Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අගරදගුරුතුමාට කොමාන්ඩෝ ආරක්ෂාව

උද්ගත වී ඇති ආරක්ෂක තර්ජන සැලකිල්ලට ගෙන කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාට කොමාන්ඩෝ ආරක්ෂාව සැපයීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත....

උද්ගත වී ඇති ආරක්ෂක තර්ජන සැලකිල්ලට ගෙන කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාට කොමාන්ඩෝ ආරක්ෂාව සැපයීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙම ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු යුද හමුදාපති ඇතුළු යුද හමුදාවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙතුන් දෙනෙකුට හැර ප්‍රභූවරුන්ට ආරක්ෂාව සැපයීම කොමාන්ඩෝ රෙජිමේන්තුවෙන් ඉවත් කර විශේෂ කාර්ය බළකායට පවරා තිබුණි.

මේ නිසා එතෙක් ජනපති හා අගමැතිවරයාට ලබා දී තිබූ කොමාන්ඩෝ ආරක්ෂාව ඉවත් කර එස්.ටී.එෆ්. ආරක්ෂාව යෙදවූ අතර දිගටම කොමාන්ඩෝ ආරක්ෂාව දුන්නේ හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂට පමණි.

ගිය ඉරිදාවේ උද්ගත වූ තත්ත්වය සැලකිල්ලට ගෙන අගරදගුරුතුමා හා හිටපු ජනපතිවරුන්ටද කොමාන්ඩෝ ආරක්ෂාව දීමට තීරණය කර ඇත. ඊට අමතරව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නිල ඇඳුම ඇඳ උත්සවයට යන අවස්ථාවලදී පමණක් ඔහුට කොමාන්ඩෝ ආරක්ෂාව හිමිව තිබේ.

No comments