Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

රාජ්‍ය සේවයකයන් භාගයක්ම සේවයට පැමිණ නෑ

රටතුළ ඇතිවී තිබෙන අනාරක්‍ෂිත තත්ත්වය හේතුවෙන් රාජ්‍ය සේවකයන්ගෙන් 50%ක් හෝ ගෙවීගිය දින හතරක තුළ සේවයට වාර්තා කර නොමැති බව රාජ්‍ය පළාත් රාජ්...

රටතුළ ඇතිවී තිබෙන අනාරක්‍ෂිත තත්ත්වය හේතුවෙන් රාජ්‍ය සේවකයන්ගෙන් 50%ක් හෝ ගෙවීගිය දින හතරක තුළ සේවයට වාර්තා කර නොමැති බව රාජ්‍ය පළාත් රාජ්‍ය රජයේ වෘත්තීය සමිතිය සඳහන් කරයි.

සේවයට වාර්තා කළ බහුතර රාජ්‍ය සේවකයන්ට පවා නියමි තවේලාවට රාජකාරියට වාර්තා කිරීමට නොහැකිවී තිබෙන බවත්,පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන රාජකාරි වේලාව අවසන් වීමට පෙර බොහෝ පිරිසකට සේවා ස්ථානයෙන් පිටත්වගොස් තිබෙන බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් සේවයට වාර්තාකළ අති බහුතරයකට වරුවක නිවාඩුවක් දැමීමට සිදුව තිබෙන බවත්, එම තත්ත්වය සැලකිල්ලටගෙන සමස්ත රාජ්‍ය සේවකයාටම සාධාරණයක් ඉටුවන ආකාරයට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස අද (25දා) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ලිඛිතව ඉල්ලා සිටි බවත් ඒ මහතා පැවසීය.

No comments