දන්නේ මම විතරයි. ජනතා මනාපය ගැන හිරු නාළිකාවට කරන්න දෙයක් නැහැ. ඇප් එක බ්ලොක් වුණා නම් ඒක කොහොමද සිද්ධ වුණේ කියලා අපිට කියන්න බැහැ. ඒක අපි කාටවත් කියන්න යන්න ඕනේ නැහැ. ජනතා මනාපය මට තියෙනවා කියලා ඇස් දෙකට පේන්න තියෙනවා.

සුජාන්ගේ පවුලේ අයටත් ඔබේ පවුලේ අය පහර දුන්නා කියලා දැනගන්න ලැබුණා?
පවුලේ අය අතින් එහෙම දෙයක් වෙලා නැහැ. ඒක කොහොම වෙලාද කියලත් මම දන්නේ නෑ. අම්මල තාත්තලට කොල්ලොත් එක්ක ගහගන්න බෑනේ. ඔතන අපේ පිරිස විතරක් නෙවෙයි බොහෝ පිරිසක් හිටියා. අපේ අයද සුජාන්ගේ අයද කියලා මුහුණු බලලා හඳුනාගන්න බෑනේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ඔබෙන් කටඋත්තරයක් ලබා ගන්න ඇති?
කටඋත්තරයක් ගත්තා. මම දන්නේ නෑ. ඒ සිද්ධියට සම්බන්ධ වුණේ කාගේ පිරිසක්ද කියලත් කටඋත්තරය ගත්තා. එතැනින් එහා කිසි දෙයක් මම දන්නේ නැහැ.

ඔබ තරගයෙන් ඉවත් වෙලා. තරගයේ ඉතිරි වෙලා ඉන්න හතර දෙනා ගැන ඔබට සතුටු වෙන්න බැරිද?
ඒ හතර දෙනා ගැන ගොඩක් සතුටු වෙනවා. ඒ හතර දෙනාට හදවතින්ම සුබ පතනවා. අමිල කාවින්ද මගේ සහෝදරයා වගේ. ඩෙනෙක්ස් මංගල ඇතුළු හැමෝටම හොඳින් ඉදිරියට යන්න කියලා මම සුබ පතනවා.

ඔබේ ගායන ජීවිතයේ ගමන නතර කළාද? නැත්නම් ගායන ජීවිතයේ භූමිකාව වැඩි දියුණු වෙයිද?
මගේ ගමන නතර කළේ නැහැ. මං වෙනුවෙන් බොහෝ පිරිසක් බලාගෙන ඉන්නවා. තිවංක දිල්ෂාන් කියන මාව හැදුවේ ජනතාව. මම ජනතාව අත්හරින්නෙත් නැහැ.

ජනතාව මාව අත්හරින්නෙත් නැහැ. ඒක මම විශ්වාස කරනවා. ඉදිරියේදී මගේ අලුත් ගීතයක් කරන්නත් බලාගෙන ඉන්නවා. මම මහා සල්ලිකාරයෙක් නෙවෙයි. මම හරිම දුප්පත්. මගේ අම්මා, තාත්තා, අයියා මට මේ තැනට එන්න ගොඩක් උදවු කළා. ජනතාවත් මට ගොඩක් උදවු කළා. මට ආදරය කළ ජනතාව වෙනුවෙන් ඉදිරියේදී හොඳ දෙයක් කරන්න මම බලාගෙන ඉන්නවා.

No comments