Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පෞද්ගලික අංශයට අලුත් නීති – පැය 08, 12ක් කරයි

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමේ යෝජනා රැසක් ඇතුළත් නව පනත් කෙටුම්පතක් ගෙන ඒමට රජය සැලසුම් කර තිබෙනවා. ‘රැකියා සහ සේ...

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමේ යෝජනා රැසක් ඇතුළත් නව පනත් කෙටුම්පතක් ගෙන ඒමට රජය සැලසුම් කර තිබෙනවා.

‘රැකියා සහ සේවා සැපයුම් කොන්ත්‍රාත් සතු අයිතිවාසිකම් පනත’ යනුවෙන් නම් කර ඇති මෙම පනත මගින් දැනට බලාත්මක කම්කරු නීති පනත් 53ක්ම අහෝසි වන අතර, ඒ වෙනුවට හාම්පුතුන්ට වාසිදායක ලෙස අලුත් නීති ඇතුළත් වනු ඇති බව සඳහන්.

පඩි පාලක සමාගම් පනත, සාප්පු හා කාර්යාල පනත මෙම අලුත් පණත් කෙටුම්පත මගින් අහෝසි වනවා.

ඒ අනුව සේවක වැටුප් තීරණය කිරීම, මාසික වැටුප් ගණනය කිරීම, මෙන්ම පෞද්ගලික අංශයට හිමි නිවාඩු පාලනය කිරීම ආදිය සම්බන්ධයෙන් බලතල හාම්පුතුන්ට හිමි වනු ඇති.

දැනට සකස් කර ඇති නව පනතට අනුව පෞද්ගලික අංශයට හිමිවීමට නියමිත වන්නේ ‍පොහොය නිවාඩුව පමණයි.

සිංහල හා හින්දු අලුත් අවුරුදු නිවාඩුව, නත්තල් නිවාඩුව ආදී නිවාඩු ලබාදෙන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමේ බලය හාම්පුතුන් සතු වනු ඇති.

වෙළෙඳ නිවාඩු අදාළ නොවන අතර වැඩ කරන පැය ගණන පැය 08 සිට පැය 12 දක්වා දීර්ඝ කර තිබෙනවා.

සේවක සේවිකාවන් 15කට වැඩි පිරිසක් සිටින සේවා ස්ථානවල පාරිතෝෂික ගෙවීමට පාලනාධිකාරියට පනවා තිබූ නීතියද සංශෝධනය කර ඇති අතර, ඒ වෙනුවට සේවකයන් 50ක් හෝ ඊට වැඩි නම් පමණක් සේවකයන්ට පාරිතෝෂික ගෙවිය යුතු බව සඳහන්.

‘රැකියා සහ සේවා සැපයුම් කොන්ත්‍රාත් සතු අයිතිවාසිකම් පනත’ ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ලේ හා ලෝක බැංකුවේ ණය ලබා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරන්නක් බවද පැවසෙනවා.

උපුටා ගැනීම – ලක්බිම පුවත්පත

No comments