Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කල්මුණේ පිපිරීම සිදුවු ස්ථානයේ තිබී ළමුන් 6කගේ ඇතුළු මළ සිරුරු 15ක් සොයා ගනී

කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ පිපිරීම සිදුවු ස්ථානයේ තිබී පුද්ගල මළ සිරුරු 15 ක් හමුව තිබේ. ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන්...

කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ පිපිරීම සිදුවු ස්ථානයේ තිබී පුද්ගල මළ සිරුරු 15 ක් හමුව තිබේ.

‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ, සයින්දමර්දු ප්‍රදේශයේ නිවසක සහ ඒ අවට තිබී මෙම මළ සිරුරු සොයා ගෙන ඇති බවයි.

පිපිරීම සිදුවු බවට සැක කරන නිවස තුළ තිබී කාන්තා මළ සිරුරු 3ක්, පිරිමි මළ සිරුරු 3ක් හා කුඩා දරුවන්ගේ මළ සිරුරු 6ක් හමු වී තිබේ.

නිවසින් පිටත ප්‍රදේශයේ තිබී තවත් පිරිමි මළ සිරුරු 3ක් ‍සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

නිවසින් පිටත සිටි තුවාල ලැබු තවත් කුඩා දරුවෙක් හා කාන්තාවක් රෝහල් ගත කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

මෙම මළ සිරුරු මරාගෙන මැරෙන බෝමබකරුවන්ගේ බවට සැකකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටී.

පොලිස් විශේෂ කාර්යය බලකාය ඊයේ පස්වරුවේ සයින්දමර්දු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී වෙඩි හුවමාරුවක් සිදුවිය.

පොලීසිය පැවසුවේ එහිදි පිපිරීමක් හෝ පිපිරීම් කිහිපයක් සිදුව ඇති බවට වාර්තා වන බවයි.

පසුගියදා මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ සංවිධානයට සම්බන්ධ පිරිසක් අම්පාර කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ පස්වරුවේ එහි සෝදිසි මෙහෙයුමක් දියත් කළේය.

එම සෝදිසි මෙහෙයුම අතරතුරදී ඊයේ පස්වරු 07ට පමණ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ එම පිරිස අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සහායට යුද හමුදාවද එක්ව සිටි අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එම අවස්ථාවේ පිපිරීමක් හෝ පිපිරීම් කිහිපයක් සිදුව ඇති බවට වාර්තා වන බවයි.

වෙඩි හුවමාරුවෙන් පසුව කල්මුණේ, චාවලකඩේ සහ සමන්තුරේ යන ප්‍රදේශවලට පැනවූ ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

No comments