Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මියගිය 4කගේ සිරුරු සයින්දමර්දු ප්‍රදේශයෙන් හමුවෙයි

මරාගෙන මැරෙණ බෝම්බකරුවන්ගේ බවට සැක කෙරෙන සිව් දෙනකුගේ සිරුරු සයින්දමර්දු ප්‍රදේශයේ පිපිරීම් සිදුවූ ස්ථානයෙන් සොයාගෙන තිබේ. ඊයේ පස්වරුවේ ...

මරාගෙන මැරෙණ බෝම්බකරුවන්ගේ බවට සැක කෙරෙන සිව් දෙනකුගේ සිරුරු සයින්දමර්දු ප්‍රදේශයේ පිපිරීම් සිදුවූ ස්ථානයෙන් සොයාගෙන තිබේ.

ඊයේ පස්වරුවේ පොලිසිය හා විශේෂ කාර්ය බලකාය මරාගෙන මැරෙණ බෝම්බකරුවන් සඳහා බෝම්බ නිෂ්පාදනය කරන ලද ස්ථානය යැයි ලද තොරතුරක් මත සයින්දමර්දු ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී එහි සිටි පිරිසක් පුපුරවා ගැනීමක් සිදුකරගනු ලැබීය. එම අවස්ථාවේදී ආරක්ෂක අංශ වෙත වෙඩි ප්‍රහාරයක්ද එල්ලවී තිබේ.

පිපිරුමෙන් හෝ වෙඩි තැබීම් හේතුවෙන් රජයේ ආරක්ෂක අංශ සාමාජිකයින්ට කිසිදු හානියක් සිදුව නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

No comments