Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

YouTube තරු දෙකක් මරා ගනී

පසුගිය දිනක බර්ලිනයේ පැවති තරඟකාරි YouTube තරු දෙකක් විසින් සංවිධානය කරන ලද කැරැල්ලක් මර්දනයට එරට පොලිස් නිලධාරීන් 100කට අධික පිරිසක් යො...

පසුගිය දිනක බර්ලිනයේ පැවති තරඟකාරි YouTube තරු දෙකක් විසින් සංවිධානය කරන ලද කැරැල්ලක් මර්දනයට එරට පොලිස් නිලධාරීන් 100කට අධික පිරිසක් යොදවා තිබූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Berlin සහ Stuttgart නගර දෙකේ සිටින තරඟකාරී YouTube තරු දෙකක් අතර හටගත් මතභේදයක් දුරදිග යාම ප්‍රධාන වශයෙන් මෙම විරෝධතාවයට හේතු වී තිබුනා.

පසුගිය බ්‍රහස්පතින්දා හවස ජර්මනියේ අගනගරය වූ බර්ලින් නුවර පිහිටි Alexanderplatz චතුරශ්‍රය වටා එක් වූ මෙම විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුමට සම්බන්ධ පුද්ගලයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගත් බවද එරට පොලිසිය පවසනවා.

මෙම මතභේදයට හේතු වූ YouTube තාරකාවන්ගේ ප්‍රේක්ෂකයන් 400කට අධික පිරිසක් මෙම විරෝධතාවට සම්බන්ධවී තිබෙනවා.

විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා ශබ්ද වාහිනී යන්ත්‍ර මගින් කෙතරම් නියෝග නිකුත් කලත් ඔවුන් එය නොසලකා හැරීම හේතුවෙන් අවසානයේ පිරිස විසුරුවා යැවීමට කඳුළු ගෑස් සහ ගම්මිරිස් යොදා සාදන ලද ඉසිනයන් යොදාගත් බව පොලිසිය පවසනවා.

මෙම ගැටුමේදී එරට පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුම තුවාල ලබා තිබෙන බවද සඳහන්.

No comments